The Leader News
BREAKING
Top Ad
Gossip

බැසිල්ගේ දිව්රුම්දීම හෙට නොවේ! -හදිසියක් නැතැයි කැටගොඩ කියයි

T

The Leader Desk

November 2, 2020 • 2:23 PM

බැසිල්ගේ දිව්රුම්දීම හෙට නොවේ! -හදිසියක් නැතැයි කැටගොඩ කියයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හෙට (03) දිනයේ
  • ඔහු එබව සඳහන් කළේ theleader.lk කළ විමසීමකදීය.
  • ඉන් අනතුරුව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනේ පාර්ලිමේන්තුව හෙට දිනයේ පැය දෙකකට පමණක් රැස්වීමට නියමිත බවත්,  එහිදී බැසිල් රාජපක්ෂ දිව්රුම් දීමට කටයුතු යොදා ඇති බවත්ය.
  •    බැසිල් රාජපක්ෂ මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බදාදා දිනයේ ජනාධිපතිවරයා ඉදිරිපිට දිව්රුම් දෙන බවත්, එම තත්ත්වය තුල මහින්ද රාජපක්ෂ නාමමාත්‍රීක  අගමැතිවරයකු බවට පත්වන බවත් එවැනි මාධ්‍ය වාර්තා වල සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම්දීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ පලවන වාර්තා සත්‍ය නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පැවසිය.

ඔහු එබව සඳහන් කළේ theleader.lk කළ විමසීමකදීය.

පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ වහාම ඉල්ලා අස්වී බැසිල් රාජපක්ෂ හෙට දිනයේ මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දීමේ සුදානමක් පවතින බව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර ඇති අතර ඒ සම්බන්ධ කුතුහලයක් මතුවුයේ සමගි ජන බලවේගයේ ප්‍රචාරක අංශ ප්‍රධානි, හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු පහත පොස්ටුවයි.

Harin post

ඉන් අනතුරුව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනේ පාර්ලිමේන්තුව හෙට දිනයේ පැය දෙකකට පමණක් රැස්වීමට නියමිත බවත්,  එහිදී බැසිල් රාජපක්ෂ දිව්රුම් දීමට කටයුතු යොදා ඇති බවත්ය.   

බැසිල් රාජපක්ෂ මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බදාදා දිනයේ ජනාධිපතිවරයා ඉදිරිපිට දිව්රුම් දෙන බවත්, එම තත්ත්වය තුල මහින්ද රාජපක්ෂ නාමමාත්‍රීක  අගමැතිවරයකු බවට පත්වන බවත් එවැනි මාධ්‍ය වාර්තා වල සඳහන් විය.

කෙසේවුවද ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඒ සියලු වාර්තා මුළුමනින්ම ප්‍රතික්ෂේප කළේය.

'' අද උදේ ඉඳලා ඔයවගේ කටකතාවක් යනවා කියලා ආරංචියි. එත් ඒවායේ සත්‍යතාවයක් නැහැ. බැසිල් මහත්තයා මේ දවස්වල නිදිමරාගෙන කොරෝනා මර්ධන මෙහෙයුමේ වැඩ. එතුමාට පාර්ලිමේන්තු යන්න හදිසියක් නැහැ. ඔය කටකතා බොරු..'' කැටගොඩ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...