The Leader News
BREAKING
Top Ad
Gossip

කොරෝනා එන්නත් කිරීමේදී දේශපාලන වාසිය ගන්න - බැසිල් කියලා?

T

The Leader Desk

February 27, 2021 • 10:28 AM

කොරෝනා එන්නත් කිරීමේදී දේශපාලන වාසිය ගන්න - බැසිල් කියලා?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා මර්ධන එන්තත ලබාදීමේදී ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට ප්‍රචාරක වාසියක්
  •   මෙම දේශපාලන වාසිය නොගෙන අතහැර දැමීම අවාසියක් වන බැවින් මෙහි උපරිම ප්‍රයොජන ගැනීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා ඇතැයි වාර්තාවේ.
  •   කෙසේවුවද එන්නත ලබාදීමේ අක්‍රමවත්බව සම්බන්ධයෙන් මේවනවිට රජයට බරපතල විවේචන එල්ල වෙමින් තිබේ.
  •   එක්තරා අමාත්‍යවරයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුල් වෙලා බලහත්කාරයෙන් කොරෝනා එන්න ලබා ගන්න උත්සාහයක යෙදුන කියලයි  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් වැඩිදුරටත් කියන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):
ලබා ගැනීමට වහාම කටයුතු කරන්නැයි 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඊයේ පැවති ආණ්ඩුවේ පක්ෂනායක හමුවේදී පවසා ඇතැයි වාර්තාවේ.
 
 ජනතාවට එන්නත ලබා දීමේදී එයට හිමිවිය යුතු දේශපාලන වාසිය උපරිම මේ මොහොතේ ලබාගත යුතු බවත් එන්නත ලබා දෙන අවස්ථාවේදී ප්‍රාදේශීය දේශපාලන නායකත්වය එම ස්ථානයට යා යුතු බවත්, රජයට ස්තූති කොට බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය විය යුතු බවත් ඔහු මෙම අවස්ථාවේදී අවධාරණය කර ඇතැයි පැවසේ.
 
මෙම දේශපාලන වාසිය නොගෙන අතහැර දැමීම අවාසියක් වන බැවින් මෙහි උපරිම ප්‍රයොජන ගැනීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලා ඇතැයි වාර්තාවේ.
 
කෙසේවුවද එන්නත ලබාදීමේ අක්‍රමවත්බව සම්බන්ධයෙන් මේවනවිට රජයට බරපතල විවේචන එල්ල වෙමින් තිබේ.
 
 
ඒ සම්බන්ධයෙන් පළවූ ද ලීඩර් tv ගොසිප් එක මෙන්න 
 

 
 
ස' ආපු ගමන් සිස්ටම් හදපු නිසා කරදරයක් නැතුව වැක්සින් එක ගහගත්තා !
 
corona එන්නත ලබා දෙන සිස්ටම් එක පට්ටම අවුල්. වත්ත වටින්ම කට්ටිය අපේ සට පළු යන්න බනිනවා.
 
වැඩිය ඕන නෑ හැමදේටම නෝක්කාඩු කියන ඩොක්ටර්  යුනියන් එක බලන්නකෝ.  ස ව තනි කරලා එයාලත් මාරු. ඒ අස්සේ කියනවා මේ එයාල හදපු සිස්ටම් එක නෙමෙයි කියලා.
 
අබුද්දස කාලේ වගේ ආණ්ඩුවට පක්ෂපාත lanka C news එකේ තියනවා ''ඇමතිවරයෙක් ජාතික රෝහලට පැන කොරෝනා එන්නත බලෙන් ගන්න යයි…'' කියලා කතාවක්. 
 
බයට වත් හොඳක් අහන්න නැති හැටි.. බලන්නකෝ කියන කතා . !
 
ධනය බලය භාවිතා කරලා කොරෝනා එන්නත බලහත්කාරයෙන් එන්නත් කර ගන්න සමහරු කටයුතු කරලා කියල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය කියනවා.
 
එක්තරා අමාත්‍යවරයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුල් වෙලා බලහත්කාරයෙන් කොරෝනා එන්න ලබා ගන්න උත්සාහයක යෙදුන කියලයි  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් වැඩිදුරටත් කියන්නේ.
 
සෞඛ්‍ය වැඩ පොඩ්ඩක් එහා මෙහා වුණ ගමන් කොහොමටත් නාහෙත් අඬන කුමුදේශ්, අද  ආඩපාලි කියන්නේ  මේ වන විට මෙරට කොරෝනා එන්නත්කරන වැඩපිලිවෙල සැලසුමකින් තොර අවුල් සහගත තත්ත්වයකට පත්වෙලා කියාගෙන.
 
කොරෝනා එන්නත් කරන වැඩපිළිවෙළ ගැන ජනාධිපති කාර්ය සාධක බලකා යෙන්  දුන්න උපදෙස් පවා වෙනස් කරලා කියලා  අපේ රටේ කොරෝනා මර්දන   ඇමතිනියට මල පැනලා. 
 
කොරෝනා රෝග පාලන රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියනවා, තමනට කොරෝනා පාලන වගකීම බාර දීලා තිබුනට මොකද  සමහර රැස්වීම් එයාටවත් කියන්නේ නැහැ කියලා. ඇමතිතුමිය එහෙම කිව්වේ පොහොට්ටු මූලස්ථානයේම තිබුන ප්‍රෙස් කොන්ෆරන්ස් එකක දී..
 
කොහොම වුනත් අපේ ලන්ඩන් මිත්‍රයා, ඒ කියන්නේ කොලම්බෝ ටෙලිග්‍රාෆ් කතෘ තුමා උවිඳු කුරුකුලසුරිය  නම් පොසිටිව් කතාවක් තමයි කියල තියන්නේ.  
 
ඒ එයාගේ ෆේස්බුක් පිටුවේ. එයාට 
නම් වැක්සින් එක ගහගන්න කියල SMS එකක් ඇවිත්. 
 
ඒගැන උවිඳු කියන්නේ මෙහෙම ...
 
''සවේන්ද්‍ර අර උවිඳුටත් ගහල දානව වැක්සින් එක. උගෙන් හරි කරදරේ කියල 'ස  කිව්ව ගමන් මට SMS එකක් ආව. තව දවස් කීපයකින් මටත් ගහනව කියල. 
 
අන්න එහෙමයි කොම්පියුටර් ප්‍රෝග්‍රැමින්, නව තාක්‍ෂණය, ඕරකල් ද මොනවදත් දන්නව කියන ස' කෙනෙක් අපේ රට පාලනය කරනකොට වැඩ වෙන්නෙ. 
 
මට දුකයි ඔය යුරෝපෙ ඉන්න මගේ වයසක නෑදෑයො යාලු මිත්‍රයො ගැන. ඒ අයට තාම ගහල නැහැ, ඒත් මට ගහනව.
 
ඕගොල්ලන්ගෙ රටවලට වැක්සීන් එක එනකන් ඔය හිටිය වගේ තව ටික දවසක් ගෙදරට වෙලා ඉවසන්න අම්මලා තාත්තලා. 
 
මට වගේ පුලක් තිබ්බ නම් ඕගොල්ලන්ටත් ගහ ගන්න තිබ්බ ඔය රටවල. 
 
අපේ රටේ නම් නිකන් හම්බවෙච්ච ඒව කිසිම ක්‍රමවේදයක් නැතිව පස්ස දොරෙන් ගහ ගත්ත කට්ටිය.
 
 මම රතන සාදු වගේ ඕක ගහන්නෙ නැහැ කිය කිය ඉන්න ගමන් හොරෙන් ගහ ගත්ත උන් ගැන කේස් ඇද්ද හින්ද තමා ස' මටත් ගහන්න කියල සවේන්ද්‍රට කියල තියන්නෙ.
 
ඉතිං ගහනව. බුදුන් කිව්වෙත් "මම නිදුක් වෙත්වා, .. " කියලනෙ. පස්සෙනෙ අනිත් සත්තු එන්නෙ. පස්සෙ අනිත් අය ගැන බලමු. දුකයි තමා. 
 
දුක නැති කිරීමේ මාර්ගයත් මට ගසා ගැසීම ඉස්සෙල්ල. 
 
ස'ල ඔක්කොමල අර චීන ලොක්ක හොරෙන් බෑග් එකේ ගෙනාපු ඒව ගහගත්ත අපි ඔක්කොටම ඉස්සෙල, ඉන්දියන් ලොක්ක ගෙනාපු ඒවත් පවුලෙ අනිත් උන්ට දුන්න අපිට හොරෙන් කියල ස'ගෙ ගෝලයෙක් මට කිව්ව. 
 
එහෙම තමා ගෞතම කීවෙ - මම නිදුක් වෙත්වා!
 
බොරු බොරු ඒ හීනයක්. 
 
මේ වගේ හරි ක්‍රම වේදයකට ස' ගහන්නෙ! මයික් මල්ලිලා ඔන්න එනව නෙමෙයි මම වැක්සින් අරන් එනකොට වොයිස් කොට ගන්න!
 
බලන්නකෝ හරි වැඩේ නේද  ලංකාවට වුනේ  !
 

 

 
 
 
500ට තරහා වෙලා මිලියනයට යාළු වුණු ගී ලොවේ පියවරු...
 

 

පාස්කු බෝම්බ සෙට් කලේ මෛත්‍රී ද ?

 
 
 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...