The Leader News
BREAKING
Top Ad
Gossip

මැලිබන් ලොක්කාගේ පාටියට ගිය ප්‍රභූන් පිරිසකට පොසිටිව්?

T

The Leader Desk

January 28, 2021 • 3:35 PM

මැලිබන් ලොක්කාගේ පාටියට ගිය ප්‍රභූන් පිරිසකට පොසිටිව්?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ 'කින්ස්බරි' තරු පහේ හෝටලයේ පැවති සුපිරි සාදයට සහභාගී වූ ප්‍රභූන් කිහිප දෙනෙකුට ම කෝවිඩ් 19 ආසදනය වී
  •   මැලිබන් ව්‍යාපාරයේ අධිපති රතනපාල සමරවීර ගේ 80 වන උපන්දිනය නිමිත්තෙන් මිට දින කිහිපයකට පෙර පැවති එම සාදයට මෙරට ඉහලම පන්තියේ ව්‍යාපාරිකයින් මෙන්ම විවිධ ක්ෂේත්‍ර වල ප්‍රභූන් රැසක් සහභාගී වී තිබිණි.
  •   එම සාදයට එක්වූ පිරිසකට කෝවිඩ් ආසාදනය වී ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් අප 'කින්ස්බරි' හෝටලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියකු ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ, සෞඛ්‍ය අංශ විසින් මෙතෙක් එවැනි කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
  •   කිහිප දෙනෙකුම අද දිනයේ ඒ සම්බන්ධයෙන් තමාගෙන් විමසා සිටි බව පැවසු ඔහු වැඩිදුරටත් කියා සිටියේ, හෝටල් පරිපාලනය එම පුවත මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ රාවයක් පැතිරයමින් තිබේ.
 
මැලිබන් ව්‍යාපාරයේ අධිපති රතනපාල සමරවීර ගේ 80 වන උපන්දිනය නිමිත්තෙන් මිට දින කිහිපයකට පෙර පැවති එම සාදයට මෙරට ඉහලම පන්තියේ ව්‍යාපාරිකයින් මෙන්ම විවිධ ක්ෂේත්‍ර වල ප්‍රභූන් රැසක් සහභාගී වී තිබිණි.
 
යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මෙන්ම කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තාරකා රැසක් ද මෙම සාදයට එක්ව සිටියේය.
 
එම සාදයට එක්වූ පිරිසකට කෝවිඩ් ආසාදනය වී ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් අප 'කින්ස්බරි' හෝටලයේ ප්‍රධාන පරිපාලන නිලධාරියකු ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ, සෞඛ්‍ය අංශ විසින් මෙතෙක් එවැනි කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.
 
කිහිප දෙනෙකුම අද දිනයේ ඒ සම්බන්ධයෙන් තමාගෙන් විමසා සිටි බව පැවසු ඔහු වැඩිදුරටත් කියා සිටියේ, හෝටල් පරිපාලනය එම පුවත මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.
 
Maliban covid 2
 

Maliban covid 3

Maliban covid 1

 
කෙසේවුවද මෙම සාදය සම්බන්ධයෙන් අන්තර් ජාලයට මුදාහැර ඇති වීඩියෝව දෙස බැලීමේදී මෙරට කිසිඳු අකාරයේ කෝවිඩ් වසංගත තත්වයක් ඇති බවක් නොපෙනේ.
 
කෝවිඩ් මර්ධන ගැසට් නිවේදනයට අනුව මෙවැනි සාදයක් පැවැත්වීමේදී පිළිපැදිය යුතුකරුණු කාරනා  රැසක් දැනුම් දී ඇතත්, යුක්‍රේන සංචාරකයින්ට හෝ මෙරට ඉහලම ප්‍රභූන්ට එම නියෝග අදාල නොමැති බවක් පැහැදිලිව ප්‍රදර්ශනය වෙමින් තිබේ.
 
ඕනෑම අයකුට තම තමන්ට හැකි ඉහලම අකාරයෙන් සතුටුසාද පැවැත්වීමට තිබෙන අයිතිය පිළිගන්නා 'ද ලීඩර්' මැලිබන් ව්‍යාපාරයේ අධිපති රතනපාල සමරවීරට නිදුක් නිරෝගී සුවය ප්‍රර්ථනා කර සිටියි.
 
Rathnapala Samaraweera 1Rathnapala Samaraweera 2

Rathnapala Samaraweera 3Rathnapala Samaraweera 4

 

 

 

 
 
 
රටේ ප්‍රශ්න තුනකට පිළිතුරු සොයාගත් මුරුත්තෙට්ටුවේ හිමිගේ උපන්දින සාදය 
 

 
 මක්ක කරන්නෙයි, ප්‍රබල ඇමතිට නින්ද නොයන ලෙඩක් !
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...