The Leader News
BREAKING
Top Ad
පුවත්

43 සේනාංකය නීති ප්‍රතිසංස්කරණ වැඩකට අත ගසයි

T

The Leader Desk

January 27, 2021 • 6:27 PM

43 සේනාංකය නීති ප්‍රතිසංස්කරණ වැඩකට අත ගසයි     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'නීති ප්‍රතිසංස්කරණය සඳහා වන ජාතික ව්‍යාපාරය' අද (27) දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් එබව ප්‍රකාශයට පත්කර සිටියේය.
  • අධිකරණ අපහාස නීතිය පිළිබඳව නව පනත් කෙටුම්පතක් සඳහා යෝජනාවක් ද ඔවුන් විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
  • එම සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක සහ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර යි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 'නීති ප්‍රතිසංස්කරණය සඳහා වන ජාතික ව්‍යාපාරය' අද (27) දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් එබව ප්‍රකාශයට පත්කර සිටියේය.
 
 එම සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන්නේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක සහ නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර යි.
 
ඔවුන් දෙදෙනා සමඟ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන සහ ජ්‍යේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවේදී  අදහස් දැක්වුහ.
 
 
 
අධිකරණ අපහාස නීතිය පිළිබඳව නව පනත් කෙටුම්පතක් සඳහා යෝජනාවක් ද ඔවුන් විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී. එමෙන්ම 2008 වසරේ නීති කොමිසම විසින් ඉදිරිපත් කරන ලද අධිකරණ අපහාස නීතිය පිලිබඳ පනත් කෙටුම්පත් යෝජනාව කෙරෙහිද මෙහිදී අවධාරණය කරනු ලැබීය. 
 
එමෙන්ම යල් පැන ගිය නීතීන් සහ ලෝක ප්‍රවණතා අනුව යාවත්කාලීන නොවූ නිතී නිසා දිනපතා පීඩාවට පත්වන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කාර්‍ය්ක්ෂම නව නීති පද්ධතියක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීම සිය සංවිධානයේ ප්‍රමුඛ අභිමතාර්ථය බව ද සහභාගී වූවෝ අවධාරණය කළහ. 
 
මෙම අවස්ථාවට නීතිඥ රජික කොඩිතුවක්කු සහ තවත් නීතිඥයින් කිහිපදෙනෙක් ද සහභාගී විය.
 
 

 
################
 
සර්, රේගුවට අයථා බලපෑම් කරන දේශපාලකයන්ට මොකද කරන්නෙ?
 

 
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...