The Leader News
BREAKING
Top Ad
Gossip

නූතන උමංදාව ගැන අංජනමක්! - හුටපට

T

The Leader Desk

March 5, 2021 • 6:04 AM

නූතන උමංදාව ගැන අංජනමක්! - හුටපට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ඇමැතිතුමා ප්‍රකට හිම්මිජ්ජෙකු වශයෙනි.
  •   තමා ඉතාමත් සුපිරිසිදු චරිතයක් ලෙස පෙන්වීමට ඉතා කැමැතිය.
  •   එසේම දේශපාලනයෙන් යන්නේ එම දේශපාලන පවුලේම මද්දුම දියණිය ගෙන් කණ පුරා අසාගත් නිසා ඇති වූ කළකිරීම නිසාය.
  •   ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගූ පසු දිනේෂ් ගුණවර්ධන කපා එහි නායකයා වීමේ ආසාවෙන් මෙතුමා පෙළුණු බව ප්‍රකට රහසකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
සසර කළකිරී ගිහිගෙය අතහැර මහන වී යලි සිවුරු හැරියා සේ මේ ඇමැතිතුමා ද දේශපාලනය අතහැර ඇමරිකාවේ පදිංචියට ගොස් නැවත දේශපාලනයට පැමිණියෙකි.
 
තමා ඉතාමත් සුපිරිසිදු චරිතයක් ලෙස පෙන්වීමට ඉතා කැමැතිය.
 
මොහු දේශපාලනයට පිවිසෙන්නේ ප්‍රකට දේශපාලන පවුලක එකම පුතාගේ නියෝජිතයකු වශයෙනි.
 
එසේම දේශපාලනයෙන් යන්නේ එම දේශපාලන පවුලේම මද්දුම දියණිය ගෙන් කණ පුරා අසාගත් නිසා ඇති වූ කළකිරීම නිසාය.
 
එසේ අසාගන්නේ මෙරටේ බිහිවූ දූෂිතම දේශපාලකයකුගේ ගුණ වයන්නට ගොසිනි.
 
ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගූ පසු දිනේෂ් ගුණවර්ධන කපා එහි නායකයා වීමේ ආසාවෙන් මෙතුමා පෙළුණු බව ප්‍රකට රහසකි.
 
දැනට මේ ඇමැතිතුමා දරන්නේ තටු කපා දැමූ ඇමැති ධූරයකි.
 
තවමත් ආස හිටපු ඇමැති ධූරයට පැන ගන්නටය.
 
කවදාවත් නැතිව මොහු පසුගියදා පොහොට්ටුව බිහිකරන්නට මුල් වූ බැසිල් රාජපක්ෂ ගේ ගුණ වර්ණනා කිරීම දේශපාලන ලෝකයේ කතා බහට ලක් වී තිබේ.
 
එසේ වුවත් බැසිල් ඔහුගේ නොම්මරේ දන්නා බව ඔහු තවමත් නොදනී.
 
මොහු සිතා සිටින්නේ නූතන මහෝෂධ පඬිවරයා තමන් කියාය.
 
එබැවින් දෝ මොහු ගුවන්විදුලි තරංග ඔස්සේ සේවය කරන තැනක සේවය කරන උමංදාවක් එහි අධ්‍යක්ෂ ධූරයට පත් කර මිස පස්ස නොබලන බව ප්‍රකාශ කර ඇත.
 
එහෙත් මොහු ගේ කරුමයට එය ප්‍රකාශ කර ඇත්තේ එම තනතුර බලාපොරොත්තුවෙන් සිටින එහිම සේවය කරන අංජනමක් ඉදිරියේය.
 
අංජනම පිටුපස සිටින්නේ අගමැති ළග සිටින ප්‍රබලයෙකි.
 
මොහු රිය අනතුරු සදහා ප්‍රසිද්ධියක් උසුලන්නෙකි.
 
එම ප්‍රබලයා ලේක්හවුසියේ ඉහළ තනතුරක් බලාපොරොත්තුවෙන් සිටියත් ඔහුව කපා දමා ඇත්තේ ඉහත ඇමැතිවරයා බවට රාවයක් ඇත.
 
දැන් මේ දෙදෙනාම යුද්ධ ප්‍රකාශ කර ඇත.
 
විශේෂත්වය වන්නේ මේ දෙදෙනා යුද්ධය සදහා යොදාගෙන ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකි.
 

 

 


 

මව්බිම ඉඹපු බොරු දේශප්‍රේමය රටට කරන දේ... 

 

ජනාධිපති කොමිසන් සභා අමූලික බොරුවක්! නාමල් රාජපක්ෂ ඇත්ත හෙළිකරයි. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...