BREAKING
Top Ad
අපලෝකන

ගෙන්දගම් පොළොව 08 : මේ මරදානෙ ඔලිම්පියා...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)

T

The Leader

January 11, 2025 • 2:59 AM

ගෙන්දගම් පොළොව 08 : මේ මරදානෙ ඔලිම්පියා...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘මහත්තයො... මේ... සුසන්තට මෙහේ මුකුත් රස්සාවක් නැතෙයි...,?’’
  • මක්කටෙයි වෙලාව...?’’ ඇත්ත ම කියනව නම් මේ ගිනි කූෂ්ටක අව්වෙ ඇවිදින එක හරිම අමාරුයි.
  • සල්ලි ඇතිවෙයි ද නැද්ද කියලත් ඉතිං දන්නෙ ඔයැයි ම තමයි.
  • මම හිතන්නෙ සුසන්ත ඒ විස්තරය කියන්න අදි මදි කරන්න ඇත්තෙ එයාගෙ අතේ සල්ලි නැති නිසා වෙන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):


‘‘සුසන්තට රස්සාවක්...! ඔවු... එයාටත් රස්සාවක් දෙන්ඩ තිබ්බ... එයත් තමුං වගේ වැඩ දැනගෙන හිටිය නං. කොහෙද ඒ හාදය කිසිම දෙයක් දන්නැහැනෙ. ඒ නිසා තමුන් වැඩට එනව. එයා රස්සාවක් හොයාගනිවි.

දැන් තීරණය තියෙන්නෙ මගේ අතේ...

සුසන්ත

ඒ වෙලාවෙ යසසිරි ගත්තෙ මම කවදාවත් හිතපු නැති විදියෙ තීරණයක්.

‘‘කමන්නෑ මහත්තයො... අපි වෙන දිහාක ගිහිං බලන්නං...’’

ඒක තමයි යසසිරිගෙ තීරණය. ඒත් මම ඒකට විරුද්ධ වුණා.

‘‘කමක් නෑ යසේ... ඔහේ වැඩ කරන්න... මං මොකක් හරි හොයාගන්නං... හොයාගෙන නිවාඩු වෙලාවක ඇවිත් ඔහේ හම්බු වෙන්නං.’’

ඒත් යසසිරි නෙවෙයි මම කියපු කිසිම දෙයක් මායිම් කරේ.

painting two people holding hands with one holding yellow object 1124573 41486

‘‘නෑ නෑ... කමන්නෑ... අපි බලමු වෙන මක්ක හරි හොයාගන්න,’’ කියල කියපු යසසිරි ‘‘අපි යන්නං මහත්තයො. අපිට ඕනෙ දෙන්නට ම වැඩක් තියෙන තැනක්,’’ කියල බිල් ලියන කෙනාට කිව්වා. කියල අනිත් පැත්තට හැරිල ‘‘අපි යං ද සුසා. ඔයැයි තව තැං දන්නව නෙ... අපි ඩිංගක් විපරං කරල බලමු,’’ කියල කිව්වෙ ආයෙ කියපු වචනය වෙනස් නොකරන්න ම හිතාගෙන.


දැන් කරන්නෙ මොනව ද... යන්නෙ කොහේද... කියන දේ ගැන කිසිම නිච්චියක් නෑ. ඒ කොහොම වුනත් අපි දෙන්න ම ආයෙත් ඕල්කොට් මාවත දිහාට ඇවිදගෙන එද්දි මට එකපාරට ම පොඩි අදහසක් ආවා.

‘‘යසේ... දැං වෙලාව කීයෙයි...?’’

මම සුසන්තගෙන් වෙලාව ඇහුවෙ වෙන හේතුවකට නෙවෙයි; මට හිතුණ දේ කරන්න වෙලා තියෙයි ද කියල දැනගන්න.

‘‘දෙකයි තිස් පහයි... ඇයි සුසා... මක්කටෙයි වෙලාව...?’’

ඇත්ත ම කියනව නම් මේ ගිනි කූෂ්ටක අව්වෙ ඇවිදින එක හරිම අමාරුයි. මං දන්නවා ඒක මටත් වැඩිය යසසිරිට අමාරුයි. අනික මේ වාහනවල සද්දෙයි, දුමයි වුනත් යසසිරිට එච්චර ඔරොත්තු දෙන්නෙ නෑ.

‘‘අපිට ජොබ් එකක් නැතත් දවසක් දෙකක් ජීවත් වෙන්න සල්ලි තියෙයි නෙ... නේද සුසා...?’’

 

two men 2024.11.30මම එහෙම අහපු ගමන් ම යසසිරි පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවා. ඒ බලපු සැණින් ම ‘‘ඒ කිව්වෙ... අපිට දැම්ම ජොබ්බෙකක් හොයාගන්න බැරිවෙයි ද සුසා...?’’

මම එහෙම අහපු ගමන් ම යසසිරි පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවා. ඒ බලපු සැණින් ම ‘‘ඒ කිව්වෙ... අපිට දැම්ම ජොබ්බෙකක් හොයාගන්න බැරිවෙයි ද සුසා...?’’ කියල ඇහුවෙ ටිකක් විතර කලබල වෙලා වගේ.

‘‘නෑ නෑ... එහෙව් එකක් නෙවෙයි. අපි දෙන්නට ම ජොබ් හොයන්නෙපැයි. ඒක ඩිංගක් අපාසුයි. ඒකයි මං කිව්වෙ ඔයැයිට අර වැඩේට යන්න කියල...’’

මම කියන්න උත්සාහ කරපු දේ කියල ඉවර කරන්න ලැබුණෙ නෑ.

‘‘නෑ නෑ සුසා... අපි දෙන්නා පුළුහං තරං ඉක්මනට ජොබ් දෙකක් හොයාගන්න බලමු... සල්ලි ඇතිවෙයි ද නැද්ද කියලත් ඉතිං දන්නෙ ඔයැයි ම තමයි. මං මොකෝ කොළඹ හිටපු එකෙක් ය. ඒක නෙවයි... දැං මක්කටෙයි වෙලාව ඇහුවෙ...?’’

*          *          *

සුසන්ත වෙලාව අහපු කාරණය කියන්න ටිකක් අදි මදි කරා. ඒ නිසා ම තමයි ආයෙ ආයෙ හාර හාර ඇහුවෙ. කීප සැරයක් ම ඇහුවට පස්සෙ තමයි සුසන්ත කාරණය කිව්වෙ. මම හිතන්නෙ සුසන්ත ඒ විස්තරය කියන්න අදි මදි කරන්න ඇත්තෙ එයාගෙ අතේ සල්ලි නැති නිසා වෙන්න ඇති. මොකද එයාව මේ ගමනට එක්කරගෙන ආවෙ මම නෙ. ඒ නිසා මම එයා වෙනුවෙන් වියදම් කරන්න ඕන. ඒක මගේ වගකීමක් නෙ.

 

94a30daf 4d3e 4760 8acd aef7fc1a9e5dබස් එක වැඩි දුරක් ගියේ නෑ කොන්දොස්තර ‘‘ආ... මරදාන බහින්න... මරදාන බහින්න’’ කියල කැගහද්දි ම සුසන්ත මගේ අතින් අල්ලගෙන බස් එකෙන් බැස්සා. 

‘‘අයියෝ... ඕක මොකක් ද යමු යමු... කොහේටෙයි දැං අපි යන්නෝන..., හුඟක් දුරෙයි..., වෙලා තියෙයි...?’’

මම එක දිගට ම ප්‍රශ්න වැලක් ඇහුවෙ දැන් සුසන්තටත් වැඩිය ඒ වැඩේ වුවමනා වෙලා තියෙන්නෙ මට නිසා.

‘‘වැඩි දුරක් නෑ... පොඩ්ඩ දුරයි. ඉස්සර නං අපි වැඩිපුර ම යන්නෙ පයිං. ඒ ඉතිං රෑට නෙ. මේ වෙලාවෙ අව්වත් වැඩියි... අනික වෙලාවත් මදි.’’

එහෙම කියපු සුසන්ත ඉක්මනට ම අපි ගියපු පාර දිගේ ඇවිත් ප්‍රධාන පාරෙන් දකුණු අත පැත්තට හැරිල ‘‘අන්න අන්න බස්සෙකක්... නගිමු නගිමු...’’ කිව්වෙ හරියට බම්බලපිටියෙ දි වගේ මයි.

සුසන්ත බස් එකට නගින්න කලින්  මාව බස් එකේ පඩිපෙළින් උඩට තල්ලු කරා. සුසන්ත පඩි පෙළ නගින්නත් කලින් බස් එක ඉස්සරහට ඇද්දුවා. මම හිතුවෙ සුසන්ත වැටුණ කියල. ඒත් එහෙම වුණේ නෑ. එයා පඩිපෙළ දකුණු පැත්තෙ තියෙන බාර් එක අල්ලගෙන, ඇඟෙන් බාගයක් එළියෙ දාගෙන ‘‘මරදානට දෙකක් ගන්න’’ කියල ටිකක් හයියෙන් කෑ ගැහුවා.

බස් එක වැඩි දුරක් ගියේ නෑ කොන්දොස්තර ‘‘ආ... මරදාන බහින්න... මරදාන බහින්න’’ කියල කැගහද්දි ම සුසන්ත මගේ අතින් අල්ලගෙන බස් එකෙන් බැස්සා. එතන කියලත් පිටකොටුවට වඩා වැඩි වෙනසක් නෑ. බහින තැනම තිබුණෙ පොලිසියක්.

‘‘මේ කොහෙදෙ සුසා...?’’

මම එහෙම ඇහුවට සුසන්තට ඒක ඇහුණෙ නැති ගානයි. එයා, එයාගෙ වම් අතින් මගේ දකුණු අත අල්ලගෙන පාර දෙපැත්ත බලනවා; වම් පැත්ත බලනවා, දකුණු පැත්ත බලනවා. ආයෙත් දකුණු පැත්ත බලනවා, වම් පැත්ත බලනවා. කීප වතාවක් මෙහෙම බලපු සුසන්ත එකපාරට ම ‘‘යං යං... ටක් ගාල පැනගමු...’’ කියල මාවත් ඇදගෙන පාරෙ එහා පැත්තට ගියා. එතකොට මම දැක්ක දේවල්...!

 

police

ඒක ලොකු හතරමං යන්දියක්. ඒ හතරමං හන්දිය මැද පොළොවෙ ඉඳල අඩි දෙකක් විතර උසට, රවුමට හදපු පොඩි ගෙයක් වගේ එකක: ගෙයක් කිව්වට තනි කණුවක් හිටවලා කුඩයක් වගේ එකක් තමයි වහලට හයි කරල තිබුණෙ. පොලිස් රාලහාමි කෙනෙක් හිටගෙන හතර පැත්තෙන් එන වාහන: ඒ පැත්තටයි මේ පැත්තටයි පිටත් කරනවා. ආයෙත් වතාවක් එක පැත්කින් එන වාහන නවත්තනවා. අනික් පැත්තෙන් එන වාහනවලට යන්න කියනවා වගේ අත වනනවා. වාහන එළවන අයත් ඒ පොලිස් රාලහාමි යන්න කියල අත වනද්දි යනවා; ඉන්න කියල අත ඉස්සරහට දානකොට ම නතර කරනවා. රාලහාමි හිටපු ගමන් විසිල් එකකුත් පිඹිනවා.


ඊටත් වඩා පුදුමෙ කියන්නෙ අපි ආපු පැත්තට යන පාරෙ අනික් පැත්තෙ පාලමක්...! ඒ පාලම අයිනෙ එක එක නළු නිළියන්ගෙ මහ විශාල බෝර්ඩ් හයි කරල. මට හිතෙන්නෙ ඒ පිංතුරෙක ඉන්න නළුවො නිළියො අඩි අටක් දහයක් විතර උසයි. ඒ උස බොර්ඩ්වල: ගාමිණි ෆොන්සේකා, මාලනි ෆොන්සේකා, විජය කුමාරතුංග, දොන් සිරිසේන, බී. එස්. පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා, රුක්මනි දේවී, සුමනා අමරසිංහ, ගීතා කුමාරසිංහ, රෙක්ස් කොඩිප්පිලි, පියදාස විජේකොන්, පියදාස ගුණසේකර, ඩොමි ජයවර්ධන ඔය වගේ නළු නිළියො ගොඩායි. ඒ හැම බෝර්ඩ් එකක ම ඒ ඒ නළු නිළියො රඟපාන පිචර් එකේ නම් ලියල තිබුණ. සිංහල නළු නිළියො විතරක් නෙවෙයි හින්දි නළු නිළියන්ගෙ පිංතුරත් තිබුණ.

මම එක පාරට ම නතරවුණා ම සුසන්ත ‘‘මොකෝ... බලං ඉන්න ආසෙයි... හරි හරි... එන ගමං බලමු. දැං යං...’’ කිව්වම තමයි මට මතක් වුණේ අපි මේ පිචර් එකක් බලන්න යනව නේද කියල.

‘‘ඇත්තට ම සුසා අපි කොයිබෙයි මේ යන්නෙ...?’’

‘‘යන්නෙ... අයි මං කිව්වෙ පිචර් එකක් බලන්න කියල...’’

 ‘‘හරි හරී... පිචර් එකක් බලන්න යනව කියල දන්නව. මොකද්ද පිචර් එක...?’’

 

cenemaඒ හැම බෝර්ඩ් එකක ම ඒ ඒ නළු නිළියො රඟපාන පිචර් එකේ නම් ලියල තිබුණ. සිංහල නළු නිළියො විතරක් නෙවෙයි හින්දි නළු නිළියන්ගෙ පිංතුරත් තිබුණ.

‘‘මමත් නම දන්නැ... ඉංග්ලිෂ් එකක් වෙන්නැති. ඒකෙ දාන්නෙ ඉංග්ලිස් එව්ව විතරයි. ඒ හුඟක් එව්ව ඇඩස් ඔන්ලි. මොක හරි කමක් නෑ යංකො,’’ කියපු සුසන්ත ආයෙත් මගේ අතින් ඇදගෙන ඉස්සරහට ටික දුරක් ගිහින් යාන්තමට එක්කෙනෙකුට විතරක් ඇවිදින්න පුළුවන් පටු බිංගෙයක් වගේ එකකට ඇතුළු වුණා.

‘‘යකෝ දැනටමත් සෙනගනෙ... ෂුවර් එකට හොඳ පිචර් එකක් වෙන්නැති.’’

සුසන්ත තනියම එහෙම කියවන ගමන් ම මගේ කන කිට්ටුවට එයාගෙ කට ළං කරල ‘‘කවුරුවත් කතා කරාට වැඩිය කතාකරන්න යන්නෙපා හරිය. හිනාවෙලා සද්ද නැතුව ඉන්න හරිය, හිනා නොවි හිටියත් කමක් නැ හරිය...’’

මම වචනවලින් උත්තර දුන්නෙ නෑ. මම කළේ ‘‘හා’’ කියන අදහස දැනෙන විදියට ඔළුව දෙපැත්තට වනපු එක විතරයි.

සුසන්ත නොකිව්වට මට හිතාගන්න පුළුවන්. ෂුවර් එකට ම මේ ගැලරි පෝලිම. හම්මේ ඒකෙ තියෙන සිගරට් ගඳ. ඒ මදිවට සමහර අය මහ හයියෙන් කුණුහරුප කියනවා. හැබැයි ගාල්ලෙ හෝල් තුනේ ම ගැලරි පෝලිම්වල මේ තරම් කලබලයක් නම් තිබුණෙ නෑ. ඉඳල හිටල සිගරට් ගඳක්, ගංජ සුරුට්ටු ගඳක් එනව. ඒත් ඉතිං නමයයි තිහේ ෂෝ එකට විතරයි. මෙහේ තුනයි තිහේ ෂෝ එකටත් මෙහෙම නම් නමයයි තිහට කොහොම ඇද්ද.


cenama ෂුවර් එකට ම මේ ගැලරි පෝලිම. හම්මේ ඒකෙ තියෙන සිගරට් ගඳ. ඒ මදිවට සමහර අය මහ හයියෙන් කුණුහරුප කියනවා.

මෙන්න ඒ පාර එක එක්කෙනා කැගහගෙන ම ඉස්සරහට යනවා. ටිකක් වෙලා පොලිමේ ඉස්සරහට ගියාට පස්සෙ ඇතින් ටිකට් කවුන්ටරේ තියෙනව දැක්කා. ඒක දැකපු ගමන් සුසන්ත ‘‘මට සල්ලි දීල ඔහේ පස්සට එන්නකො කියල බිත්තියට එයාගෙ පිට හේත්තු කරල මට පිටු පස්සට යන්න ඉඩ දුන්නා. එක්කෙනුකුට වඩා හිටගෙන ඉන්න ඉඩ නැති ඒ බිත්ති දෙක අතරෙ එහා මෙහා මාරු වෙනව නම් ඉතිං ඒ විදියට ම තමයි මාරු වෙන්න ඕන.

විනාඩි පහක් යන්න කලිං අපි ටිකට් කවුන්ටරය ළගට ම ආවා.

‘‘දෙකයි...’’

සුසන්ත එහෙම කියල කවුන්ටරේ ඇතුළෙ හිටපු කෙනාට සල්ලි දුන්නා. මනුස්සයා ටිකට් පොත දිහා බලාගෙන ම සල්ලි පැත්තකින් තියලා ටිකට් දෙක කඩල දීල ඉතුරුත් කීයක් හරි දුන්නා. හැබැයි ටිකට් ඉල්ලුවෙ මොන වගේ මිනිහෙක් ද කියලවත් ඔළුව උස්සලා බැලුවෙ නෑ. අන්න ඒකට ගාල්ලෙ ටිකට් දෙන අය... ‘‘ආ... කළු මල්ලී... මේ කීවෙනි පාරෙයි බලන්නෙ...,?’’ කියල අහන්නෙ මුණෙ හිනාව පුරවගෙන. ඒ සමච්චලයටත් නෙවෙයි; යාළුකමට. අපිත් ඉතිං සමහර වෙලාවට නම් ‘‘හතරවෙනි පාර’’ හරි බලපු වතාව කීයද කියල මතක නැතත් ඔය කීවෙනි වතාව හරි කියල ටිකට් එක අරගෙන ඇතුළට යනවා.

සුසන්ත මාවත් ඇදගෙන පිචර් හෝල් එක ඇතුළට ගිහින් බංකුවක වාඩි වුනාටත් පස්සෙ තමයි මම ‘‘මොකක්ද සුසා මේ හෝල් එක...?’’ කියල ඇහුවෙ.

‘‘මේ මරදානෙ ඔලිම්පියා... මේකට එන්නෙම ඉංග්ලිස් ෆිල්ම් මැජෙස්ටික් එකට වගේ ම තමයි.’’

සතියකින් හමුවෙමු...

 

(පිටපත | ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2025/01/11

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...