BREAKING
Top Ad
Gossip

පැලවත්තේ ගුටි කෙලිය ! ; ඇත්තක්ද නැද්ද...? - ටිල්වින් වීඩියෝවක් එලියට දායි

T

The Leader

May 10, 2026 • 3:15 AM

පැලවත්තේ ගුටි කෙලිය ! ; ඇත්තක්ද නැද්ද...? - ටිල්වින් වීඩියෝවක් එලියට දායි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහුගිය දවස්වල ආණ්ඩුව ඇතුලෙත් හරි ජරමරනේ. ඉතින් ඕව ගැන එක එක කතා යනවා. ඔන්න හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිතයි තවත් කට්ටියකුයි මාධ්‍යවේදියෝ ටික දෙනෙකුයි එකතුවෙලා සිද්ධ වෙච්ච අල කලංචි ගැන කතාව...
  •  ඉතින් දන්නෙ නැතුව කොහොමද ඇත්ත කියලා කියන්නේ...
  • හොයල බැලින්නම් ඔය වගේ ගෝරි ඕක ඇතුලෙ නැති දවසක් නෑ කියන්නේ..
  •   මියගිය කපිලලා අරවින්දලා අතර ඊට කලින් දවසේ රාත්‍රියේ සිද්ධ වෙච්ච අලකලංචියක් ගැන උවිඳුට ආරංචි වෙලා , එයා ඒකට දාපු කමෙන්ට් එකක් කියලයි ආණ්ඩුවට හිතවත් බුකිවාසීන් කියන්න ගත්තේ.
අකුරු ප්‍රමාණය (Font Size):


'' මාතෘකාව ආණ්ඩුවේ නොහැකියාව. රාජිතට නං කියන්න කරුණු ඕන තරම්. ගෙවල් වලට පැනලා මහදවල් බත් මුට්ටි උස්සන් දුවපු එවුන්ට ආණ්ඩුවක් බාර දීලා මහා භාණ්ඩාගාර භාර දෙනකොට ඔය නස්පැත්තිය අපි කිව්වා...''

ඒ  අස්සේ ඊළඟට ගිය කතාව තමයි පැලවත්තේ ගුටිකෙළිය... මාධ්‍යවල කට්ටිය මේ ගැන සෝෂල් මීඩියා එකේ ගිය එක එක කතා කියනකොට රාජිත  හයියෙන් හිනාවුණා...

 “පැලවත්තේ හැමදාම ගැටුමක් තියෙනවා. ඔය බොල්ෂෙවික් අදහසුයි අනිත් මාලිමාවෙ අයගේ අදහසුයි අතර සදාතනික ගැටුම ඕක තමයි. ඒ උනත් ඔය කියන තරම් යකා කළු නෑ. ඒගොල්ලන්ගේම ෂෝෂල් මීඩියා ඕවා එළියට දාන්නේ ගැටුම් කලමනාකරණය කරන්න. ප්‍රවෘත්ති සමබර කරන්න. අවධානය බෙදන්න...”

 ඒත් සමහර අය කතාවට එකඟ නෑ. ටිල්වින්ට තුවාල වෙලා ඉස්පිරිතාලේ කියලත් කෙනෙක් කිව්වා...හරියට දැක්ක වගේ...

 “ඕක අර උවිඳු දාපු පෝස්ට් එකක් හින්දා පටන් ගත්ත කතාවක් කියලයි මම නම් දන්නේ. ඕක අල්ලන් එක එකා විවිධ කතා ගොතනවා දැකලා ඒ මිනිහා ආයෙ එකක් දාලා තියෙනවා එහෙම දෙයක් වෙලා නෑ කියලා. මුන්ට පිස්සු... මුං මූලාශ්‍ර ගන්නේ අර කොහෙද එංගලන්තේ ඉන්න මිනිහෙක් ලියන හෑලි කෝට් කරගෙන. ඔන්න මුන්ගේ ජර්නලිසම්.

 පැලවත් ව සිද්ධිය ගැනත් එක එක කතා යනවා.  ඔක්කොම බොරුව කියලා කියන්න අපට බැහැ තමයි.  ඉතින් දන්නෙ නැතුව කොහොමද ඇත්ත කියලා කියන්නේ... හොයල බැලින්නම් ඔය වගේ ගෝරි ඕක ඇතුලෙ නැති දවසක් නෑ කියන්නේ..

 ඒ අතරේ ජනාධිපති අනුරගේ ලන්ඩන් යාලුවා , කලම්බෝ ටෙලිග්‍රාෆ් සංස්කාරක, උවිඳු කුරුකුලසූරිය ගේ නම ගෑවිලා ප්‍රසිද්ධ වෙච්ච ෆේස්බුක් පොස්ටුවක් ගැන  වෙනම කතාවක් සමාජයේ හීනියට ප්‍රචාරය වෙන්න ගත්තා...  ඔන්න එකත් අහන්නකෝ

උවිඳු දාල තිබුන  පෝස්ට් එක මතකද... මතක නැත්නම් ඔන්න උපුටලා  ම දෙනවා...

 ''ඊයෙ අතින් පයින් ගහගෙන නේද! හරිම ඛේදනීයයි! ''

කියලයි උවිඳු ගේ පොස්ටුවේ තිබුනේ.

q35y5y5yfgdfg
 සමහරු ඉස් ඉස්සෙල්ලම ඕකට කමෙන්ට් කරලා තිබුනේ මියගිය කපිල චන්ද්‍රසේකර ගේ හුටපටයක් විදියට .  

මියගිය කපිලලා අරවින්දලා අතර ඊට කලින් දවසේ රාත්‍රියේ සිද්ධ වෙච්ච අලකලංචියක් ගැන උවිඳුට ආරංචි වෙලා , එයා ඒකට දාපු කමෙන්ට් එකක් කියලයි ආණ්ඩුවට හිතවත් බුකිවාසීන් කියන්න ගත්තේ.

කලින් දවසේ අරවින්දල කපිලලා තව කීප දෙනෙක් භෝජන සංග්‍රහයකදී ඒකට රෑ එකතු වෙලා. හීනියට  අඩියක් එහෙමත් ගැහුව කියල කියනවා. මේවා ආරංචි... ‌හොදේ.... ඔය වෙලාවේ කපිලයි අරවින්දයි අතර පුංචි  විරසකයක් ඇතිවුණාලු. ඔය වෙලාවෙ බහින්බස්වීමක් වෙච්ච එක ගැන ආරංචිය යාළුවෙක් උවිඳුට කියලා ලු.

 ඔන්න ඕක ගැන තමයි ලු , ''ඊයෙ අතින් පයින් ගහගෙන නේද! හරිම ඛේදනීයයි! '' කියල උවිඳු පොස්ටුවක් දාලා තියන්නේ

 ඔය පෝස්ට් එක ඇත්තටම ආවේ කපිල චන්ද්‍රසේනගේ මරණේ ආපු වෙලාවෙම තමයි.  ඒක දැකලා උවිඳු මෙහෙම ලිව්වද දන්නේ නෑ. . හැබැයි එහෙමයි කතාව...

'' උවිඳු  කවදාවත් බොරු කියන්නෙ නෑ...”  - මාලිමා ආණ්ඩුවේ සමහර මාධ්‍ය ආයතන ලොක්කෝ  එහෙමත් කියල තිබුනා.

 එත් එදා දවල් වෙද්දී කතාව වෙනින් පැත්තකට හැරුනා. හැරුනා කියනවට වඩා හොඳයි උවිඳුගේ පොස්ටුවට වෙනම අර්ථකථනය කරලියට ආවා.

ඒ කියන්නේ , උවිඳු ඔය කියල තියන්නේ පැලවත්තේ රෑ වෙච්ච ගුටි කෙලියක් ගැන කියල.

ඒ කතාවල හැටියට පැලවත්තේ සහෝදරවරු කට්ටියක් ටිල්වින් සහෝදරයට හොඳ හැටි නෙලලා. බිමලුත් වලියට පැටලිලා. එකම ජංජාලයක් ලු.. ඊයේ දවසම වයිරල් වුනේ ඔය කතාව..

ඔන්න බලන්නකෝ එකින් එක පැටලිලා ආරංචි වෛරල් වෙන හැටි...

 අන්තිමේ ඒ මගුලේ එතන එහෙම එකක් වෙලා නෑ කියලා මේක නිවැරදි කරන්නත් උවිඳුට සිද්ධ වුනා.  කපිල චන්ද්‍රසේනලාගෙ කේස් එක නෙවෙයි. පැලවත්ත ජරමරේ.

690332128 10163901431019818 5677815697874447319 n
''මේ පේජ්කාරයෝ/වෙබ්කරන අය හිට් ගන්න මාව ඇදගන්නවා. මම මෙහෙම එකක් කොහේවත් ලියා හෝ කියා නැත. මගෙ යාලුවෙකුට තව යාලුවෙක් ගහල තිබ්බ. ඒ අයට තමා මම මගේ පෝස්ට් එක ලිව්වෙ, හරිම ඛේදනීයයි කියල.  '' ඔන්න උවිඳු කඩේ වහල දානවා.



ඔන්න බැරිම තැන උවිඳු අද උදේ මෙහෙම පොස්ට් එකක් දාලා

gser56445674576576
පැලවත්තේ වලියක් ගැන කතාව කොච්චර වයිරල් වෙලා ද කිව්වොත් ඔන්න  ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා  ''පැලවත්තේ වලියක්ද ?' කියන කාරණේ පැහැදිලි කරන්න වීඩියෝවකුත් . බලන්න කෝ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...