The Leader News
BREAKING
Top Ad
Gossip

මහින්ද විශ්‍රාම ගැනීමේ සුදානමක නැහැ! - බැසිල්ට අගමැතිකම දෙන කතා බොරු!

T

The Leader Desk

September 11, 2020 • 10:30 AM

මහින්ද විශ්‍රාම ගැනීමේ සුදානමක නැහැ! - බැසිල්ට අගමැතිකම දෙන කතා බොරු!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර දෙකකින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ
  • අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ, වසර 5 කට ජනතාව බලයදී ඇති බැවින් එම කාලය සම්පූර්ණවීමට පෙර ධුරය අත්හැරීමේ අදහසක් නොමැති බවය.
  • පසුගියදා ඩේලි මිරර් පුවත්පත ද වාර්තා කර තිබුනේ මහින්ද රාජපක්ෂ 2022 වසරේදී විශ්‍රාමයාම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.
  • පෙරේදා දින සිය පෞද්ගලික කාර්යමණ්ඩලයේ ප්‍රධානින් කැඳවා ඇති අගමැතිවරයා 2022 වසරේදී තමන් අගමැති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ද පැතිරෙන වාර්තා පදනමක් නැතැයි අවධාරණය කර ඇතැයි පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):

'ඩේලි මිරර්' පුවත්පතට ඊයේ පවසා තිබේ.

අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ, වසර 5 කට ජනතාව බලයදී ඇති බැවින් එම කාලය සම්පූර්ණවීමට පෙර ධුරය අත්හැරීමේ අදහසක් නොමැති බවය.

ඔහු එම පුවත්පතට මේ අදහස් පළකර තිබුනේ, වසර දෙකකින් අගමැති ධුරයෙන් විශ්‍රාම ගෙන බැසිල් රාජපක්ෂ අගමැති කිරීමේ සූදානමක් ගැන පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.

පසුගියදා ඩේලි මිරර් පුවත්පත ද වාර්තා කර තිබුනේ මහින්ද රාජපක්ෂ 2022 වසරේදී විශ්‍රාමයාම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.

 

කාර්ය මණ්ඩලය කැඳවයි.

පෙරේදා දින සිය පෞද්ගලික කාර්යමණ්ඩලයේ ප්‍රධානින් කැඳවා ඇති අගමැතිවරයා 2022 වසරේදී තමන් අගමැති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ද පැතිරෙන වාර්තා පදනමක් නැතැයි අවධාරණය කර ඇතැයි පැවසේ.

ජනතාව විසින් මහ මැතිවරණයේදී තෝරා ගන්නා ලද්දේ වසර පහක කාලයක් සඳහා බවත්, ඒ නිසා ඊට පෙර විශ්‍රාම යාමට තමන් කිසිදු අදහසට නැති බවත් ඔහු එහිදී සඳහන් කර ඇතැයි ද වාර්තාවේ.

එවැනි කටකතා පැතිරයාමට බලපෑ ඇති කාරණා ගැන සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස අගමැතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇතැයි පැවසේ.

ක්ෂණික ප්‍රතිචාරයක් - බැසිල්ගේ කට්ටිය දෙවැනි තට්ටුවේ දොට්ට !

අගමැතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමත් සමග වහාම ක්‍රියාත්මක වී  ඇති ඔහුගේ මුදල් අමාත්‍යංශයට අදාල පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානින් ඊයේ දිනයේම අරලියගහ මන්දිරයේ කාර්යාල කාමර අතහැර වහාම මුදල් අමාත්‍යංශයේ දෙවැනි මහලේ කාර්යාල කාමර වල රාජකාරි ආරම්භකර තිබේ.

බැසිල් රාජපක්ෂ හා ඔහුගේ කාර්ය මණ්ඩල සඳහා වෙන්කර දී තිබු මුදල් අමාත්‍යංශයේ දෙවැනි මහලේ කාර්යාල මෙතෙක් රාජකාරි ආරම්භකර තිබුනේ  උදයංග විරතුංග ඇතුළු පිරිසක් පමණි.

මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන පරිදි උදයංග වීරතුංග ඊයේ සිට ආගිය අතක් නොමැත.

කියවන්න :

බැසිල් - THE MAN - ඇටමැස්සා 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...