The Leader News
BREAKING
Top Ad
Gossip

''මා දැන් වියපත්..ලෙඩා දුකා..මටත් ඇමතිකමක් දෙන්න''- විපක්ෂ ප්‍රබලයෙක් බැසිල්ගෙන් ඉල්ලලා ලු!

T

The Leader Desk

August 13, 2020 • 9:58 AM

''මා දැන් වියපත්..ලෙඩා දුකා..මටත් ඇමතිකමක් දෙන්න''- විපක්ෂ ප්‍රබලයෙක් බැසිල්ගෙන් ඉල්ලලා ලු!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවමත් පුරප්පාඩු වී ඇති ඇමති ධුරයක් සදහා තමන් පිලිගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකු බැසිල් රාජපක්ෂගෙන්
  • කැබිනට් ඇමති ධුර තව දුරටත් පුරප්පාඩු වී ඇති නිසා ඒ ඕනෑම ඇමතිකමක් තමන්ට දෙන ලෙසත් නොහැකිනම් රාජ්‍ය ඇමති ධුරයක් වුව ප්‍රමාණවත් බවත් ඔහු දන්වා ඇත.
  • තමන් දැන් වියපත් පුද්ගලයෙක් බවත් තවදුරටත් ආණ්ඩුවක් සමග රණ්ඩු කිරීමේ හැකියවක් තමන්ට නැති බවත් කියද්දී හිටපු ඇමතිවරයාට දෙතුන් වතාවත් ඉකි ගැසුනු බවද එම සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
  •   තවත් ව්‍යාප්ති ඇමතිවරුන් !
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලීමක් කර ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවි කිහිපයක් ම වාර්තා කර ඇත.

එම පුවත් වාර්තා වලට අනුව, දිගින් දිගටම උත්සාහ කලද ජනාධිපති හෝ අගමැති සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා බැසිල් රාජපක්ෂට කතා කර මෙම හිටපු ඇමතිවරයා ඉතා හැඩුම්බරව මෙම ඉල්ලීම කර තිබේ.

කැබිනට් ඇමති ධුර තව දුරටත් පුරප්පාඩු වී ඇති නිසා ඒ ඕනෑම ඇමතිකමක් තමන්ට දෙන ලෙසත් නොහැකිනම් රාජ්‍ය ඇමති ධුරයක් වුව ප්‍රමාණවත් බවත් ඔහු දන්වා ඇත.

තමන් දැන් වියපත් පුද්ගලයෙක් බවත් තවදුරටත් ආණ්ඩුවක් සමග රණ්ඩු කිරීමේ හැකියවක් තමන්ට නැති බවත් කියද්දී හිටපු ඇමතිවරයාට දෙතුන් වතාවත් ඉකි ගැසුනු බවද එම සමාජ මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

 

තවත් ව්‍යාප්ති ඇමතිවරුන් !

ඊයේ දිනයේ දිවුරුම් දෙන ලද රාජ්‍ය සහ කැබිනට් ඇමතිවරුන්ට අමතරව තවත් ව්‍යාපෘති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවට ද රාවයක් පැතිර යමින් පවතී.

එම ආරංචිමාර්ග වලට අනුව ව්‍යාපෘති ඇමතිවරුන් පස් දෙනෙකු නම් කිරීමට සාකච්ඡාවක් ඇති වී තිබෙන සදහන්ය.

දැනට එම පත්කිරීම් සම්බන්ධයෙන් දිනයක් මෙතෙක් තීරණය කර නැතැයිද සදහන් වෙයි. එසේ  ව්‍යාප්ති ඇමතිධූර ලබා දීමට යෝජනා වී ඇත්තේ මෙවර ඇමති ධුර කිසිවක් නොලැබුණු ජ්‍යෙෂ්ඨයින් පිරිසකටයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...