The Leader News
BREAKING
Top Ad
පුවත්

කෝවිඩ් එන්නත් ප්‍රමුඛතාව ලැයිස්තුව 'ජුනි 15ට පෙර ප්‍රසිද්ධ කරන්න'

T

The Leader Desk

May 31, 2021 • 1:19 PM

කෝවිඩ් එන්නත් ප්‍රමුඛතාව ලැයිස්තුව 'ජුනි 15ට පෙර ප්‍රසිද්ධ කරන්න' 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් ආසාදිත රෝගීන් සමග ගැටෙන්නා වු හා එමගින් ආසාදනය විය හැකි කණ්ඩායම් වෙත ප්‍රමුඛතාවය ලබා දීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
  • ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන සැලකිල්ල මත එන්නත් කරණයේදී මානව හිමිකම් උල්ලංඝනය වන්නේයැයි සිදුකරන විවේචන හා ඉල්ලීම්ද අවම කරගත හැකි බව ආචාර්ය ජගත් බාලසුරිය වෛද්‍ය අසේල ගුණවර්ධනට දැනුම් දී තිබේ.
  • එබැවින් ඒ සදහා නියමිත ප්‍රමුඛතා ලේඛනයක් හා සුදුසු ප්‍රයෝගික ක්‍රමවේදයක් සකස් කර එය ප්‍රසිද්ධියට පත් කර ජුනි 15 දිනට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනම් දෙන ලෙසත් ආචාර්ය ජගත් බාලසුරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.
  • සෞඛ්‍ය සේවයේ සෙසු කාර්ය මණ්ඩලයන්හි පවුල් වල සාමාජිකයන් නොසලකා වෛද්‍ය නිලධාරීන්ගේ පවුල් වලට පමණක් එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම පිළිබඳව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සෞඛ්‍ය බලධාරීන්ට මීට ඉහතදි චෝදනා කර තිබුනි.
අකුරු ප්‍රමාණය (Font Size):
කොවිඩ් ආසාදිත රෝගීන් සමග ගැටෙන්නා වු හා එමගින් ආසාදනය විය හැකි කණ්ඩායම් වෙත ප්‍රමුඛතාවය ලබා දීම සුදුසු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
 
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා දැනුම් දී ඇත්තේ,  දරනු ලබන්නා වු තනතුරු හා වෙනත් උපකල්පිත ප්‍රමුඛතාවයන් සැලකිල්ලට භාජනය නොකරමින්, මෙම රෝගය මර්දනය සදහා සෘජුවම දායකත්වය සපයන කණ්ඩායම් හා එකී දායකත්වය සපයන අය සමග ජීවත් වන වැඩිහිටියන්ටද, රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශ හා කණ්ඩායම් ද සැලකිල්ලට භාජනය කරමින් වඩා සාධාරණ හා යුක්ති සහගත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නම් බෙහෙවින් සාධාරණ වනු ඇතැයි විශ්වාස කරන බවයි.
 
Jagath Balasuriyadsdfdsඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන සැලකිල්ල මත එන්නත් කරණයේදී මානව හිමිකම් උල්ලංඝනය වන්නේයැයි සිදුකරන විවේචන හා ඉල්ලීම්ද අවම කරගත හැකි බව ආචාර්ය ජගත් බාලසුරිය වෛද්‍ය අසේල ගුණවර්ධනට දැනුම් දී තිබේ.
 
එබැවින් ඒ සදහා නියමිත ප්‍රමුඛතා ලේඛනයක් හා සුදුසු ප්‍රයෝගික ක්‍රමවේදයක් සකස් කර එය ප්‍රසිද්ධියට පත් කර ජුනි 15 දිනට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනම් දෙන ලෙසත් ආචාර්ය ජගත් බාලසුරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.
 
 
වසංගත මර්දන එන්නත්කරණයේදී වඩාත් සාධාරණ හා විනිවිද භාවයෙන් යුක්තව එම කටයුත්ත සිදු නොවන්නේයැයි ප්‍රකාශ කරමින් සෞඛ්‍ය සේවයේ හා වෙනත් සේවා වල විවිධ සංවිධාන මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට වැඩි දුරටත් දැනුම් දී තිබේ.
 
සෞඛ්‍ය සේවයේ සෙසු කාර්ය මණ්ඩලයන්හි පවුල් වල සාමාජිකයන්  නොසලකා වෛද්‍ය නිලධාරීන්ගේ පවුල් වලට පමණක් එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම පිළිබඳව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සෞඛ්‍ය බලධාරීන්ට මීට ඉහතදි චෝදනා කර තිබුනි.
 
කොරෝනා මර්දන රාජකාරිවල යෙදී සිටින සියලුම සෞඛ්‍ය සේවකයන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම සදහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් නොකරන්නේ නම්,  කොරෝනා මර්දන රාජකාරිවලින් ඉවත් වන බවට  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා අනතුරු අගවා තිබුනි.
 
සංගමය සභාපති උපුල් රෝහණ ජනමාධ්‍ය වෙත පවසා තිබුනේ මෙම වර්ජනය සදහා පරිපූරක වෛද්‍ය සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් එකඟ වී සිටින බවයි.
 
නමුත් එම වර්ජනය අත් හිටුවීමට ඔවුන් කටයුතු කර තිබුනි.
 

 

 


 

THE LEADER TV 
 
බැසිල් චීනෙට ගිහින් ?
 

 
කුරුණෑගල හොඳටම කළේ ජොනී
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...