The Leader News
BREAKING
Top Ad
Gossip

'13 අහෝසි කරන්නේ නෑ': ඩග්ලස්ගෙන් සරත්ට කනේ පාරක්! - 'ආණ්ඩුව තුළත් සතුරු බලවේග' - විමල් කියයි

T

The Leader Desk

August 26, 2020 • 7:55 AM

'13 අහෝසි කරන්නේ නෑ': ඩග්ලස්ගෙන් සරත්ට කනේ පාරක්! - 'ආණ්ඩුව තුළත් සතුරු බලවේග' - විමල් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන ආණ්ඩුව යටතේ 13 වන සංශෝධනය අහෝසි වීමක් සිදුනොවන බව සහතික යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අවධාරණය කර සිටියි.
  • 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංංශෝධනය ගෙන ඒමේ දී දකුණ මෙන්ම උතුර ද එරෙහි වූ බව එහිදී සිහිපත් කළ  ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා, එහෙත් තමා එදා පළාත් සභා වෙනුවෙන් පෙනී සිටි බවත් එය ප්‍රායෝගික බවත් සඳහන් කළේය.
  • පසුගියදා ඉන්දියාව ද 13 සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතු බව සඳහන් කළ බව ඔහු සිහිපත් කළේය.
  •  තමා අපේක්ෂා කළ තරම් මන්ත්‍රී ප්‍රමාණයක් ලැබිණි නම් සියලු ප්‍රශ්න එකිනෙක විසඳන බව ද ඔහු මෙහිදී පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමතිවරයා එබව සඳහන් කර සිටියේ, වව්නියාවේ දී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදිය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංංශෝධනය ගෙන ඒමේ දී දකුණ මෙන්ම උතුර ද එරෙහි වූ බව එහිදී සිහිපත් කළ  ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා, එහෙත් තමා එදා පළාත් සභා වෙනුවෙන් පෙනී සිටි බවත් එය ප්‍රායෝගික බවත් සඳහන් කළේය.

පසුගියදා ඉන්දියාව ද 13 සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතු බව සඳහන් කළ බව ඔහු සිහිපත් කළේය.

 තමා අපේක්ෂා කළ තරම් මන්ත්‍රී ප්‍රමාණයක් ලැබිණි නම් සියලු ප්‍රශ්න එකිනෙක විසඳන බව ද ඔහු මෙහිදී පැවසිය.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීමක් සිදු කලේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හා සම්බන්ධ පළාත් සභා ක්‍රමය වහා අහෝසි කරන්නැයි පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර විසින් රජයට යෝජනා කර ඇති දේශපාලන පසුබිමක් තුලය.

 

'ආණ්ඩුව තුලත් සතුරු බලවේග' - විමල් ගෙන් අනතුරු ඇඟවීමක් !

මේ අතර කර්මාන්ත ඇමැති විමල් වීරවංශ පවසන්නේ, නව ආණ්ඩුව තුළ පවා සතුරු බලවේග වෙස්මුහුණු පැළඳගෙන සිටිය හැකි බව බවත් ඒ ගැන අවධානයෙන් සිටිය යුතු බවත්ය.

ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරන ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒ බොහෝ දෙනාගේ වෙස්මුහුණු ගැලවීමට නියමිතව ඇතැයිද ඔහු කියා සිටියි.

ඔහු එම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සව සභාවක් අමතමිනි.

නව ආණ්ඩුවක් බිහි කළ පමණින් ඡන්දදායකයන්ගේ විද්වතුන්ගේ වගකීම අවසන් වී නැතැයිද ඇමතිවරයා එහිදී තවදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් :

13ත් සමග පළාත් සභා වහාම අහෝසි කර දමන්න! – පළාත් සභා ඇමතිගෙන් යෝජනාවක්

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...