The Leader News
BREAKING
Top Ad
පුවත්

''20 ට ඡන්දය දීමට පෙර අගමැති සමග එකගතාවයකට ආවා'' -මුස්ලිම් කොන්ග්‍රස් නියෝජ්‍ය නායක

T

The Leader Desk

October 26, 2020 • 2:40 PM

''20 ට ඡන්දය දීමට පෙර අගමැති සමග එකගතාවයකට ආවා'' -මුස්ලිම් කොන්ග්‍රස් නියෝජ්‍ය නායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැති මහින්ද රාජපක්ෂ සමග එකගතාවයකට පැමිණි බව, එම පක්ෂයේ නියෝජ්‍ය නායක, එච්.එම්.එම්.
  • ඔහු එබව සඳහන් කර ඇත්තේ, Daily Mirror පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.
  • තමන් ඇතුළු පිරිස, විසිවන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීමට පෙර, අගමැතිවරයා ඇතුළුව ආණ්ඩුවේ ප්‍රධානීන් සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡ කර එකගතාවයකට පැමිණි බව ඔහු පවසයි.
  • එම කරුණු මුස්ලිම් ප්‍රජාවට සංවේදී කරුණු බව පවසන මන්ත්‍රීවරයා, එම කරුණු මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අගමැති මහින්ද රාජපක්ෂ සමග එකගතාවයකට පැමිණි බව, එම පක්ෂයේ නියෝජ්‍ය නායක, එච්.එම්.එම්. හාරිස් පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, Daily Mirror පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හාරිස්, විස්සට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු සිව් දෙනාගෙන් එක් අයෙකි.

තමන් ඇතුළු පිරිස, විසිවන සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීමට පෙර, අගමැතිවරයා ඇතුළුව ආණ්ඩුවේ ප්‍රධානීන් සමග වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡ කර එකගතාවයකට පැමිණි බව ඔහු පවසයි.

එම කරුණු මුස්ලිම් ප්‍රජාවට සංවේදී කරුණු බව පවසන මන්ත්‍රීවරයා, එම කරුණු මාධ්‍ය හමුවේ හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත්, තමන් ඇතුළු පිරිස, ආණ්ඩුවෙන් අමාත්‍ය ධූර බලාපොරොත්තු නොවන බවද ඔහු පවසයි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව තමන් ඡන්දය ප්‍රකාශ කළේ, පක්ෂ නායක රාවුෆ් හකීම් ගේ ද ආශිර්වාදය ඇති ව බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

 

ඩයනා, අගමැති -ජනාධිපති -බැසිල් හමුවෙලා 

Diana Mahindaඅගමැතිවරයා ඩයනාගේ සාදයේ ප්‍රධාන ආරාධිතයා ලෙස... 

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් ඩයනා ගමගේ ද විස්සට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමේ තීන්දුව ගැනීමට පෙර ජනාධිපති, අගමැති, මෙන්ම බැසිල් රාජපක්ෂ ද සාකච්ජා කර එකඟත්වයකට පැමිණ ඇත.

කෙසේවුවද විස්සට සහයදීම සඳහා කෝටි ගණනක මුදලක් ලබාගත් බවට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිරයන රාවය ඇය ප්‍රතික්ෂේප කර තිබේ.

එහෙත්, ඇය මාධ්‍ය නාලිකාවක් සමග පැවති සාකච්ජාවක දී සඳහන් කර තිබුනේ, ජනාධිපතිවරයා විසින් ළමා හා කාන්තා කටයුතු ක්ෂේත්‍රයේ වගකීමක් ලබා දුනහොත් බාර ගැනීමට සුදානම් බවයි. 

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් ඩයනා ගමගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කළ අවස්ථාවේදී ඇයගේ සැමියා වන විශ්‍රාමික කපිතාන් සේනක ද සිල්වා විසින් සාදයක් සංවිධානය කර තිබු අතර අගමැති මහින්ද රාජපක්ෂ ද එම අවස්ථාවට එක්ව සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...