BREAKING
Top Ad
වායාම

කාම්බෝජ වාසල - (වායාම 44 - සුජිත් අක්කරවත්ත)

T

The Leader

July 15, 2022 • 2:01 AM

කාම්බෝජ වාසල - (වායාම 44 - සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාම්බෝජ වංශිකයන් සිංහල ඉතිහාසය තුළ මහත් ගරුසරුව සඳහන්ව ඇති ජන වංශයකී. ඔවුහු පූර්ව අනුරාධපුරයහි සිට මෙරට සෙල් ලිපි වල පවා
  • 1179 - 1187) රජුගේ සමයහි දි කාම්බෝජ ජාතිකයන් මහත් ඉහළට නැගවිත් ඇති බව පෙනේ.
  • එමෙන්ම කුලවත් කුල කතුන් සමඟ සහාවාසව ඔවුහු අනුරාධපුර සමයේ සිට බිහිකළ කාම්බෝජ වංශය සමාජ තීරුවක් ලෙස ප්‍රකට භූමිකාවක ද නිරතව සිටියහ.
  • මේ පිළිබඳ සුලබ මතය පාරම්පරිකව ගලා ආ ස්වදේශීක කාම්බෝජ වංශිකයන් තම මුල් භූමියේ කාම්බෝජ ජාතිකයන් ගෙන්වා ගන්නට ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සඳහන්ව ඇත්තාහ. එතැන් සිට පොළොන්නරුව ඇද වැටීම දක්වා කාම්බෝජ ජාතිකයන් ලිඛිත ලේඛණ වල සනිටුහන් ඇත්තේ ගෞරවණීය ස්වරූපයකටය. මේ අතරින් නිශ්ශංකමල්ල (ක්‍රි.ව. 1179 - 1187) රජුගේ සමයහි දි කාම්බෝජ ජාතිකයන් මහත් ඉහළට නැගවිත් ඇති බව පෙනේ.

ඒම සමයේ කාම්බෝජ වංශය සිංහල සමාජයහි මුදුනටම නැග ඒම සංකේතවත් කරන ප්‍රබලම සාධකය  “කාම්බෝජ වාසලය“

 

t3Z4mOPmR5THgQCr 3 1

“කාම්බෝජ වාසල“ නමින් තම වාසල් සතරෙන් එකක් නිශ්ශංකමල්ල රජතුමා නම් කර තිබුණේය. එමෙන්ම කුලවත් කුල කතුන් සමඟ සහාවාසව ඔවුහු අනුරාධපුර සමයේ සිට බිහිකළ කාම්බෝජ වංශය සමාජ තීරුවක් ලෙස ප්‍රකට භූමිකාවක ද නිරතව සිටියහ. මේ අතර එක් විටම නිශ්ශංකමල්ල රජ සමයේ කාම්බෝජ වංශිකයන් මෙරට බහුල වන්නේ මන්ද. එය ඉතිහාස පැනයක්  නංවන නිමිත්තකි. මේ පිළිබඳ සුලබ මතය පාරම්පරිකව ගලා ආ ස්වදේශීක කාම්බෝජ වංශිකයන් තම මුල් භූමියේ කාම්බෝජ ජාතිකයන් ගෙන්වා ගන්නට ඇති බවයි.

 

එසේ නම් කාම්බෝජ ජාතිකයන් ගෙන්වා ගැනීමට හේතුවන හේතුව කවරක් වේද? බාහිර ජාතින් මෙරට ආර්ථිකයේ ප්‍රධාන ස්ථාන අත්පත් කරගෙන තිබු සමයක එවන් බාහිර ජන වංශයකට ලංකාවේ දොර විවර විමේ පහසුව නිසා මෙයට හේතු වන්නට ද ඇත.


නමුත් නිශ්ශංකමල්ල රජුගේ රාජ්‍ය පැවැත්ම නිරතුරු අවදානමක පැවතියකි. ඒ ඔහු මෙරට උපන් ශූද්ධ සිංහලයකු හෝ  උභය කුල සිංහල රජ පෙලපත සමඟ නෑකම් හෝ නැති ඔපපාතිකයෙකු වන බැවිණි. ඒ නිසා දැඩි බෞද්ධාගාමික ප්‍රේමයකින් කටයුතු කරමින් ඉමහත් ප්‍රචාරක යාන්ත්‍රනයක් ඒ වෙනුවෙන් දියත් කළ ද, ඔහු එම නිසා තම රජ පදවිය පිළිබඳ බියෙන් පසු වුවෙකී. එම නිසා රටේ අගනගරය විදෙස් ජනගහණයෙන් පිරි පැවතීම ඔහුට සැනසිල්ලක් ද විය. එත් කාම්බෝජ ජාතිකයන් පිළිබඳ නිශ්ශංකමල්ල රජුගේ බැඳිම ඉන් ඔබ්බට ගියාවු බැඳිමක් බව තහවුරු වන ඉතිහාස සාක්‍ෂීක් අප හමුවේ ඇත.


King Nissanka Mallaඒ අනුව ඔහු කාම්බෝජ වාසල නමින් තම සිවු වාසලින් එකක් නම් කොට කාම්බෝජන්ට ගෞරව දක්වා නැවති නැත. රජ තෙමේ තම පොළොන්නරු වාසල සෙල් ලිපියේ මෙසේ ලියා තබා ඇත. “ කාම්බෝදීන්ට රන් පිළි හා කැමැති වාසලින් වස්තු දී කුරුල්ලන් ඇල්ලීම“ මෙ මඟින් හෙළි වන කරුණක් නම් කාම්බෝජ වංශිකයාට ස්වදේශිකයන් ලවා ගෞරව දැක්විමේ මාවතක් පාදා ඇති බවය.

 

මෙම ලිපිය සමඟ හෙළි වන තවත් වැදගත් ලක්‍ෂණය වන්නේ රජුගේ අමුතු බෞද්ධ ප්‍රචාරය ඔහුට පාරාවලල්ලක් වී ඇති බවය. රජ තෙමේ “සිංහල බුද්ධාගම“ නමින් සිංහල බුදු දහමට නව ව්‍යාහාරයක් එක් කළ මුල් රජය. ඒ අනුව දාර්ශණික බුදුදහම තවත් වටයකින් යටපත්ව ව්‍යවහාරයන් සහ අන්තයන්වලින් විසිතුරු කර “බුද්ධාගම“ නමින් විලාසිතාවක් ඔහු ඇති කළේය. නිශ්ශංකමල්ල රජතුමා මේ සියල්ල සිදු කළේ තමා පරම පූජනීය බෞද්ධයකු බව සනාථ කර දිමටය. ඒ හැර වෙන මගක් සිංහල රාජ්‍යය පාලන කිරිමේදී ඔහුට උරුම නොවිය.

 

මේ විලාසිතා බුද්ධාගම නිසා ඔහු බුදු දහමට නව නියමයන් පනවන්නේය. ඒ අනුව මතට තිත, නිර්මාංශ ප්‍රතිපදාව, සුදු වස්ත්‍ර දැරීම, දඩයම, මසුන් ඇල්ලීම පිටු දැකිම සහ බහු සරාගය, සමසරාගය පාපයක් වීම සිරුර සපුරා වසා ගැනීම ආදී වත් සිල්වත් ප්‍රතිපදා ලෙස කියවිමක් ඇති විය.



මේ සියල්ල බුදු දහම් ලෙස අරුත් ගන්වා නිශ්ශංකමල්ල ඒවා රැකීමට රාජ්‍ය මතවාදයක් සහ මෙම සදාචාර නීති රාජ නියෝග බවට ද පත් කරමින් වඩ වඩා බෞද්ධාගමික වන්න යන්ත දැරුවේය. ඔහුගේ නම අවුරුදු පාලනය මෙවන් විලාසිතා බෞද්ධ සළු පිළිවලින් වැසුණු වෙනම කතිකා කළ යුතු යුගයකි. මින් පසු කළෙක මෙරට රාජ්‍ය බලයට ඔපාපාතිකව කඩා වැටෙන්නෝ සියල්ලෝම නිශ්ශංක මල්ලගේ තාලය තම තාලය ලෙස ගත්හ. ගෞතම බුදුන් වහන්සේගේ සද්ධර්මයට ඔවුහු අමුතු අන්තයන්දි විලාසිතාවකට හරවන අපුරුව නිරීක්‍ෂණය කළ හැකිය. මෙම අන්තවාද වලින් දර්ශනවාදය වසා දැමිම එළාර රජතුමා විසින් ආරම්භ කර නිශ්ශංක මල්ල රජතුමා විසින් ස්ථාවර කර ක්‍රියාවලයකි. එය එතැන් පටන් දඹදෙණිය යුගයේදී දේව ආගම් සමඟ මුසු වී බුද්ධාගම බවට පත්ව බුදු දහම යටපත් කළේය.



කෙසේ හෝ නිශ්ශංකමල්ලගේ දඩයම් තහනම දේශීය ජන වර්ග වලට මෙන්ම කාම්බෝජ වංශයට බලවත් මරු පහරක් වුයේය. බෞද්ධ ජන කොටසක් වු කාම්බෝජ වංශිකයන්ගේ ප්‍රියතම ආහාරයක් වුයේ කුරුළු මස්ය. එමෙන්ම කුරුළුලන් ඇති කිරිමද කාම්බෝජයන්ගේ සිරිතකි. වෙසසින්ම කාම්බෝජ ජාතිකයන් ලෝක තරණය වු අතීත සිදුවිම කුරුළු අපනයනයය. භාරතය මිසරය සහ මැලේසියානු ඉතිහාසය තුල පවා එම රටවල කුරුළු මස් සහ කුරුල්ලන් අපනයනය කරන පිරිස් ලෙස කාම්බෝජ ජාතිකයන් හදුන්වා දී ඇත. මෙවන් ජන වංශයක පාරම්පරික ආහාර වෙලට තහංචි පැනවීම ඔවුහු කුපිත හේතුවක් විය. නිශ්ශංකමල්ලගේ බෞද්ධ විලාසිතාව ඔහුට පාරාවලල්ල විය.


එබැවින් ඔහු ඉහත දැක්වු සෙල් ලිපිය ලියා තැබුවේය. එයින් කියවුනේ කාම්බෝජයන්ට රන් සළු පිළි දි කුරුළු දඩයමෙන් ඉවත් කරන බවය. එය රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් එක් කල විකාරයක් ද විය. ඒ අනුව සිදු වුයේ කුරුළු දඩයමට පිවිසි සිටි දේශීය ජනතාවට කාම්බෝජ වංශයට රන් රිදී- පටසළු පුද දි කුරුළු මස හෝ ඇති දැඩියට කුරුල්ලන් ලබා ගැනීමටය. මෙය නිශ්ශංකමල්ල රජතුමාට තවත් වටයකින් පාරාවළල්ලක් විය. ඒත් පැතිර ගිය මතය වුයේ සිදු වන්නේ දේශීය ජනයා සුචරිතවත් කිරිමත් විදේශිය ජනතාවත් සතුටු කිරිමත් බවය.

27742x

පසුව මෙරට මහා ජන වංශය වු ගොවිගම වංශයට එරෙහිව සෘජු මතවාදි යුද්ධයකට බැසිමට නිශ්ශංකමල්ල රජුට සිදු වු සිදුවීමහි අතුරු මාවත මේ කාම්බෝජ වංශය සහ ඊනියා සුචරිතය. පසුව නිශ්ශංකමල්ල රජතුමා තම ආරක්‍ෂාව සහ රාජ්‍ය ආරක්‍ෂාවහි ප්‍රධාන බලය බවට පත් කර ගන්නේ ද කාම්බෝජ ජාතිකයන්ය. මේ සමඟ එකළ සිරිලක පුරා කාම්බෝජ කරණයක් දියත් ව ඇති බව දැක ගත හැකිය.

කම්බෝජ වංශිකයන්ට අදාල පුවත් සෙල් ලිපි ඉතිහාස වාර්තා එම යුගයට අදාලව රටේ සිව් දිගින්ම ලැබී ඇත. මේ සියල්ල පෙන්වා දෙන්නේ කාම්බෝජ ජාතිකයන්ගේ සරණින් නිශ්ශංක මල්ල රැකී ඇති බවය. එය රජුට වාසියක් වුයේ කාම්බෝජ ජාතිකයන් බෞද්ධයන් ලෙස සිංහලයන් තුළ ගෞරවයට ප්‍රාත්‍ර වු ජාතියක් වීමය. අනෙක් අතින් රසවත් කුරුළු මාංශ රට රටවල රාජ රාජ ආමාත්‍යවරුන්ට යවමින් කාම්බෝජ වංශිකයන් ගොඩනගාගෙන තිබු බලවත් විදේශීය බැඳීම් ජාලයය. එය නිශ්ශංකමල්ල රජුට රාජ්‍ය පාලනයට අතිරේක වාසියක් බවට ද පත් වුයේය.

නමුත් නිශ්ශංකමල්ල යුගයහි සිට පැතිර ගලා ගිය කාම්බෝජ වංශය සිංහල ඉතිහාස බල මුදුනේ කාර්්‍යයකට අත තබා නැත. නමුත් ඔවුහු මෙරට ප්‍රභූ වංශ පෙළපතේ සිට සාමාන්‍ය හුදී ජන පෙළපත් දක්වා මුහු වෙමින් ගමන් කොට අද දක්වා පවති. එවන් වංශ නාම පෙළපත් වලින් ශ්‍රී ලංකා ආරක්‍ෂා හමුදා එදත් මෙදත් පිරි ඇති බවත්, සිහි කළ යුතු ය. එවන් වංශ නාම ඇත්තන් එදා මෙන්ම මෙදා සිරිලක සූපවේද කලාව අත්පත් කරගෙන ඇති බවටද සිහි කළ යුතුය.

වායාම 4 : සරකානි ශාක්‍යසිංහ - සුජිත් අක්කරවත්ත

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
sa4408@gmail.com


වායාම පසුගිය ලිපි මෙතනින්


 කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාම්බෝජ වාසල - (වායාම 44 - සුජිත් අක්කරවත්ත) | The Leader