BREAKING
Top Ad
ඇට මැස්සා

ආදාහන දේශපාලනය - ඇටමැස්සා (85)

T

The Leader

December 27, 2020 • 10:15 PM

ආදාහන දේශපාලනය - ඇටමැස්සා (85)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාව වනාහි අපූරු රටකි.
  • වළලමු ජාතික  දියුණ පතා..."     අපි හැදුනේ සද්ධර්ම ‍රතනාවලිය හා ගුත්තිලය කියවා බව අලි සබ්‍රි විසින් ප්‍රකාශ කර තිබිණ.
  •   එහෙත් ඔය පොත් දෙකේම කොරෝනා මරණ වැළලිය යුතුය කියා ලියා තිබූ බවක් අපට මතක නැත.
  •   යහපාලන කාලයේ රාජපක්ෂවරුන් වෙනුවෙන් කතා කිරීමට සිටියේ තමා පමණක් බව අලි සබ්‍රි ගේ විශ්වාසය යි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මුළු ලෝකයම දරුණු වසංගතයකින් වෙලී ගොස් ඇත.
 
සෙසු රටවල් කටයුතු කරමින් සිටින්නේ වසංගතයෙන් ගැලවීම සදහා ය.
 
එහෙත් ලංකාව මේ මොහොත වනතුරුත් කතා කරමින් සිටින්නේ වැළලීම ගැනය.
 
වැළලීම ගැන මෙතෙක් වැඩිපුර වැළපුණේ අලි සබ්‍රි ‍ය.
 
රයිගමයයි ගම්පලයයි සේ දැන් ඔහුට සජිත් ප්‍රේමදාස ද එක් වී තිබේ.
 
ඔවුන්ගේ ක්‍රියා කලාපයේ තේමාව මොහිදීන් බෙග් මාස්ටර් ගේ සිංදුවක් පද වෙනස් කර මෙසේ දැක්විය හැකිය.
 
"... අමතක කරලමු
පැරණි කතා....
වළලමු ජාතික 
දියුණ පතා..."
 
 
අපි හැදුනේ සද්ධර්ම ‍රතනාවලිය හා ගුත්තිලය කියවා බව අලි සබ්‍රි විසින් ප්‍රකාශ කර තිබිණ.
 
එහෙත් ඔය පොත් දෙකේම කොරෝනා මරණ වැළලිය යුතුය කියා ලියා තිබූ බවක් අපට මතක නැත.
 
යහපාලන කාලයේ රාජපක්ෂවරුන් වෙනුවෙන් කතා කිරීමට සිටියේ තමා පමණක් බව අලි සබ්‍රි ගේ විශ්වාසය යි.
 
ඔහු මේ වනවිට ගෝඨාභය ජනාධිපතිවරයා අපහසුතාවට ලක් වන අයුරින් කටයුතු කරමින් සිටින්නේ එහි හිලව්වට දැයි විටෙක සිතේ.
 
භූමදානය වෙනුවෙන් පෙනී සිටින මුස්ලිම්වරුන් ගෙනෙන ප්‍රධාන තර්කයක් නම් විද්‍යාත්මකව සලකා බලා භූමදානයට ඉඩ දෙන ලෙසයි.
 
මුස්ලිම් මෘතදේහ භූමදානය කරන්නේ ආගමික විශ්වාසයක් උඩය.
 
ඊට කිසිදු විද්‍යාත්මක පදනමක් නැත.
 
ඔවුන් ආදාහනයට විරුද්ධ විද්‍යාත්මක පදනමක් නැති භූමදානය කිරීමේ ආගමික විශ්වාසය නිසාය.
 
ආගම යනු විද්‍යාව නොවේ.
 
විද්‍යාත්මක නොවන ආගමික විශ්වාසයක් වෙනුවෙන් විද්‍යාත්මක ලෙස සිතා බලා කටයුතු කරන්නැයි ඉල්ලා සිටීමම අපබ්‍රංශයක් නොවේද ?
 
කොරෝනාවෙන් මියයන්නේ මුස්ලිම්වරුන් පමණක් නොවේ.
 
බෞද්ධයෝ ඒ අතර වෙති.
 
හින්දුහු වෙති.
 
ඔවුනටත් මළගිය චාරිත්‍ර ඇත.
 
ඒවාට ද කිසිදු විද්‍යාත්මක පදනමක් නැත.
 
එහෙත් ඔවුහු තත්ත්වය තේරුම් ගෙන සිටිති.
 
නිහඬව තම සහාය සෞඛ්‍ය අංශ වෙනුවෙන් ලබාදෙන්නේ එබැවිනි.
 
තම මව්බිම වූ ශ්‍රී ලංකාවට  එරෙහිව පාකිස්තානය වෙනුවෙන් පාකිස්තාන ධජ ලෙලවූ මෙරට මුස්ලිම්වරුන් ට වැළලීමට පමණක් මව්බිම මතක්වීම ලජ්ජාවට කරුණකි.
 
මෙම මුස්ලිම්වරුන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ගැන කියනු ඇසේ.
 
එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ප්‍රශ්න කිහිපයක් ඇසිය යුතුව ඇත.
 
මුස්ලිම් බහුතරයක් සහිත රටක පන්සලක්, ක්‍රිස්තියානි පල්ලියක්, හින්දු කෝවිලක් ඉඳිකිරීමට අවසර තිබේද ?
 
මුස්ලිම් බහුතරයක් සහිත රටක අන්‍ය ආගමිකයන්ට නිදහසේ නොව හොර රහසේ වත් තම ආගම ඇදහීමේ නිදහස තිබේද ?
 
අද මෙරට මුස්ලිම්වරුන් දක්වන විරෝධතා සෞදියේ හෝ වෙනත් මුස්ලිම් ‍රටක හෝ වෙසෙන අන්‍ය ආගමිකයකු දැක්වූයේ නම් ඔහුගේ ඉරණම කුමක්ද ?
 
මේ යමින් සිටින්නේ කොතැනටදැයි රජය දැන්වත් තේරුම්ගත යුතුය.
 
මේ සියල්ලෙන් අවධාරණය වන්නේ ‍රටකට එක නීතියක් තිබීමේ අවශ්‍යතාවයයි.
 
භූමදානයට එරෙහි මෙකී විරෝධතාවල නියුතු එක් මුස්ලිම් තරුණයකු කියා සිටියේ ආදාහනයට ඉඩ නොදෙන්නේ නම් තමන් ප්‍රසිද්ධියේ ගිනි තබාගන්නා බවයි.
 
අඥානකමක මහත!
 
ඔළමොට්ටලකමක මහත!
 
තකතීරුකමක මහත!
 
මේ තත්ත්වයට මුස්ලිම් තරුණයන් ෆෝම් කරන්නට පුවත්පත් දේශපාලනයේ නියුතු හඬ අනුව කතානායක කරූ ජයසූරිය මෙන්ම සදා පරාජිත මිලින්ද මොරගොඩලාත් උඩ ගෙඩි දුන් බව සැබෑවකි.
 
වැලේ වැල් නැතුව සිටින සජිත් ප්‍රේමදාස භූමදානය කරන මුස්ලිම් මළකඳන් උඩින් දේශපාලනය කිරීමට තරම් පහතට ඇද වැටී තිබේ.
 
කොරෝනා පළමු වටය සජිත් ආරම්භ කළේ ප්ලැකැනිල් දේශපාලනයෙනි.
 
ඔහු දෙවැනි වටය ආරම්භ කරන්නට යන්නේ ඩෙඩ් බොඩි දේශපාලනයෙනි.
 
ජාතික ව්‍යසනයන් හමුවේ බොර දියේ මාළු බෑමට යෑම අමුම අමු තුප්පහි ක්‍රියාවකි.
 
විපක්ෂ නායකකමටත් ලැජ්ජය.
 
මුස්ලිම් අන්තවාදීන් විසින් පාස්කු ප්‍රහාරය සිදුකොට පල්ලිය තුල යාඥා කරමින් සිටි කතෝලික බැතිමතුන් පණ පිටින් ආදාහනය කරද්දී සජිත් ප්‍රේමදාස පාරට බැස්සේ නැත.
 
ඒ අහිංසකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පිකට් කළේ නැත.
 
ඒ සියලු මරණ ඝාතනයන් බව සජිත් හොඳටම දනී.
 
එහෙත් අද සජිත් පාරට බැස ඇත්තේ ඝාතනයන් වෙනුවෙන් නොව ලොව පුරා පවතින වසංගතයකින් මියයන මුස්ලිම් මළ සිරුරු වෙනුවෙනි.
 
සජිත් එකක් දැනගෙන යුතුය.
 
සුළු ජාතික ජන්දවලින් රජවරුන් පත් කළ හැකිය යන මිථ්‍යාව 2019 දී හා 2020 දී මේ රටේ ජනතාව විසින් බිඳ දැමූ බවයි.
 
 
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ද එක දෙයක් දැනගත යුතුය.
 
එනම්, එක තීන්දුවක් ගෙන එක නීතියක් ක්‍රියාත්මක නොකළහොත් 2025 දී යලි 
2015 ක් නිර්මාණය වීමට හොඳටම ඉඩ ඇති බවයි.
 
එසේ වුවහොත් එය 2015 තරම් සුන්දර නොවනු ඇත.
 
එවැනි 2025 ක් ඇති වීමට විහින් ඉඩ තැබුවහොත් එය 2015 ට වඩා රාජපක්ෂවරුන්ට කටුක වනු ඇත.
 
මේ රටේ වෙසෙන්නේ හාල් සේරුවටත් ආණ්ඩුව මාරු කළ ජනතාවකි.
 
එය අමතක කළ යුතු නොවේ.
 
 
(ඇටමැස්සා)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...