BREAKING
Top Ad
බුකිය

“අඩෝ, මැකෝත් සජියට සපෝට්'' :වැඩේ දෙයි වගේ; -වසන්ත ‌ දේශප්‍රිය

T

The Leader

November 8, 2019 • 12:17 PM

“අඩෝ, මැකෝත් සජියට සපෝට්'' :වැඩේ දෙයි වගේ; -වසන්ත ‌ දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයෙ (06.11.2019) OPA එකේ තිබුනු රැස්වීමක් ඉවර වෙලා අපි ඒකෙම බාර් එකට ගිහින් අඩියක් ගැහුවා. ඒ අතර මමයි පාලිතයි රාජු අයියයි දුම් පරීක්ෂා කාමරයේ ඉන්න කොට තව අම්බලන්ගොඩට සම්බන්ධ කෙනෙකුත් ඇවිත් දුම් පරීක්ෂාව කරන අතරෙදි හඳුනා ගෙන කථා කළා. පෝරඹ හරස් පාරෙ හිටපු ගුරුවරු වුන එයාගේ ඉන්ලෝස්ලා අපේ තාත්තගෙ හොඳ යාළුවො.
  • එයයි රාජු අයියයි රු ලක්ෂයක ඔට්ටුවක් අල්ලන්න ලෑස්ති වුනා තම තමන්ගේ අපේක්ෂකයො දිනන බවට.
  • අළුත හඳුනාගත් අය රුපියල් ලක්ෂයක් ඒ වෙලාවෙම එළියට අරන් ඔට්ටුව ලෑස්තියි, දෙන්නාගෙම සල්ලි 17 දා වෙනකම් මට තියා ගන්න දෙනවයි කිව්වා.
  • අර අළුත හඳුනාගත් අය එයාගේ වෘත්තීය කලහකාරී යාළුවො ටික දුම් කාමරෙන් වහාම පිටත් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


එයානම් කෙලින්ම කිව්වා කාටද එයා ජනපතිවරණයේදී ඡන්දය දෙන්නෙ කියලා. එයයි රාජු අයියයි රු ලක්ෂයක ඔට්ටුවක් අල්ලන්න ලෑස්ති වුනා තම තමන්ගේ අපේක්ෂකයො දිනන බවට. අළුත හඳුනාගත් අය රුපියල් ලක්ෂයක් ඒ වෙලාවෙම එළියට අරන් ඔට්ටුව ලෑස්තියි, දෙන්නාගෙම සල්ලි 17 දා වෙනකම් මට තියා ගන්න දෙනවයි කිව්වා. රාජු අයියා ගාව ඒ වෙලාවෙ සල්ලි නැහැ කියපු නිසා ඔට්ටුව එතනින් නවතින්න යනකොට අළුත හඳුනාගත් අයගෙ තව වෘත්තීය යාළුවො (OPA එකට එන්නෙ වෘත්තීය කට්ටියනෙ) දහයක් විතර දුම් පරීක්ෂා කාමරයට ආවා.

එයින් එක වෘත්තිකයෙක් එක පාරටම “අඩෝ, මැකෝත් සජියට සපෝට්, ඒත් උඹලගේ අර සුනන්ද දේශප්‍රිය කියන ද්‍රෝහියා ආපහු ආවොත් ඌටයි තොපිටයි එකම බෙහෙත දෙන්නෙ” කියලා එක පාරටම අතකුත් දික් කරලා මට කියපි. (අඩෝ කියලම කිව්වෙ නැති වුනාට අඩෝ භාෂාවෙන් තමයි කථා කළෙ). 

ඒ දක්වා දේශපාලනේ කථා නොකරම හිටපු මට ඒ යක්ෂයා එහෙම කිව්වම මල පැන්නා. පාලිත මට කතා කරන්නවත් දුන්නෙ නැහැ. (මම පාලිතට කිව්වෙ නැහැ ඉක්මනට මාව අල්ල ගනින් කියලා:).

අර අළුත හඳුනාගත් අය එයාගේ වෘත්තීය කලහකාරී යාළුවො ටික දුම් කාමරෙන් වහාම පිටත් කළා. එයයි ඉතුරු වුන තව කෙනෙකුයි කීප වරක්ම කිව්වා “ගණන් ගන්න එපා අයියා වෙරි සොරි” කියලා. ඒත් “වැරදි නොවන ගුප්ත” වගේ නමක් තිබුනු අළුත හඳුනාගත් අය එයාගේ කලහකාරී යාළුවා වැරදි වැඩක් කළ බවක් පිළි ගත්තෙ නැහැ. එයා නමෙන් හරි වුනාට එයගේ යාළුවා කළ දේ වැරදියි.

75567419 413893529531420 3412344786458247168 n
ලංකාවෙ වෘත්තිකයොත් දේශපාලනයක් කථා නොකර පැත්තක හිපු මටත් එහෙම තර්ජනය කළා නම් එයාලගේ අපේක්ෂකයා දිනුවොත් 17 දාට හොඳ මල් වෙඩි තියේවි වගේ. අපේ හිච්චි අයියා වගේ නොයෙකුත් මාධ්‍යවල දේශපාලනය ලියන මාධ්‍යවේදීන්ටත් හොඳ සැලකිලි තියේවි, ඒ වගේම ඡන්දය දැමීමෙන් පමණක් දේශපාලනය ප්‍රකාශ කරන අපිටත් ඒ බෙහෙතම තමයි කියලා දුම් කාමරේ හිටපු අපි කාටත් තේරුනා.

ඒ නිසා දැන්මම කියලා ඇමරිකාවට පුරුවැසි ඉල්ලුම් පත්‍රයක්වත් දාන්නයි හදන්නෙ. ඒක කර ගන්නෙ කොහොමද කියලා දන්න කවුරු හරි ඉන්නවා නම් කරුණාකරලා කියනවද?

(වසන්ත ‌ දේශප්‍රියගේ මුහුණූ පොතෙනි- 07.11.2019)

(SRI LANKA BRIEF)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...