BREAKING
Top Ad
බුකිය

Gota's war -2 වෙනුවෙන් විවෘත ලිපියක් ...!

T

The Leader

June 3, 2021 • 2:37 AM

Gota's war -2 වෙනුවෙන් විවෘත ලිපියක් ...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගරු ජනාධිපතිතුමනි,
  •   ඔබතුමා මේ රටේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් ජයග්‍රහණය කළේ 2019 නොවැම්බර් 18 වැනිදා.
  •   ඔබ ඊට පෙර 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මේ රටේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළා.
  •   මේ රටේ 69 ලක්ෂයක් ජනතාවගේ තේරීම බවට ඔබතුමා පත් වුණේ එකී වසර 10 තුල ඔබ විසින් සිදු කළ මහඟු කාර්යභාරයයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
මේ ලියන්නේ රට සහ ඔබ වෙනුවෙන්.
 
ඔබතුමා මේ රටේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් ජයග්‍රහණය කළේ 2019 නොවැම්බර් 18 වැනිදා.
 
හරියටම මීට අවුරුදු එකහාමාරකට කලින්.
 
ඔබ ඊට පෙර 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මේ රටේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළා.
 
මේ රටේ 69 ලක්ෂයක් ජනතාවගේ තේරීම බවට ඔබතුමා පත් වුණේ එකී වසර 10 තුල ඔබ විසින් සිදු කළ මහඟු කාර්යභාරයයි.
 
යුද්ධය ජයග්‍රහණය කිරීම පමණක්ම නොවේ.
 
ඔබ කෙළින නායකයෙක් නොව කෙළින් වැඩ කරන නායකයෙක් බව රටටම ඒත්තු ගියා.
 
2018 වසරේ ඔබතුමා ඉගෙනගත්තු ආනන්දයේම ආදී සිසුවෙක් දඹදිව වන්දනාවේ ගිහින් තිබුනා. 
 
එහිදී හැම පන්සලකම හැම හාමුදුරුනමක්ම බණ අවසන් කරද්දී කියලා තිබුනේ මෙච්චරයි.
 
" ගෝඨා නොගෙනාවොත් උඹලාගේ දරුවන්ට රටක් නැති වෙයි...! "
 
මේ කතාව මිනිස්සු විස්වාස කළා.
 
මේ දේ කරන්න පුළුවන් ගෝඨා එක්ක 
විතරයි කියලා අර 69 ලක්ෂයෙන් බහුතරය තාමත් විස්වාස කරනවා.
 
ඔබතුමාගේ ආණ්ඩුවේ ඉන්නවා මිනිසුන් වර්ග කිහිපයක්.
 
ඔවුන් විසින් ඔවුන්ව හඳුන්වාගනු ලබන්නේ GR ගේ මිනිස්සු, MR ගේ මිනිස්සු, BR ගේ මිනිස්සු, NR ගේ මිනිස්සු ආදී වශයෙන්.
 
මොවුන් තමයි ඔබතුමාට ඇති ලොකුම බාධාව.
 
ඔබතුමා ළග සිටිය යුත්තේ SD ගේ මිනිස්සු පමණයි.
 
SD කිව්වේ "සෞභාග්‍යයේ දැක්ම" 
 
සෞභාග්‍යයේ දැක්ම තේරුම් ගත් එය ක්‍රියාත්මක කළ හැකි ඒ වෙනුවෙන් කැපවුණු මිනිස්සුන්ට පමණයි ඔබේ ඉලක්කය සපුරාලිය හැක්කේ.
 
ආනන්දියෙක් වූ පළියට හැම ආනන්දියෙක්ම දක්ෂයෙක් නොවේ.
 
ආනන්දය අපතයන් ද බිහිකර ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයෙන්ම උදාහරණ සපයාගත හැකිය.
 
මෑතකදීම වූ සිද්ධිය ගනිමු.
 
ඔබ මැදිහත් නොවන්නට චන්දිමාල් - පියුමි සිදුවීම කෙළවර වන්නේ කෙසේද ?
 
ඔබතුමාටත්, රජයටත් මහත් අපකීර්තියක් උපයා දෙමින් නොවේද ?
 
පියුමි හංසමාලි රැගෙන යන බස් රථය නැවත හරවාගෙන එන ලෙස අදාළ අංශය බාර ඇමැතිම නියෝග කරන්නේ නම් රටේ නීතියක් ක්‍රියාත්මක කරන්නේ කෙසේද ?
 
මොවුන් අගෞරවය කරන්නේ ‍රටේ එක නීතියක් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වූ ඔබතුමාටම නොවේද ?
 
නිරෝධායන ඇඳිරි නීතිය කඩමින් මෙම උපන් දින සාදයට  නගරාධිපතිනියක් ද, රජයේ ඇමැතිවරයකු ද,  මිසිස් ශ්‍රී ලංකා කෙනෙක් ද සහභාගි වූ බවට තොරතුරු ඇත.
 
ඔවුන්ට එරෙහිව පමණක් නොව මෙම චෝදනාවන්ම එල්ල වී ඇති කුරුණෑගල නගරාධිපති, කුරුණෑගල පොලිස් නිලධාරින් ඇතුළු සැමට නීතිය එක සේ ක්‍රියාත්මක කළ යුතුය.
 
එවිට ජනතාව තව තවත් ඔබතුමා කෙරෙහි විස්වාස තහවුරු කරගනු ඇත.
 
අනෙක් අතට රටේ නීතියට ගරු නොකරන මිසිස් ශ්‍රී ලංකා කෙනෙක් ගෙන් රටකට ඇති ඵලය කුමක්ද ?
 
රටේ ගෞරවය රැකගත හැක්කේ මෙවැන්නන්ට ඉදිරියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ඉඩ නොදීම තුලිනි.
අන්‍යයන් ද පාඩමක් ඉගෙන ගන්නේ එවිට ය.
 
ඔබතුමා යුද්ධය කරන විට සතුරා සිටියේ එලියේය.
 
එහෙත් දැන් සතුරා සිටින්නේ අභ්‍යන්තරයේ ය.
ඔබ සමගය.
 
ඔබේ වැඩ පිළිවෙළ කඩාකප්පල් කරන්නේ ඔවුන් ය.
 
ඩී. එස්. සේනානායක විදුහලට යාබද කූඹි කැලේ නමින් හැඳින්වූ ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස කරන්නට ඉඩ නොලැබුනේ ඇයි?
 
පළමුව නිලධාරින්ගේ අදූරදර්ශිභාවයයි.
 
පාසලේ ආදි ශිෂ්‍ය සංගමය, ගුරු දෙගුරු සමීතිය, පාසල් සංවර්ධන සමීතිය කැඳවා මින් පාසලට ලැබෙන ප්‍රතිලාභ පැහැදිලි කර දී ව්‍යාපෘතිය ආරම්භ කළා නම් මෙවන් විරෝධයක් පැන නඟින්නේ නැත.
 
එසේ කළා නම් ඔබේ ඇමැති මණ්ඩලයේම සමහරුන්ට ආදි සිසුන් උසිගන්වන්නට ලැබෙන්නේ ද නැත.
 
විපක්ෂය ගැන ඔබතුමා බියවිය යුතු නැත.
 
මන්ද ‍යත් මේ වන විට රටේ ඇත්තේ එදා වේල බිස්නස් විපක්ෂයක් බැවිනි.
 
ඔබේ අඩුපාඩු පෙන්වා දෙන්නන්ට ඔබ කිසි විටෙකත් බිය විය යුතු නොවේ.
 
ඔබතුමා බිය විය යුත්තේ තම පක්ෂයේම උදවිය ගෙනි.
 
එහෙයින් ගෙනි.
 
" යර්ස් සර්" කියන්නන් ගෙනි.
 
ලනු දෙන්නන් ගෙනි.
 
ඔබේ නම පාවිච්චි කර බිස්නස් කරන්නන් ගෙනි.
 
ඔබතුමා මාධ්‍ය අංශය තරම් ෆේල් තවත් දෙයක් නැත.
 
එය ප්‍රතිසංවිධානය කරන්නට ගොස් සිදු වී ඇත්තේ කුමක්ද ?
 
සුදේව එවන නිවුස් හිරු ගන්නේ නැත.
 
කිංස්ලි එවන නිවුස් සිරස ගන්නේ නැත.
 
මේ දෙදෙනාම එවන නිවුස් අරුණ පත්තරේ ගන්නේ නැත.
 
අවසානයේ සිදුවූයේ රටේ ප්‍රශ්නවලට අමතරව ඔබතුමා ගේ මාධ්‍ය ප්‍රචාරය ඔබතුමාටම සිදු කරගන්නට ය.
 
" මම තමයි හොඳටම කළේ...! " යන්න ඔබතුමා ගේ ප්‍රකට ප්‍රකාශයකි.
 
ඒ කතාව ඇත්ත ‍ය.
 
කොරෝනා පළමු රැල්ලේදී ඔබතුමා හොඳටම කළේය.
 
ඒ, පාර්ලිමේන්තුවේ 225 ම ගෙදර සිටි බැවිනි.
 
තවම ගෙවී ඇත්තේ වසර එකහාමාරක් පමණි.
 
කෙලින් තීන්දු තීරණ ගෙන ඔබතුමා පොරොන්දු වූ දේශය බිහි කරන්නට එය ද හොඳටම ප්‍රමාණවත් ය.
 
අපට රටක් අවශ්‍ය ‍ය.
 
රටට හෙටක් අවශ්‍ය ය.
 
ඒ සදහා ඔබ අවශ්‍ය ‍ය.
 
මීට ,
කිංබානට්තුමා 
 
 
ප. ලි. 
- මෙය ඔබතුමාට එරෙහිව ලියූවක් ලෙස යමෙකු පැවසුවහොත් ඒ ඔබේ සතුරෙකි.
 
- මෙය ඔබතුමාට පක්ෂව ලියූවක් ලෙස යමෙකු පැවසුවහොත් ඒ රටේ මිතුරෙකි.
 
 
( King Barnet ෆේස්බුක් පිටුවෙන්)
 

 

 

 


 

THE LEADER TV 
 
 

 

මේරි කොම් පරදී : නාමල් අගමැති!

 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...