BREAKING
Top Ad
ඇට මැස්සා

විමල් ට සැලියුට් එකක් ...! - ඇටමැස්සා (68)

T

The Leader

December 2, 2020 • 1:49 AM

විමල් ට සැලියුට් එකක් ...! - ඇටමැස්සා (68)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඹ ගහකට ගල් 10 ක් ගසද්දී එයින් අඹ ගෙඩියකට වදින්නේ ගලක් නැත්නම් දෙකකි.
  •   ඔහු කළේ ඓතිහාසික ප්‍රකාශයකි.
  •   මේ රටේ ජනතාව ගේ ජීවිතවලට බලපාන ප්‍රකාශයකි.
  •   විමල් ගේ දේශපාලනයට එකඟ වුවත් නැතත් ඔහු කළ ප්‍රකාශය හා එකඟවීමට ඒ කිසිවක් බාධාවක් නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය ශීර්ෂය පිළිබද විවාදයේදී හරි ඉලක්කයටම ගලක් වැදුණි.
 
ප්‍රහාරය එල්ල කළේ විමල් වීරවංශ ඇමැතිතුමාය.
 
එතුමා ගැහුවේ මේ රටේ සිටින ලොකුම බහුජාතික බූවල්ලා වූ යුනි ලීවර් සමාගමටය.
 
ඔහු කළේ ඓතිහාසික ප්‍රකාශයකි.
 
මේ රටේ ජනතාව ගේ ජීවිතවලට බලපාන ප්‍රකාශයකි.
 
විමල් ගේ දේශපාලනයට එකඟ වුවත් නැතත් ඔහු කළ ප්‍රකාශය හා එකඟවීමට ඒ කිසිවක් බාධාවක් නොවේ.
 
මේ ඔහුගේ වෙඩි මුරයෙන් කොටසකි.
 
"...ශරීරයට හානිකර සබන් වර්ග පිළිබඳව උසාවිවල නඩු තිබුණා. ඒත් ඒ නඩු ප්‍රතිඵල  මාධ්‍යවල පළ වුණේ නැහැ. ඒවා එතරම් ප්‍රබලයි. ඒ සබන් පිළිකාකාරකයි, හානිකරයි කියලා නඩු තීන්දුවෙන් කියවුණා. කෝ පුවත්පත්වල පළ වුණාද? නැහැ.
 
ලංකාවේ ඇඟ ගල්වන සබන් කැටයක ටීඑෆ්එම් අගය සියයට 76.5 ඉක්මවා තිබිය යුතුයි. එය ප්‍රමිතියේ අඩංගු කොන්දේසියක්. ටීඑෆ්එම් අගය 76.5 ට වඩා අඩුනම් එය සබන් ලෙස හඳුන්වන්න බැහැ. ඒවා හඳුන්වන්නේ ‘බේතින් බාර්’ කියලා.
 
ඒත් අපි සබන් කියලා ඇඟේ ගාන ‘බේතින් බාර්‘ කැටයක ටීඑෆ්එම් අගය සියයට 40 ට වඩා අඩුවෙන්න පුළුවන්. රෙදි සේදීමට ගන්නා සබන් කුඩුවල ටීඑෆ්එම් අගය සියයට 59 යි. ලංකාවේ පාරිභෝගිකයාට මේ ටීඑෆ්එම් අගය ගැන අවබෝධයක් නැහැ. ඒ අනවබෝධය අර දැවැන්ත බහුජාතික සමාගම ජනතාව රවටන්න භාවිතා කරනවා....''
 
කතාව ඇත්ත ‍ය.
 
එහෙත් මේ කතාවෙන් පැන නඟින ගැටළු ගණනාවකි.
 
එනම්, විමල් මේ කතාව කරන තුරු මේ රටේ සෞඛ්‍ය බලධාරීන්, ප්‍රමිති ආයතන, පාරිභෝගික ආරක්ෂාවට අදාළ ආයතන, සංගම් පොල් ගෑවා ද යන්නයි.
 
මේ සියලු ආයතන තව දුරටත් නිහඬව සිටින්නේ නම් ඒ අරඹයා ගන්නා පියවර කුමක්ද ?
 
අපේ හිටපු හිටං ජනාධිපතිතුමා කතා කළේ මයිලෝ ගැන පමණය.
 
එහෙත් ඊට වඩා බරපතල කතා කළ යුතු තවත් බොහෝ දෑ ඇත්තේය.
 
විමල් තව දුරටත් එහිදී මෙසේ පැවසීය.  
 
"...ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් සම්බන්ධ කරගෙන එම ආයතනය 2001 වසරේදී ‘බේතින් බාර්’ නමින් නව එස්එල්එස් ප්‍රමිතියක් රටට හඳුන්වා දෙනවා.  
 
කෘතිම සේදුම් කාරක යොදාගෙන වඩාත් හොඳ නිෂ්පාදනයක් ලබාදීම සඳහා එය හඳුන්වාදුන් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය එයට හේතුව ලෙස එහිදී ප්‍රකාශ කරනවා. 
 
ඒත් එහිදී සිදුවුණේ ‘බේතින් බාර්’ වල ටීඑෆ්එම් අගය විශාල ලෙස අඩුවීමත්, පහළ යන ටීඑෆ්එම් අගය වෙනුවට කෘතීම සේදුම්කාරක සියයට 2 ක් වශයෙන් එකතු කිරීමයි. 
 
 එහිදී ලොව ප්‍රබල සේදුම් කාරකයක් වන එල්එච්එස් නම් සේදුම් කාරක කාණ්ඩයට අයත් සේදුම්කාරක ඇතුළත් කරන්න අවසර දෙනවා.  
 
ඒ කෘතිම රසායනය ලංකාවට වැඩිපුරම ගෙන්වන්නෙත් ඉහත කී දැවැන්ත සමාගම විසිනුයි. ඒවා ඩිෂ් වොෂ් සඳහා යොදා ගත්තා. 
 
ඉන්පසුව එම සමාගම මිලෙන් අඩු, විෂෙන් වැඩි විෂ සේදුම් කාරක මේ ‘බේතින් බාර්’ වලට එකතු කරා. ප්‍රමිති ආයතනය මේ දේවල්වලට දොර හැරලා දුන්නා...."
 
විමල් පෙන්වා දෙන්නේ යුනි ලීවර් සමාගමේ යථාර්ථයයි.
 
විමල් විසින් මේ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිරුවතයි.
 
විමල් මෙහිදී නොකියන කතාවක් ඇත.
 
එනම්, මේ සියල්ලම සිදුවන්නේ සල්ලි එහා මෙහා විසි කිරීමෙන් බවයි.
 
සබන් හරහා ජනතාවගේ ජීවිත මරණයට යොමු කර රජයේ නිලධාරින් සාක්කු පුරවාගෙන ඇත.
 
 විමල් ගේ කතාවේ තව ඉදිරියට යමු.
 
"...1920 ඒ කියන්නේ සුද්දගේ කාලේ ඉඳන් මේ සබන් අපේ වෙළෙඳපොළේ තිබුණා. 
 
ඒත් දැන් ඒවා ‘බේතින් බාර්‘ වෙලා.  
 
සබන් වෙළෙඳ පොළේ ආධිපත්‍යය මේ අය දැන් පතුරවලා ඉවරයි. 
 
බේතින් බාර්වලට මුවාවෙලා මිනිසුන්ගේ ඇඟ ගල්වන්න විෂ සහිත සබන් දෙන්න ඒ අය ක්‍රියා කරනවා. 
 
මේ සේදුම්කාරකය ලොව කොහේවත් සබන්වලට භාවිත වෙන්නෙ නැහැ.  
 
ඩිස් වොෂ්, කාර් වොෂ්, කාර්පට් ක්ලීනර් වැනි නිෂ්පාදන සඳහා තමයි මේ සේදුම්කාරක යොදාගන්නේ. 
 
නිවෙස්වල භාණ්ඩ පිරිසිදු කරන්න යොදාගන්නා සේදුම්කාරක වලත් මේ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙන්නේ සියයට 4 ක පමණ ප්‍රමාණයක් පමණයි.  
 
ඒත් මේ බේතින් බාර්වල සියයට 3.1 සිට 5.1 දක්වා ඒවා අඩංගු වෙනවා.  
 
ලොව ප්‍රකට සඟරාවක දැක්වෙනවා මේ එස්ඞීබීඒඑස් රසායනය සියයට 4 කට වඩා අඩංගු නිෂ්පාදන මිනිස් සමට සහ ඇස්වලට හානිකර බව.  
 
පර්යේෂණ මගින් එය සනාථ වෙලා තිබෙනවා. 
 
මෙතරම් විෂ සබන් කැට මිනිසුන්ගේ ඇඟේ ගාන්න දීලා බලන් ඉන්න ලෝකයේ එකම රට ලංකාව විතරයි. එම සමාගමට ලංකාවේ පාරිභෝගිකයාව පේන්නේ කාර්පට් එකක් විදිහටයි. ප්‍රමිති ආයතනයේ නිලධාරීන් මේවට ලැජ්ජා වෙන්න ඕන...."
 
ප්‍රමිති ආයතන නිලධාරින් පමණක් නොව මේ පිළිබදව මේතාක් කටක් ඇරපු නැති සෙසු ඇමැත්තන් ද, නියෝජ්‍ය ඇමැත්තන් ද, රාජ්‍ය ඇමැත්තන් ද ලජ්ජා විය යුතුය.
 
 
විමල් ඇමැතිතුමනි, 
 
සබන් කැටයෙන් පමණක් මේ ගමන නතර කළ යුතු නොවේ.
 
අජිනොමොටෝ දමා පොඩි එවුන්ට කෑම කැවීමට එවන සුප් කැට ගැනද කතා කළ යුතුය.
 
උම්බලකඩ කුඩු කියා අජිනොමොටෝ ගිල්ලවන බහුජාතික සමාගම් ගැනද කතා කළ යුතුය.
 
මේ රටේ දරුවන්ට කිරි පිටි වෙනුවට විෂ පිටි පොවන සමාගම් ගැනද කතා කළ යුතුය.
 
පාම් තෙල් ජාවාරම්කරුවන් ගැනද කතා කළ යුතුය.
 
සුදු හාල්වලට ඩයි එක්කරන, කීරී සම්බාවලට සුවඳ මිශ්‍ර කොට සුවඳැල් හාල් කරන ජඩ ව්‍යාපාරිකයන් ගැන ද කතා කළ යුතුය.
 
ලෙඩ්ඩුන්ව පණ පිටින් මරාගෙන කන පෞද්ගලික රෝහල් හා දොස්තර මාෆියාවට එරෙහිව ද කතා කළ යුතුය.
 
මේ තැබූ පියවර දිගේ ඉදිරියටම යන මෙන් විමල් ඇමැතිවරයාට අපි ඇරයුම් කරමු.
 
එක එල්ලේම ජනතාවට බලපාන මේ ප්‍රශ්න හමුවේ ඉතිරි 224 ම කටවල් සහ පුකවල් වසා ගෙන සිටියාට කම් නැත.
 
එක හඬක් වුවද මේ මොහොතේ අපට එය කාහළ  නාදයකි.
 
(ඇටමැස්සා)  
 

                        

කියවන්න
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...