BREAKING
Top Ad
වායාම

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

T

The Leader

November 7, 2021 • 12:45 AM

වායාම 10 : නාග ශාපය - සුජිත් අක්කරවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාග ගෝත්‍රිකයන් සිංහල ඉතිහාසයේ ද සඳහන් වන ප්‍රබල ජන වර්ගයකි. එමෙන් ම සිංහල සහ දෙමළ ජාතිකවාදය මැද ස්ථානගත වු ජන වර්ගයකි.
  • යකුන් ස්වදේශික ජන ගෝත්‍රයක් ලෙස ද නාගයන් ආගන්තුක ජන ගෝත්‍රයක් ලෙස  අදහස් දැක්වීමක් විද්වත් ලෝකයා තුළ වේ.
  • එම කරුණ සැලකිල්ලට ගිනිමින් නාගයන් ද්‍රවිඩ ජාතියේ මූල ජන ගෝත්‍රය බවට මු`ඳලි රාසනායගම් විසින් ස්වකීය කෘති කීපයකින්ම ඓතිහාසික තර්කයක් ඉදිරිපත් කරයි.
  • මේ සියල්ල තුළින් පෙනෙන කරුණක් නම් දුටුගැමුණුගේ සිංහල රණවාදයේ මුහුණත යක් ගෝත්‍රිකයන් වූ බැවින් එය නාග ගෝත්‍රිකයන් පිළිකෙව් කළ බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):



යකුන් ගෞතම බුදුන් වහන්සේට මහියංගනයේ දී එරෙහි වන විට නාගයන් උන්වහන්සේ පිළිගත්හ. එමෙන් ම නාගයන්ට එරෙහිව යකුන් තුළ දිගු කාලීනව පැවති බල අරගල වලින් මෙරට ඉතිහාසය පිරී පවති. යකුන් ස්වදේශික ජන ගෝත්‍රයක් ලෙස ද නාගයන් ආගන්තුක ජන ගෝත්‍රයක් ලෙස  අදහස් දැක්වීමක් විද්වත් ලෝකයා තුළ වේ.

මේ සියල්ල මැද නාගයන්ගේ දැඩි විරෝධයට බඳුන් වූ සිංහල රජතුමා වන්නේ දුටුගැමුණුය. එම කරුණ සැලකිල්ලට ගිනිමින් නාගයන් ද්‍රවිඩ ජාතියේ මූල ජන ගෝත්‍රය බවට මු`ඳලි රාසනායගම් විසින් ස්වකීය කෘති කීපයකින්ම ඓතිහාසික තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුගේ මතය එක් අතකින් ප්‍රබල වන්නේ ලක්දිව සිංහල, දෙමළ ජාතිකවාදයේ උණුසුම් ම දේශපාලන සමය වු එළාර හා දුටුගැමුණු යුගය සසදා බලන විටය.

 

දුටුගැමුණු මාගම දිනා ගැනිමෙන් පසු මායා රට දිනා ගන්නට දැරූ තැත වලක්වන්නේ එහි විසූ නාගයන්ය. ඉන් ඉක්බිතිව දුටුගැමුණු කුමරුට තම මව වූ විහාර මහා දේවිය යුධ පෙරමුණේ ඉදිරියෙන් ම තබා ගන්නට සිඳුවුයේ මේ නිසාය. දුටුගැමුණුට විරුද්ධ වූ මායා රට නාග ප්‍රභූහු විහාර මහා දේවියට අවනත වුහ. ඉන් මාගම ද මායා රට ද එක්සත් කොටගෙන රජ රට දිනා ගන්නට ගැමුණු කුමරුට පදනම සකස් කර ගත හැකි විය.

 

දුටුගැමුණු කුමරුට එරෙහිව නාග විරෝධය යළිත් ඉස්මත්තට එන්නේ සේරු නුවර දී සහ සෝම නුවරදීය. ඒ දිඝාභය කුමරු හරහාය. සේරු නුවරත් සෝම නුවරත් මාගම රාජධානියේන් ද රජරට රාජධානියේන් ද වියුක්ත වු ජනපද විය. මෙම ජනපද දෙකම නාග ගෝත්‍රිකයන්ගේ සුපිරි වෙළඳ නගර වු අතර, දිඝාභය කුමරු හරහා පාලනය වු බෞද්ධ පුරවරයන් ද විය.

දුටුගැමුණු කුමරුට මායා රට දිනා දුන් තම මව්තුමිය සේරු නුවර හා සෝම නුවර නාග විරෝධය ද සමනය කර දුන්නෝය. මේ සියල්ල තුළින් පෙනෙන කරුණක් නම් දුටුගැමුණුගේ සිංහල රණවාදයේ මුහුණත යක් ගෝත්‍රිකයන් වූ බැවින් එය නාග ගෝත්‍රිකයන් පිළිකෙව් කළ බවකි. නොවේ නම් මුඳලි රාසනායගම් පඬිවරයා ක්‍රි . ව . 1906 රචිත තම “පුරාතන යාපනය“ කෘතියෙන් තර්ක කරන ලෙස නාගයන් නූතන දෙමළ ජාතියේ අතීත පාදම වන නිසාය. මේ පිළිබඳ සිංහල ඉතිහාසඥයොත් ද දෙමළ ඉතිහාසඥයොත් නිමක් නැති විවාදයක තවමත් ගිලි සිටිති.

 

දුටුගැමුණු කුමරු එළාර රජූ ද ඔහුගේ දෙමළ සේනාවද නසා දිග් විජය කළේය. ඉන්පසු රජ දුටුගැමුණුගේ යෝධ පියවර වුයේ මහාසෑය නැංවීමය. ඒ සඳහා ඔහුට මහමේව්නා උයනේ පිහිටි පෞරාණික රන් තෙළඹු වෘක්‍ෂය කපා හෙළන්නට සිඳු විය. එම සිදුවීම දුටුගැමුණු එරෙහි ව මාරක විරෝධාකල්පයක් පැන නැගීමට හේතු වූ අතර එකී විරෝධයට මුල් වූ හාඩි වංශය දේශපාලනික ව සංවිධානය කළේ නාග ගෝත්‍ර බලමුළුව විසින්ය.

 

එය පාගා දමා මහාසෑය නැංවීම සඳහා දුටුගැමුණු රජූ එඩිතර විය. එහෙත් මහාසෑයේ තැන්පත් කිරීම සඳහා සර්වඥ ධාතුන් වහන්සේලා රැගෙන මහරහතුන් වහන්සේලා පෝක් සමූද්‍ර සන්ධිය හරහා වැඩමවීමේ දී උන්වහන්සේලාට මහා විරෝධතාවකට මුහුණ දීමට සිඳු වු බව මහාවංශ සඳහන් කරති. එම විරෝධතාවේ පෙරමුණ ගන්නේ ද නාගයන්ය. එය දිය - ගොඩ දෙකින් ම සිදු වු යුද්ධයක් බඳු වුයේය.

භක්තිමත් බෞද්ධයන් ලෙස ඉතිහාසය පුරා හමුවන නාග ගෝත්‍රීක මූල නාගයන් මෙලස මහාසෑයට විරෝධය පළ කළේ මන් ද? විටෙක නාගයන්ගේ දේශපාලනික උභතෝකෝටිකය වන්නේ ද එයමය. දුටුගැමුණු රජුට බෞද්ධත්වය වඩාත් හොදින් අරෝපණය කර ගැනීමට මෙම විරෝධතා හේතු වුයේය.

අන් අතකින් මහාසෑයේ තැන්පත් කරන්නට ලබාගත් සර්වඥ ධාතුන් වහන්සේලා එතුවක් කල් දිවිහිමියෙන් රැකගෙන සිටියේද නාගයන්ය. නාගයන් සතුව තිබු සර්වඥ ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජතුමා අත්පත් කරගත් ශූර මෙහෙයුම වෙනම කතිකා කළ යුත්තකි. නාගයන් සතු වු ප්‍රබලතම ඓතිහාසික සම්පත වූයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලාය.

නාග, යක් දිගු කාලීන වෛරය දුටුගැමුණු සමයේ කූටප්ප්‍රාප්තියට පැමිණ කෙළවර වූයේ නාගයන්ගේ ඓතිහාසික සම්පත දුටුගැමුණු අතට පත් විමෙනි.

ගැටුම නොනැවතුණි. නාගයන් කෙටිකලක් දූර්මුඛව සිටියේය. දුටුගැමුණු රජූ මහාසෑය (රුවන්වැලිසෑය) නංවන කාර්යයේය. සිවුසතළිස් වසරක (44) එළාර පාලනය නිමා කොට ලක් පොළෝ තලය මත නංවන අසහාය නිර්මාණය ඉදිකිරීම ඇරඹුණේය. ජන හද තුළ වුයේ දුටුගැමුණු ඉර, හඳ පවතින්නාතාක් රට කරවන පාලකයා විය යුතුය යන්නය.

එය කෙතරම් ගැඹුරු ලෙස කාවැද තිබුණේ ද යත් විජය රජු සිංහලයන්ට දයාදකළ සිංහල ජාතික ධජය ද දුටුගැමුණු සමයේ වෙනස් වුයේය. තනි සිංහ රුවින් යුත් සිංහල ජාතික ධජය සිංහයා දෙපසින් ඉර සඳ ලකුණු ඇතුළත්ව නව මුහුණුවරක් ගත්තේය. ඒ ගැමුණු සමය සදාතනික වන බවට තවත් අරුතක් විය. ඉදිවන මහාසෑය ඒ විශ්මයට තවත් බලාපොරොත්තුවක් එක් කළේය. සසුන් භාරධාරී තෙරුන් වහන්සේලා රාජ දේශපාලනික භාරධාරින් වහන්සේලා වන තරමට සසුන රාජ්‍ය පාලනය සමග සහවාස ගත කළහ. මේ සියල්ල වඩාත් කෙන්ද්‍රගත වූයේ මහාසෑයට සර්වඥ ධාතුන් වහන්සේලා ලද උදම් සහගත ජයෙන් අනතුරුවය.

මහා සෑ ගර්භයේ ධාතු නිදන් කළ මංගල්‍යයට පසුව දුටුගැමුණු මහරජ දුටු රුඳුරු සිහිනය ඔහුගේ ආත්මය සසළ කළේය. එතැන් පටන් මහාසෑය නංවා එහි රන්කොත බඳින තුරු ඔහුට ඉවසීමක් නොවිණි. මහාසෑ මළුවට විත් එහි කටයුතු කඩිනම් කරවීම හැර ඔහු අතින් එකළ වෙනත් රාජ්‍ය පාලන කටයුත්ත ඉටු නොවිණි. එය කෙතරම් බරපතළ වුයේ ද යත්  රජ දුටුගැමුණු රාජ සභාව පැවැත්වුයේ මහාසෑ මළුවේදීය. හිමිදිරියේ මහාසෑ මළුවට මහරජු රාත්‍රිය ළගා වන තුරු එහි සිටිමින් වැඩ මුර ඉක්මන් කළේය.

 

එක් සැදෑවක මහ රජතුමාගේ හිස මැදට පැන ගත් නාගයෙක් ඔහුගේ හිස හරි මැද පදා පෙනය පුම්බා විෂ දළින් ඇණ සත් වරක් හිස මුදුනට ගසා නික්මුණේය. පුරුෂ විර්යකින් පිරිපුන් රජ මරණයට මුහුණ දෙන්නට විය. මේ අතර නාගයා රජුගේ රාජකීය වෙඳ දුරා ද පහරදී මරා දැමුවේය. නාග ප්‍රහාරයෙන් ඔත්පල මහ රජු සත් දිනක් මරණය සමග සටන් කොට මරණයට පත් වුයේය.

 

දුටුගැමුණු මහ රජ ඝාතනය කළ මෙම අභිරහස වසර දෙදහසක් මුළුල්ලේ සිංහල අපි ද ඉතිහාසය කතා කරුවන් ද සඟවා ගෙන පැමිණ ඇත්තෙමු. ඒ මන්ද යැයි නොදනිමි.

එත් සිංහල ජන කතාකරු අපුරු ජන කථාවක් ජනප්‍රවාද ගත කර ඇත. ඒ අනුව දුටුගැමුණු මහ රජු යුද්ධය දිනු විගස යාපනයේ නාගදීපයට ගොස් උයනක් ඉදි කළේය.

විවේකය, සැහැල්ලුව ඇවැසි විට ඒ නාග උයනට සැපැමිණ තනිකඩ වීම රජුගේ සිරිතය. දිනක් උයන්පල්ලා වු ජයසේන නාග පොකුණට බැස සුහුඹුල් නාග කෙළිත්තියක් හා රාග හුරතලයක වෙළී සිටිනු දුටු රජුට කාම උද්දීපනය වී ජයසේනගෙන් නාග කෙළිත්තිය උඳුරා ගෙන ඇය හා රමණය කළේය. ඉන් කෝප යටපත් වු ජයසේන ගෙල පාගා මහරජ මරා දැමීමට උත්සාහ කළ බවත්, රජු අතින් එහිදී ජනසේන මිය ගිය බවත්, සඳහන් වේ. ඒ මොහතේ “තො නාගයෙක් වේලා ඇවිත් මරමි“ යැයි පවසා ජයසේන අවසන් සුසුම හෙලා ඇති බවත්, ජනප්‍රවාද කතාව වැඩිදුරටත් කියයි.

එසේනම් දුටුගැමුණු මහ රජු රුවන්වැලි සෑ මළුවේ දී විෂ විද මරා දැමුවේ ඔහුම ද? නොවේනම් කවුරු ද? නාගයන් විසින් දුටුගැමුණුට එරෙහිව කාලයක් පුරා ගෙන ගිය වෛරයේ අවසානය මෙය ද? මෙහි පවසන නාගයා නාගයෙක් ද නොවේ නම් නාග ගෝත්‍රිකයකුද? මේ කිසිවක් නිශ්චිත කර ගැනීමට ඉතිහාසය අපට ඉඩදී නැත.

 

සරළව පවසතොත් දුටුගැමුණු මහ රජතුමාගේ මරණ පරික්‍ෂණ වාර්තාව ජනගත නො වුණේය. එය ඉතිහාසවේදීන් ඉතිහාසගතකිරීමක් ද නොකළේය. ගැමුණු රජු සිරිතේ සියල්ල ලියා ඇත. ඔහුගේ බිසවද ඔහුගේ මරණය ද ඉතිහාසයෙන් සඟවා තබා ඇත. ඒ මන් ද?. දුටුගැමුණු හිස මස්තකයට විද එතුමා මරා දැමු නාගයා කාගේ කවුදැ යි අප තවමත් නොදනිමු. ඒත් ඔහු හෝ එම උරගයා ඓතිහාසික රාජ දේශපාලන බල අරගලයක ජිවමාන සාධකයක් බව පැහැදිලිය. සියවස් විස්සක් ගෙවී ගොස් ඇතත් සිංහල ජාතියේ අසහාය රාජවිරුවාගේ මරණ පරික්‍ෂණය සොයා බැලිය යුතුය. කිසිවෙක් ඒ ගැන නොසිතති. එත් මෙය ඉතිහාස නිමිත්තකි.

 

ඒ අනුව දුටුගැමුණු රජ ඝාතනය කල නාගයා එකල රජු අතින් පරාජය වු නාග ජන ගෝත්‍රයේ වෛර ප්‍රාර්ථනාව ද? නොවේ නම් ද්‍රවිඩ ජන මූලයේ වෛර ප්‍රාර්ථනාව ද? එසේත් නොවේ නම් නාග උයනේ දී තම පෙම්වතිය පැහැරගත් ශෝකය වෛරයට පෙරළී දුටුගැමුණු රජු අතින් මියගිය ජයසේනගේ ආත්මය ද? එසේත් නොමැති නම් දුටුගැමුණු රජතුමාගේ කර්ම විපාකය ද? එසේ නොවේ නම් මේ සියළු සාධක එකට එක් වී සිදු වු නියාමයක් ද?

කෙසේ නමුත් අවසානයේ දුටුගැමුණු රජුම බලයෙන් පහකළ සද්ධාතිස්සට ලක්දිව රජපදවිය යළිත් ලැබුණේය. ගැමුණු පුත් කුමරු සාළිය රාජ දේශපාලනය හැර පියා රොමැන්ටික දාර්ශනිකයකු වුයේය. එළාර ඝාතනය කළ දුටුගැමුණු රජු ද ඝාතනය විය. මහාසෑය සදාතනික වුයේය. ඉතිහාසය සර්ව සාධාර්ණ රිද්මයක අකුරු මාත්‍රාවක් යැයි විටෙක සිතෙන්නේ එබැවිනි.

Sujith 2021සුජිත් අක්කරවත්ත
නිදහස් ලේඛක 
 
කියවන්න - හදාරන්න :
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 

 


THE LEADER TV

 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 

 
 
"ස" ට කඳක් තියෙනවා ඔළුවක් නෑ ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...