The Leader News
BREAKING
Top Ad
Gossip

ගෝඨාභය අයෙත් ජනාධිපතිවරණයකට ඉල්ලන්නේ නැහැ කියලා ?

T

The Leader Desk

March 4, 2021 • 6:00 PM

ගෝඨාභය අයෙත් ජනාධිපතිවරණයකට ඉල්ලන්නේ නැහැ කියලා ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇතැයි
  •   එම පුවත් වාර්තාවට අනුව, ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදීය.
  •   මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු පැවසුයේ, ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ද ඉදිරිපත් කරවීමට අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ ජාතිකවාදී බලවේග බලවත් උත්සහයක් දරමින් සිටින බවයි.
  • තව කල් තියනවනේ..'' ජනාධිපතිවරයා පසුගියදා පැවසු බව ඔහු සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' වාර්තා කරයි.
 
එම පුවත් වාර්තාවට අනුව, ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදීය.
 
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප්‍රමාණයක් ලබා දීමට සුදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ බව එම පක්‍ෂ නායක හමුවට සහභාගී වූ මන්ත්‍රීවරයෙක් 'ලංකා සි නිව්ස්' වෙත සහතික කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු පැවසුයේ, ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ද ඉදිරිපත් කරවීමට අමාත්‍ය විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ ජාතිකවාදී බලවේග බලවත් උත්සහයක් දරමින් සිටින බවයි.
 
එසේවුවද, ඉදිරි ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂ  ඉදිරිපත් කිරීමටත්, අගමැති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ යෝජනා කිරීමටත් රාජපක්ෂ පවුල දැනටමත් තීන්දු කර ඇති බවක් දැනගන්නට ඇතැයි එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය. 
 
කෙසේවුවද ජනාධිපතිවරයාට අතිශයින් ම සමීප ඇමතිවරයකු පැවසුයේ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවමත් ස්ථිර තීන්දුවක් ගෙන නොමැති බවයි. ''ඔය කටකතා ඔහොම යන්න දෙන්න. තව කල් තියනවනේ..'' ජනාධිපතිවරයා පසුගියදා පැවසු බව ඔහු සඳහන් කළේය.
 
''ගිය පාරත් එතුමාව ගෙනාවේ අන්තිම මොහොතේදී නේ. එන පාරත් එහෙම තමයි'' එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 


 

මව්බිම ඉඹපු බොරු දේශප්‍රේමය රටට කරන දේ... 

 

ජනාධිපති කොමිසන් සභා අමූලික බොරුවක්! නාමල් රාජපක්ෂ ඇත්ත හෙළිකරයි. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...