The Leader News
BREAKING
Top Ad
පුවත්

කොරෝනා ආසාදනය වී ඇත්ද? නැද්ද?: විනාඩි 20කින් දැනගැනීමේ පරික්ෂණ අත්හිටුවයි!

T

The Leader Desk

November 6, 2020 • 2:06 PM

කොරෝනා ආසාදනය වී ඇත්ද? නැද්ද?: විනාඩි 20කින් දැනගැනීමේ පරික්ෂණ අත්හිටුවයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අසාදිතයන් පරීක්‍ෂා කිරීමේ කාර්යය ලබන සතියේ සිය ක්‍රියාත්මක කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය මිට ඉහතදී ප්‍රකාශකර තිබුනද එම තීන්දුව වහාම අත්හිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
  • එසේ වෙළඳ කලාපයේ, රජයේ ආයතනවල පරීක්ෂණ ඇරඹුන හොත් දිනකට කොරෝනා ආසාදිතයින් දහස් ගණනක් හඳුනා ගැනීමේ තත්වයක් උදාවිය හැකි බවටත් එවැනි තත්වයක් මතුවුවහොත් ඊට මුහුණදීමේ හැකියාවක් නොමැති බවත් වෛද්‍ය විශේෂඥයින් පිරිසක් රජයේ බලධාරීන්ට පෙන්වා දී ඇත. ආණ්ඩු විරෝධය ආණ්ඩුවේ වාසියට!
  • තවද මෙමගින් කෙටි කාලයකින් ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව ඇති බැවින් වැඩි පරීක්‍ෂණ ප්‍රමාණයක් පවත්වමින් මෙම වෛරසය පැතිරීම පාලනය කිරීමට වැඩි හැකියාවක් ඇති බව ද ඔහු සඳහන් කළේය.
  • මෙම වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ පළමු තොගය පසුගිය 04 වන බදාදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට ළඟාවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

අසාදිතයන් පරීක්‍ෂා කිරීමේ කාර්යය ලබන සතියේ සිය ක්‍රියාත්මක කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය මිට ඉහතදී ප්‍රකාශකර තිබුනද එම තීන්දුව වහාම අත්හිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

එසේ වෙළඳ කලාපයේ, රජයේ ආයතනවල පරීක්ෂණ ඇරඹුන හොත් දිනකට කොරෝනා ආසාදිතයින් දහස් ගණනක් හඳුනා ගැනීමේ තත්වයක් උදාවිය හැකි බවටත් එවැනි තත්වයක් මතුවුවහොත් ඊට මුහුණදීමේ හැකියාවක් නොමැති බවත් වෛද්‍ය විශේෂඥයින් පිරිසක් රජයේ බලධාරීන්ට පෙන්වා දී ඇත. 

 

ආණ්ඩු විරෝධය ආණ්ඩුවේ වාසියට!

එම තත්වය තුල වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ කට්ටල ගෙන්වීම හා පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ මතුකරමින් සිටින විරෝධතා පාදක කර ගනිමින්, ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත කොරෝනා වෛරස අසාදිතයන් පරීක්‍ෂා කිරීමේ වැඩසටහන අත්හිටුවීමට කටයුතු කරන ලෙසට එම විශේෂඥයින් බලපෑම් කර ඇතැයි වාර්තාවේ. 

මෙම පරීක්‍ෂණ කට්ටල මඟින් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළදී ඇත්ද යන්න විනාඩි 20 ක් වැනි කෙටි කාලයකින් අනාවරණයක කරගත හැකි අතර, එමඟින් වෛරසය ආසාදිතයන් ඉලක්ක කර ගනිමින් සිදුකරනා පරීක්‍ෂණ ප්‍රමාණය වර්ධනය කිරීමේ හැකියාවද ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය මිට ඉහත දී කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් රත්නායක මිට ඉහත දී පැවසුවේ, මෙම පරීක්‍ෂණ කට්ටල මේ වන විටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවාවන් වල පරීක්‍ෂාවට ලක්කර ඇති බවය. 

PCR පරීක්‍ෂණයකට වඩා වේගවත්ව ආකාරයෙන් කොරෝනා රෝගීන් මෙම ප්‍රතිදේහ පරීක්‍ෂණ කට්ටල භාවිතයෙන් හඳුනාගත හැකි බව ඔහු කියා සිටියේය. තවද මෙමගින් කෙටි කාලයකින් ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව ඇති බැවින් වැඩි පරීක්‍ෂණ ප්‍රමාණයක් පවත්වමින් මෙම වෛරසය පැතිරීම පාලනය කිරීමට වැඩි හැකියාවක් ඇති බව ද ඔහු සඳහන් කළේය.

''තවද මෙමගින් කෙටි කාලයකින් ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව ඇති බැවින් වැඩි පරීක්‍ෂණ ප්‍රමාණයක් පවත්වමින් මෙම වෛරසය පැතිරීම පාලනය කිරීමට වැඩි හැකියාවක් ඇති බව ද ඔහු සඳහන් කළේය.''

මෙම වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ පළමු තොගය පසුගිය 04 වන බදාදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට ළඟාවිය.

rapid antigen test kits Lankaමෙම වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ පළමු තොගය පසුගිය 04 වන බදාදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් මෙරටට ළඟාවිය.

දකුණු කොරියාවේ නිෂ්පාදනය කර ආනයනය කරනු ලැබූ 200,000 ක ප්‍රමාණයකින් යුතු මෙම නිෂ්පාදන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනු ලැබූ ප්‍රතිදේහ පරීක්‍ෂණ කට්ටල නිෂ්පාදනයක් වන අතර, SD BioSensor  සහ Abbott and Bio  ආයතනයන් වල දේශීය නියෝජිත ඖෂධ සමාගමක් වන 'ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්' (George Steuart Health) විසින් මෙරටට ආනයනය කර ඇත. 

ආනයනය කරනු ලැබූ පළමු තොගය ආයෝජන මණ්ඩල (BOI) සහ අපනයන සංවර්ධන මණ්ඩල (EDB) සේවක සේවිකාවන් පරීක්‍ෂා කිරීම සඳහා යොදාගන්නා බව ද ආචාර්ය සමන් රත්නායක පැවසීය.

මෙයට අමතරව ආසිරි සමූහය, නවලෝක රෝහල්, හේමාස් රෝහල් වැනි පෞද්ගලික රෝහල් වලට සහ රතු සමාජය වැනි ආයතන කිහිපයක් සඳහා මෙම පරීක්‍ෂණ කට්ටල බෙදාහරිමට කටයුතු යොදා තිබිණ.

ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල 800,000 කින් සමන්විත මෙහි දෙවන තොගය ලබන ඉරිදා වන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද ඔහු පැවසීය. යෝජනා කර ඇති පෞද්ගලික රෝහල්වලින් මෙවැනි පරීක්ෂණයක් සඳහා අයකෙරෙන උපරිම මුදල රුපියල් 1,200ක් ලෙස ගණන් බලා තිබිණ. 

කෙසේවුවද දිනකට කොරෝනා ආසාදිතයින් විශාල ප්‍රමාණයක් හමුවීමේ අවධානම සලකා වේගවත් ප්‍රතිදේහ පරීක්‍ෂණ කට්ටල (rapid antigen test kits) භාවිතය අත්හිටුවීමට මේවනවිට යෝජනා වී තිබේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...