BREAKING
Top Ad
Gossip

කාදිනල් හිමිගේ ඉල්ලීම වැඩකරයි ද ? - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වෙනසක් !

T

The Leader

April 18, 2026 • 10:25 AM

කාදිනල් හිමිගේ ඉල්ලීම වැඩකරයි ද ? - ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වෙනසක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර දරන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්
  • බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ කුමාර ජයකොඩි ඉදිරි දිනවල මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වීමට නියමිත බවත්, එසේ ඉල්ලා අස්වූ පසු තුයියකොන්තා එම පුරප්පාඩුවට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
  • පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ සමයේදී නැගෙනහිර යුද හමුදාපති ආඥාපති ලෙස කටයුතු කළ අරුණ ජයසේකර ට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් අගරදුගුරු හිමිපාණන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ලවී ඇත.
  • ආරක්ෂක ලේකම් පුටුවට හිටපු යුද හමුදාපති දයා රත්නායක?
අකුරු ප්‍රමාණය (Font Size):

විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පත් කිරීමට යෝජනාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ කුමාර ජයකොඩි ඉදිරි දිනවල මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වීමට නියමිත බවත්, එසේ ඉල්ලා අස්වූ පසු තුයියකොන්තා එම පුරප්පාඩුවට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ සමයේදී නැගෙනහිර යුද හමුදාපති ආඥාපති ලෙස කටයුතු කළ අරුණ ජයසේකර ට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් අගරදුගුරු හිමිපාණන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් දැඩි චෝදනා එල්ලවී ඇත. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ සංශෝධනයට එයද ප්‍රධාන හේතුවක් වී තිබෙන බව දැනගන්නට ඇත.

අරුණ ජයසේකර ට විරුද්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන් මීට පෙර විශ්වාස භංග යෝජනාවක් භාර දුන්නද තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එය විවාදයට ගැනීම කතානායකවරයා ප්‍රතික්ෂේප කළේය.

ආරක්ෂක ලේකම් පුටුවට හිටපු යුද හමුදාපති දයා රත්නායක?

මේ අතර තුයියකොන්තා ඉවත් වීමෙන් පුරප්පාඩු වන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට හිටපු යුද හමුදාපතිවරයෙකු වූ දයා රත්නායක පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

වත්මන් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්ත පාර්ලිමේන්තුවට පත්විම සඳහා ඉදිරි සතියේ ඉවත්වීමෙන් පසු දයා රත්නායක එම තනතුර සඳහා යෝජනා කර තිබුණේ ආණ්ඩු පක්ෂයට හිතවත් පිරිසක් විසින් බව වාර්තාවේ.

එහෙත් පවත්නා තත්ත්වය යටතේ ජනරාල් දයා රත්නායක එම තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ.

( lankalokaya | අසේල පෙරේරා )

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...