BREAKING
තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●
Top Ad
විශේෂාංග

සේරම ජංගි හොරු මල්ලි! - Deep Eye (වීඩියෝ)

T

The Leader Desk

June 2, 2022 • 3:35 AM

 සේරම ජංගි හොරු මල්ලි! - Deep Eye (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චිත්‍රපටි අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක ළඟදී අපූරු කතාවක් කිව්වා. ඒ එයාගෙ ජංගි හොරා චිත්‍රපටිය ගැන. කවුරුහරි ප්‍රශ්න කරලා තිබුණා ජංගි හොරා කියන නමේ අවිදග්ධ භාවය ගැන.
  • ඒ කවුරුත් එක්කො ජංගි හොරුන්ගෙ යාළුවො.
  • සෝමේ දීලා තිබුණු උත්තරේ මේකයි."කැමති අයට ජංගි හොරා බලන්න පුළුවන් අකමැති අයට under pants thief බලන්න පුළුවන්".
අකුරු ප්‍රමාණය (Font Size):

සෝමේ දීලා තිබුණු උත්තරේ මේකයි."කැමති අයට ජංගි හොරා බලන්න පුළුවන් අකමැති අයට under pants thief බලන්න පුළුවන්".

මේ කතාව අද ලංකාවේ දේශපාලනයට ගැලපෙන කතාවක්.

මහින්දලා, ගෝඨලා එක්ක වැඩ කරන කොට නිකං ජංගි හොරා බලනවා වගේ. එතකොට රනිල් එක්ක ඉන්නකොට කොහොමද? ඒක නිකන් under pants thief ලා එක්ක ඉන්නවා වගේ දැනෙන්නෙ නැද්ද? මොකද මේ දෙකම එකයි. සිංහලෙන් ජංගි හොරා.ඉංග්‍රිසියෙන් under pants thief.

ජංගි හොරා කිව්වම හරි කැතයි වගේනෙ. එහෙම නෙවෙයිද මහින්දලා ගෝඨලා වැඩ කරලා තියෙන්නේ? කෙලින්ම ජංගිය හොරකම් කරලා කිසි ගානක් නැතුව ගලවාපිය ජංගිය ගානට රටේ සම්පත් කොල්ල කාලා. රනිල් ඒ අතින් පට්ට  විදග්ධ විදියට under pants thiefලගේ ස්ටයිල් එකේ වැඩක් යහපාලන කාලේ මහ බැංකුවේ කළා.

බැඳුම්කර මගඩිය ගැන මුලින්ම කාටවත් හරියට තේරුනෙත් නෑ. මහ බැංකුවේ හිටපු අධිපති මහේන්ද්‍රන්ට කිසි ගින්නක් නැහැ. මිනිහ කොහේ හරි රටක නිදහසේ ජීවත් වෙනවා. ඒ අයිතිය under pants thief සහ ජංගි හොරු කියන දෙගොල්ලො විසින්ම තහවුරු කරල දීල තියනවා.


හැම පොඩි මිනිහෙක්ම ගෙයක් දොරක් හදාගන්න බැංකු ණයක් අරන් තියනවා. මේ කාලේ ඒ ණය ගෙවා ගන්න බැරුව හිර වෙලා ඉන්නවා. රුපියල් දහදාහ, දොළොස්දාහටත් රාජ්‍ය බැංකු විසි තිස් වතාවෙ කතා කරලා ණය ගෙවන්න නැත්නම් අක්‍රමික වෙයි කියලා අපිව බය කරනවා. ඒත් බැංකුවලින් බිලියන ගණන් ණය අරං පොලු තියලා නිදැල්ලෙ ඉන්න ධනපති රටේ ඉන්නවා. ණය අක්‍රමික වෙයි කියලා උන්ව කවුරුවත් බය කරන්නෙ නැහැ. උන් කාටවත් බයත් නැහැ. ඒ කවුරුත් එක්කො ජංගි හොරුන්ගෙ යාළුවො. නැත්නම් under pants thief ලගෙ යාළුවො.



සාමාන්‍ය ජනතාවට මේ සිංහල, ඉංග්‍රිසි හොරු දෙගොල්ල එක්කම යාළු කමක් නෑ. ඒ නිසා බැංකු අසරණයා පස්සෙ හිටු කියලා පන්නලා ණය අයකර ගන්න බලනවා. ඇලෝසියස්, දයා ගමගේ, ලක්ෂ්මන් වසන්ත පස්සේ පන්නන්නේ මොන රාජ්‍ය බැංකුවද? යශෝදා අධිපති යසසිරි තවත් "ඇන්නා පැන්නා" ජාතියෙ පොරක්. අංජනම් දේවිටවත් ඉන්න තැන හොයා ගන්න බැහැ.

අද රටේ මිනිස්සුන්ට කන්න කෑම ටික ගෙනත් දෙන්න සල්ලි නැහැ. භාණ්ඩාගාරෙ හිස්. ජංගි හොරු තමන්ගෙ හිතවත් පොලු කාරයන්ගෙ ණය අය කරගෙන මුදල් අර්බුදය සමනය කරන්න උත්සාහ කරනවද? නැහැ. ලක්ෂ්මන්ගෙ බිලියන හතරයි, දයා ගමගේගෙ බිලියන හතරයි, එතනම බිලියන අටයි. ඔන්න නැති සල්ලි හොයන හැටි.

එතකොට under pants thiefලා.. මහේන්ද්‍රන් හොරා කාපු සල්ලි ටික අය කරගෙන රටට ඕනෙ කරන ඛෙහෙත් ටික, කිරිපිටි ටික ගේන්න උත්සාහ කරනවද? නැහැ. ඊළඟට මෙන්ඩිස් අරක්කු කාරයා තියපු  පොල්ල. ඒකෙන් ගෑස් ටික ගන්න පුළුවන් කියලා මේ සිංහල, ඉංග්‍රීසි ජංගි හොරු කල්පනා කරනවද?

මේ වෙන කොට කෝප් කමිටුව මගින් බැංකුවලට බිලියන ගණන්, මිලියන සිය ගණන් පොලු තියලා ජංගිවලට කවර් වෙලා ඉන්න තක්කඩින්ගෙ ලිස්ට් එකක් හදලා තියනවා. ඒවා අයකර ගන්න උත්සාහ කරන්නෙ ජංගි හොරුද? under pants thiefලද? මොකද මේ සල්ලි අයකර ගත්තොත් අඩුම තරමින් රටේ ජනජීවිතය මුහුණ පා සිටින ආතතිය තරමක් හරි සමනය කරගන්න පුළුවන්.

මේ පොලුකාරයන්ගෙ සල්ලි අයකර ගනිල්ලා කියන බල කිරීම, ජනතාව හැටියට අපි, ජංගි හොරුන්ටයි, under pants thiefලාටයි කළ යුතුමයි.


(සටහන - විමලනාත් වීරරත්න)


 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...