BREAKING
Top Ad
වායාම

රවාෂ (02) : කාක පාට ඇයි ? (සුජිත් අක්කරවත්ත)

T

The Leader

September 23, 2023 • 4:05 AM

රවාෂ  (02) : කාක පාට ඇයි ? (සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුටුගැමුණු රජතුමා තනියෙන් ඇයි කියා සොයා යන්න දරණ වෑයම දිග ගමනක් විය.
  • ඇත්තමයි ඒ හිරිමල් කාලේ පපුව පලාගෙන ගිය ඒ කතාව පර්යේෂණ වැලක් ලංකල හැටි නම් පුදුමයක්මය.
  •   දුටු ගැමුණු පුතුට "දුෂ්ඨ ගාමිණී" කියා තාත්තා අපහාස කල බවට කතාවකි.
  • මෙම කතාව හැමෝම දන්නා කතාවකි.එතකොට හැම පුතෙක්ම තාත්තා සමඟ ඇති කර ගන්නා ආරෝව ගැමුණු පුතාද ඇති කරගෙනය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ගමන ගැන මුල්ම ඉව ලැබුනේ කිරින්දෙන් ලී ඔරුවෙන් නැගී පානම ගිය දවසය.

ලංකාවේ රජ නම් අතර ජනප්‍රිය නාම රැල්ලේ දුටු ගැමුණු නම "නම්" රැල්ලක් නොවු හැටි හිතමින් යන විට ඔරුකරුවන් එයට උත්තර නොදී අමුතු කතාවක මාව තනි කලේය. ඇත්තමයි ඒ හිරිමල් කාලේ පපුව පලාගෙන ගිය ඒ කතාව පර්යේෂණ වැලක් ලංකල හැටි නම් පුදුමයක්මය.

 

vgsgretදුටු ගැමුණු පුතුට "දුෂ්ඨ ගාමිණී" කියා තාත්තා අපහාස කල බවට කතාවකි. මෙම කතාව හැමෝම දන්නා කතාවකි.එතකොට හැම පුතෙක්ම තාත්තා සමඟ ඇති කර ගන්නා ආරෝව ගැමුණු පුතාද ඇති කරගෙනය. එත් එය ඔහු සංකේත කලේ තම පිය රජතුමාට ස්ත්‍රී තනපටයක් සහ ස්ත්‍රි නිමිති සළුවක්ද තෑගි කර යවාය. සැබවින්ම තම පුතා වෙතින් ස්ත්‍රී තනපටයක් හා නිමිති සළු තෑගි ලබන්නේ කාවන්තිස්ස රජතුමා කවර හේතුවක් නිසාද. පුතු දුටු ගැමුණු ස්ත්‍රී ඇඳුම් පියාට යවන්නේ මන්ද. ඔරුකරුවන්ද ඉතිහාස පොතට යා යුතුය.

 

මට අවුරුදු 21 උන 1993 ඔහු හැත්තෑතුන් වියේ සිටි සීමොන් සිරිපාලය. සීමොන් මාමා මගෙන් අහපු ඒ කතාව දිගු කතාවක්ය. ඇත්තටම සරල විදිහට ඇහුවොත් ගෑණු ඇඳුම් පිරිමි තාත්තාට ගැමුණු පුතා යැව්වේ ඇයි. අපි කවුරුත් දන්නේ තාත්තා යුද්ධ කාමයට අකැමති නිසා බියගුල්ලෙක් සේ දැක පුතු පියාණන්ව ස්ත්‍රියකට උපමා කල බවය. එසේනම් බියගුළු බවේ සාධකය ස්ත්‍රියක් නම් ගැමුණු කුමරුන්ගේ අම්මා විහාර මහා දේවිය, යුද්ධ කාමයේ සංකේතය වන්නේ කෙසේද? ජාතියේ මහා විරුවා ලෙස දුටුගැමුණුට ඇති ආදරය නිසාම ඔහුගේ ජීවිතය සහ ළමා කාලය තවත් දැහැමින් බලන්නට මගේ හිත පුරුදු උනේ ඔහොමය.

පානම ආවේ දිය සයුරෙන්ය. දිය සයුරෙන් පානම යන ගමනත් අමුතු ගමනකි. කෙවුල් ගම් ගණනාවක් ලංකාවේ නැගෙනහිර වෙරළට සමාන්තරව පිහිටා ඇත. මේ ගම් වල අතීතය හා ඒවාට බැඳුණු පුරාවෘත ලියා ගන්න නිල ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ පර්යේෂණ දියත් නොවුනේය. එම නිසා ලක් ඉතිහාස පවත ඌණ පූර්ණය සහිතව උගන්වන විෂයක් වී තිබේ. කොහොමින් හරි ආ කරුණු  අමතක වූයේ දුටුගැමුණු කුමරු තම තාත්තාට ස්ත්‍රී ඇඳුම් යවන්නට කියා දුන් ගමට ගිය දාය.

7hfgh

මේ කතාව ලක්දිව ඉතිහාසය රස ගුලාව හරාගෙන රස විඳ  බලන්නට තරම් මිහිරි කතාවකි. සමාජ විද්‍යාත්මක සේම තවත් අතකින් මනෝ චෛතසිකය. එසේම නව යොවුන් වියේ මානව ශෛලයන්හි පදනමේ දැහැනකි. ඒ දැහැන කතා ගොඩක් එකට හමු කරයි. ඒ කතා ගොඩ සිදුවීම් ජාලයක මැද පුරුක බව තේරුම් ගෙන බැලිය හැකි සිද්ධීන් ජාලයකි. ඉතිහාසයට ඇති ආලයත් එයට ඇති විරෝධයත්, දෙකම පහ කරගෙන ඉතිහාසය දෙස බලන්න පුරුදු විය යුතුය.

 

ඉතිහාසයට ආලයෙන් අන්ධ වූ විට කිසිවක් නොපෙනෙනවා වාගේමය. ඉතිහාස විරෝධයට අන්ධවූ විටද කිසිවක් නොපෙනේ. ලංකාවේ ඉතිහාසය ආලයෙන් අන්ධ වූ කියවීමකි. ඒවාගේම විරෝධයෙන් අන්ධ වූ මතු කිරීමකි. මේ අන්තගාමී අගතියේ කියවීම් වලට යටපත් වන්නේ පියවි මිනිසුන්ය. දුටු ගැමුණු නම් මිනිසාද ඒ අයුක්තියට පාත්‍රව ඇත.

 

දුටු ගැමුණු රජතුමාගේ යුගයෙන් හරියටම සියවස් පහකට පසු දීප, දැක්මෙන් දීපවංශය ලියැවේ.එතුමාගේ මරණයෙන් සියවස් හයකට පසු එනම් වර්ෂ  613කට පසු මහාවංශය ලියවේ.  එවිට මූල ඉතිහාස කෘති දෙකම ලියැවෙන විට දුටුගැමුණු  පුවත සියවස් හයක්  පුරාණ ඉතිහාස සිදුවීමකි. ඉතිහාසය රචනා කිරීමේදී එම සමයේ සිදු වූ  බොහෝ දේවල් ඛණ්ඩනය කර ලියන්න සිදුවේ. එය ප්‍රායෝගික ඇත්තකි.

ඒත් දැන් බැලිය යුත්තේ තම පියාණන්ට ජාතියේ මහා විරුවා වූ දුටුගැමුණු කුමරු ලය උදම් ව ජවාධික යෞවනයේ  එළි පත්තේදී ගෑණු ඇඳුම් යැවීම අමතක නොකර ලියා තබන්නේ මන්ද කියාය. අද ඉතිහාසකරුවන් නොදත් ඉතිහාසය රීතියේ තානය එයය. ඉතිහාස වාර්තාකරණයේ මෙම පුවත නොමකා නොසඟවා ලියා ගියේ මන්දැයි ලිහා බැලිය යුතුය.

දීපවංශය කතුවරියන් මෙන්ම මහාවංශය කතුවරයාද මේ පුවත ලියන විට නිදාන කතාව නොලියයි. ඒ යමක් සඟවන්නට යැයි සිතීම වැරදි අවබෝධයක්ය. යමක් සිතමින් අනාගත පර්යේෂකයන්ට යමක් සොයා ගන්න මේ කතාව ලේඛණගත කරයි. සිංහල ඉතිහාස රචනයන්හි ස්වභාවය එයයි.

xsdfsdfe

 

මුල් ඉතිහාස රචකයන් යමක් නොලියා තබා තිබෙන්නේ නම්  ඒ නොලියා ඇති දේ සොයා යන්නට ඉඟියක් තබාය. එබැවින් නූතන ඉතිහාස රචකයන්ට තිබෙන තනි මානයේ, තනි දෘෂ්ඨියේ, තනි ජාතියේ, තනි ආගමේ, තනි පලාතේ, තනි පක්ෂයේ, තනි දර්ශනයේ ඒක මානය මුල් රචකයන්ට නොවීය.

 

එසේ නම් ස්ත්‍රී ඇඳුමින් පියරජතුමාට ත්‍යාග යවමින් ගැමුණු කුමරු දේශපාලන තීන්දුවකට යන්නේ කිමද. ගැමුණු රාජ්‍යය අතහැර දා කොත්මලේ කඳු රටේ හුදෙකලා මිනිසෙක් ලෙස සැඟවී ගියේ කිමද.  මේවාට පරිවාර කතා ගොඩකි. ස්ත්‍රී නිමිති සළු ත්‍යාග ලෙස ගැමුණු කුමරුට තම පියාණන්ට යවන්න හේතු වන මනෝ මූලමය හේතුව කුමක්ද? ස්ත්‍රියගේ සළු යවමින් තම තාත්තාව අපහාසයට අගෞරවයට ලක්කරමින් ආත්මීයව අසරණ කරන හේතුව මේ කියන තරම් සරළද.

 

එළාර රජුට එරෙහිව යුද්ධයට යාමට අවසර නොදීම මෙයට හේතුව නම් එය ප්‍රකාශ කිරිමට ස්ත්‍රී සළුම තෝරා ගත්තේ ඇයි. ප්‍රතික්‍රියාව ලියා ක්‍රියාවේ පදනම් නොලියා ගියේ ඇයිදැයි සිතන්නට පෙර හිතිය යුත්තේ එක් දෙයකි‍. ඉතිහාසය හැමවිටම බැලිය යුත්තේ සකලාංගය සමඟය. එවන් සකලාංගයෙන් බලන විට අපිට අපේ තනි දැකීම වෙනුවට බහු දැකීම පහල කරයි.

 

ඒ බහු දැකීම ඔස්සේ මම ඇවිත් නතර වූයේ  අමුතු කතාවක් ලඟය. ගැමුණු පුතු තම තාත්තාට තිසර පටයක් හා ස්ත්‍රී නිමිති සළුව ත්‍යාග කොට යවන්නේ කාක ගලේදීය. කාක ගල උඩදී උපන් ප්‍රශ්ණයක් වූවේය.එනම් කාක වර්ණ තිස්ස හෙවත් "කපුටු පාට තිස්ස" කියමින් යැයි කොවුලන් දුටු ගැමුණු රජතුමාගේ තාත්තාට කීවේ ඇයිද කියාය. එසේ නම් කපුටු පාට තිස්ස යැයි දුටුගැමුණු මහ රජතුමාගේ තාත්තාට ජනතාව සරදම් නමක් දී තිබේ. එවිට ඒ නම නොසඟවා නිල වංශ කතාවේ නම සේ ලියැවේ. එනම් කාකවර්ණතිස්ස හෙවත් කපුටු පාට තිස්ස කියාය. සේ කතාව සොයා යා යුතුය. ලියා තැබීය යුතුය. ඇත්තට දුටුගැමුණු රජතුමාගේ තාත්තා කාක පාට තිස්ස හෙවත් කපුටා වාගේ කීවේ ඇයි?

Sujith 2021(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

sa4408@gmail.com



රවාෂ : ලේඛකයාගේ වෙනත් ලිපි

 එක් කෙනෙක් විතරක් ඇයි? - (සුජිත් අක්කරවත්ත) 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...