The Leader News
BREAKING
Top Ad
Gossip

20 සම්මත කරන්න 2/3 නෑ. ! - විපක්‍ෂයෙන් කිහිප දෙනෙකු මිළ දී ගන්න යයි !

T

The Leader Desk

September 6, 2020 • 2:16 PM

20 සම්මත කරන්න 2/3 නෑ. ! - විපක්‍ෂයෙන් කිහිප දෙනෙකු මිළ දී ගන්න යයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුත්තේ තුනෙන් දෙකක බහුතර බලයකිනි.
  • කෙසේනමුත් මේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3 බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නියෝජනය නොකරයි.
  • ඊට අමතරව ආණ්ඩුවට සහාය දෙන ඩග්ලස් දේවානන්ද, අතාවුල්ලා, පිල්ලෙයාන් පක්‍ෂවල මන්ත්‍රීන් 05 ද සමගින් එය 148කි.
  • තීරණාත්මක අවස්ථාවක කතානායකවරයාට ද ඡන්දය ඳීමට අවස්ථාව ඇතත් ඔහු ද සමග ඇත්තේ 149කි.
අකුරු ප්‍රමාණය (Font Size):
ජනමත විචාරණයක් අවශ්‍ය නැති වුවද එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයකින් සම්මත කළ යුතු බව නීතිපතිවරයා දැනුම් දී ඇත.

කෙසේනමුත් මේ වන විට පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3 බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නියෝජනය නොකරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තේරී පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 145 ක් වණ අතර ඒ අතරින් කතානායකවරයා සහ බන්ධනාගාරගතව සිටින චොකා මල්ලි අත්හැරි විට ඔවුන්ට ඇත්තේ මන්ත්‍රී ධුර 143 කි.

ඊට අමතරව ආණ්ඩුවට සහාය දෙන ඩග්ලස් දේවානන්ද, අතාවුල්ලා, පිල්ලෙයාන් පක්‍ෂවල මන්ත්‍රීන් 05 ද සමගින් එය 148කි.

තීරණාත්මක අවස්ථාවක කතානායකවරයාට ද ඡන්දය ඳීමට අවස්ථාව ඇතත් ඔහු ද සමග ඇත්තේ 149කි.

විපක්ෂයේ මන්ත්‍රීන් 09 ක් !

මෙම තත්වය යටතේ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවදෙනකු 20 වන සංශෝධනය සහාය දීමට සූදානමින් ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබේ.

විපක්ෂය නියෝජනය කරන දෙමල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හා විපක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන සිංහල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දැනටමත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්ඡාවන් පවත්වා ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට සහාය ලබාදෙන්නේ කුමන ආකාරයෙන් දැයි දැන් එන එළැඹෙන සතියේ දී ද තීරනාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ නමුත් රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂ ආණ්ඩුවට එක් කර නොගැනීමට ආණ්ඩුව දැඩි ස්ථාවරයක පසුවන්නේ යයි ද වාර්තා වෙයි.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...