BREAKING
Top Ad
බුකිය

ගෝටාගේ ලෝඩර් අලි සබ්‍රිගේ 360 බොරු අංක එක: උවිඳු ගේ සටහනක්

T

The Leader

November 5, 2019 • 8:51 AM

ගෝටාගේ ලෝඩර් අලි සබ්‍රිගේ 360 බොරු අංක එක: උවිඳු ගේ සටහනක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සන්ඩේ ලීඩර් මිග් ගණුදෙණුව ගැන ගෝටාගෙන් සමාව ගැනීම නොහොත් ගෙදර ඇතුලේ සමාව ගැනීම
  • "හරි හරි මම අඩුවට කරල දෙන්නම්," කියල අර මිනිස්සුන්ව ඇත්ත ලෝයර්ල ගාවට ගෙනියනව.
  • ගෙනියල ඉංග්‍රීසියෙන් මොනව හරි කියනව ඇත්ත ලෝයර්ට.
  • ඊට පස්සෙ අර මිනිස්සුන්ට කියනව "මට තව කේස් එකක් තියෙනව, මේ මහත්තය බලාගනියි ඕගොල්ලන්ගෙ වැඩේ," කියල මිනිහ මාරු වෙනව.  පස්සෙ ඇවිත් ඇත්ත ලෝයර්ගෙන් කොමිස් එක ගන්නව.
අකුරු ප්‍රමාණය (Font Size):

මුලින්ම කියන්න ඕනේ ඇයි මේ සබ්‍රිට මම ලෝඩර් කෙනෙක් කියන්නෙ කියල. අපි පොඩි කාලෙ ධර්මරාජේ ගාව ලෝයර්ස්ල ඉන්න දේව වීදියෙ කලු කෝට් දාගෙන අර ලෝයර්ල වගේ ෆයිල් දෙකට නමාගෙන අතේ තියන්න ඉන්න කීප දෙනක් හිටිය. 

ගම්වල මොකුත් නොදන්න අය ලෝයර්ල හොයාගෙන එන කොට මුන් බහිනව ගේමට. "මොකද ප්‍රශ්ණෙ? මොකද ප්‍රශ්ණෙ?," කියල අහනව. "හරි හරි මම අඩුවට කරල දෙන්නම්," කියල අර මිනිස්සුන්ව ඇත්ත ලෝයර්ල ගාවට ගෙනියනව. ගෙනියල ඉංග්‍රීසියෙන් මොනව හරි කියනව ඇත්ත ලෝයර්ට. ඊට පස්සෙ අර මිනිස්සුන්ට කියනව "මට තව කේස් එකක් තියෙනව, මේ මහත්තය බලාගනියි ඕගොල්ලන්ගෙ වැඩේ," කියල මිනිහ මාරු වෙනව. 

පස්සෙ ඇවිත් ඇත්ත ලෝයර්ගෙන් කොමිස් එක ගන්නව. ඒ අයට කියන්නෙ ලෝයර් කියල නෙමෙයි ලෝඩර් කියල. අලි සබ්‍රිත් ඒවගේ. එයා ඊයෙ 360 කියනව "නෑ නෑ ගෝටබය මහත්මයගෙ නඩු ඔක්කොම දෙන්නෙ මට, මම තමා ඒවා සුදුසු ලෝයර්ල බලල දෙන්නෙ," කියල. එක විදියක ලෝඩර් කෙනෙක් නෙ.

දැන් ලීඩර් සමාව ගැනීම. කෙටියෙන් කතාව මේකයි.

ලසන්ත ඉන්න කොට ඒ නඩුවට හිටියෙ රෝමේෂ් ද සිල්වයි අරුල්ප්‍රගාසමයුයි. ලසන්ත මැරුවට පස්සෙ, ලසන්තගෙ මිනියටත් අපිත් එක්ක කර ගහපු රොමේෂ් ද සිල්ව අයින් වෙනව නඩුවෙන් (ඒ කරල දැන් ගෝට වෙනුවෙන් ඉන්නෙ එයා - ඒ වෘත්තීය විශමාචාරය ගැන මම ඒ දවස්වලම ලියල තියෙනව).

කොහොම හරි ලසන්තගෙ සහෝදරය Lal Wickrematunge අලුත් ලෝයර් කෙනෙක්ව හයර් කරනව නඩුවට.

ගෝට එනව ගල්කිස්සෙ උසාවියට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් එක්ක. ඔක්කොම වහලවල්වල තුවක්කු ගත්ත ආමිකාරයො, අනිත් ලෝයස්ලගෙ වාහන මොකුත් ගන්න දුන්නෙත් නැහැ ඇතුලට, ජනමාධ්‍යවේදීන්ට එන්න දුන්නෙත් නැහැ (ඒකත් මම වාර්තා කරල තියෙනව) 

එක පාරටම ලාල් හයර් කරපු ලෝයර්ස්ල නඩුවෙන් ඉවත් වෙනව. ඊට පස්සෙ ලාල් උසාවියෙන් ඉල්ලනව අලුත් ලෝයර්ස්ල හොයා ගන්න ඉඩ දෙන්න කියල, උසාවිය ඒ අනුව ඉඩ දෙනව. Mathiaparanan Abraham Sumanthiran, උපුල් ජයසූරීය, විරාන් කොරයා ඇතුලු 20ක විතර ලෝයර්ල සෙට් එකක් එනව සන්ඩේ ලීඩර් වෙනුවෙන් පෙනී හිටින්න. 

ගෝටගෙ defence.lk වෙබ් සයිට් එකේ අර ලෝයර්ලගෙ ෆොටෝ දාල ගහනව "traitors in black coats" (කලු කෝට් දාගත්ත ද්‍රෝහියෝ) කියල". මට ඒ දවස හොඳට මතකයි මම ඒ වෙලාවෙ ඒ ගැන International Bar Association එකත් එක්ක වැඩ කරල ඒක හෙලා දැකල ප්‍රකාශණයකුත් නිකුත් කරන්න වැඩ කරපු නිසා.

ඒත් ගෝටට විනිසුරු ගුණවර්ධන ඉස්සරහ සාක්කි දෙන්න වෙනව. විනිසුරුතුමා කියනව එයාට මේ මිග් යානා පරීක්‍ෂා කරන්න යන්න ඕනෙ කියල.

ඊ ලඟ උසාවි දවස එනකොට නඩුව එතුමාගෙන් මාරු කරල වෙන උසාවියකට .

සුමන්තිරන් ඒකට විරුද්ධ උනාම කිව්ව, ඒක සාමාන්‍ය මාරු කිරීමක් කියල. සුමන්තිරන්ගේ විරෝධතා නඩු වාර්තාවල තියෙනව. (මා ලඟ මේ ඔක්කොම රෙකෝඩ් තියෙනව, මම මේ නඩුවට මිලියනයක් මීඩීයා ලීගල් ඩිෆෙන්ස් ඉනීශියේටිව් එකෙන් ලීඩර් එකට අරන් දුන්න)

ඊ ළඟට 2010 ජනාධිපතිවරණෙ ඇවිත් මහින්ද දිනනව.

දැන් මොකද වෙන්නෙ ලාල්ට පත්තරේ විකුණල දාන්න වෙනව රාජපක්‍ෂලාටම - ඒක ලසන්ත ඉන්න කාලෙදිත් ලාල්ව ෆයිසර් මුස්තාෆා අරලියගහ මන්දිරේට අරන් ගිහින් "කෙලින්ම කතාවට බහිමු ගාණ කියද කියල" මහින්ද බල කරපු එකේම දිගුවක්. ( මම ඒ ගැන Index On Censorship එකේ මේව වෙන්න කලින්ම ලියල තියෙනව: https://www.indexoncensorship.org/…/remembering-lasantha-w…/

ඉතිං පත්තරේ ගත්තෙ නාමල්ගෙ රගර් කෝච් අසංග සෙනෙවිරත්න.

දැන් ගෝටාබය සමථයක් ඉල්ලනව.

නඩුව දිගින් දිගටම කල් දානව.

මේ අතරෙ අසංක සෙනෙවිරත්න සුමන්තිරන්ගෙ සේවය නතරකරන්න කියල වෙනම නීතීඥ සෙට් එකක් දාගන්නව.

2015 ජනවාරිවල මහින්ද පැරදිල මෛත්‍රීපාල බලයට එනව.

ගෝට ගෝතයෙක් වෙනව කිසි බලයක් නැති.

බිලියන ගානක් වන්දි ඉල්ලපු ගෝට 2015 මාර්තු 8 වෙනිද රාජපක්‍ෂලටම අයිති සන්ඩේ ලීඩර් පත්තරේ නිකන්ම නිකන් "සමාව අයදීමක්" දාගෙන නඩුව ඉවර කරනව.

ඕකයි ඔය මහ ලොකු සමාව ගැනීම. ගෙදර ඇතුලේ සමාව ගැනීමක් ඒ කියන්නෙ!

දැන් ගෝටගෙ ලෝඩර්ට කියන්න පුලුවන්ද ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගිණුම් තබන්නා විදියට ගෝටාබය මිග් ගනුදෙනුවට අදාල ගෙවීම් කරපු සමාගම බෙලිමිස්සා එක ලෝකෙ කොහෙද තියෙන්නෙ කියල??
යුක්‍රේන් ආණ්ඩුවේ සමාගම වෙන යුක්‍රිමෑෂ් එකට ලැබුන ගානයි ලංකාවේ ආන්ඩුවෙන් මිග් යානාවලට ඇත්තටම ගෙවපු ගාණයි අතර වෙනස වෙන ඇමරිකානු ඩොලර් මිලියන 7 කොහේටද ගියෙ කියල??
තව ප්‍රශ්ණ ගොඩක් තියෙනව මේකෙ. පස්සෙ ඒව.''

(කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන් ...)

 උවිඳුගේ තවත් පොස්ටුවක්....

''360 ඇයි ගෝටගෙ සබ්‍රිගෙන් Dr සාෆි ගැනයි, "ගෝටට ඡන්දෙ දුන්නෙ නැත්නම් අම්බානක කන්න වෙයි" කියල මුස්ලිම් අයට කිව්ව එක ඇහැව්වෙ නැත්තෙ''
uvidu

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...