The Leader News
BREAKING
Top Ad
Gossip

සුපිරි ක්‍රිකට් තරුවගේ බිරිඳ සීගිරියේ ඉඩම් හොරෙන් ලියාගෙන ?

T

The Leader Desk

March 6, 2021 • 3:05 PM

සුපිරි ක්‍රිකට් තරුවගේ බිරිඳ සීගිරියේ ඉඩම් හොරෙන් ලියාගෙන ?  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් නීති විරෝධි අයුරින් ලබා ගැනීමේ සිද්ධියට ගෑවුණු ක්‍රිකට් ක්‍රීඩකයා ලෝකප්‍රකට හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් බව අනාවරණ වී තිබෙනවා.
  •   මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවන විට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සහ මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉඩම් අදාල සාකච්ඡාවෙන් ඉවත්ව ගොස් ඇති බවයි පළාත්බද වාර්තාකරුවන් පවසන්නේ.
  •   මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ පවසන්නේ,  අදාළ ඉඩම්වල ඔප්පු අවලංගු කර ඒවා මධ්‍යම පළාතේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දිමට කටයුතු කළ යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ ගැන කළ සොයා බැලීමකදී හෙලි වුණේ ඔහුගේ බිරිදගේ නමට එම ඉඩම් ලබා ගෙන ඇති බවයි. 
 
ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේද සහය ලැබී ඇති බවටයි හෙලි වී ඇත්තේ. 
 
මෙම කාන්තාව අඩු ආදායම් ලාබී කාන්තාවක් බව පෙන්වමින් ඉඩම් ලබා ගැනීමට තැත් කර ඇති බවද මේ වන විට සිදු කර ඇති මූලික පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.
 
මෙම මූලික පරීක්ෂණයට හේතුවුයේ අදාල ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඊයේ පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තොරතුරු හෙලී වීමත් සමගයි. 
 
ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ක්‍රිකට් ක්‍රිඩකයකු විසින් මිලදි ගනු ලැබ ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදු කරන ලෙසයි.
 
 ලබාදි ඇති ඔප්පු අවලංගු කිරිමට කටයුතු කරන ලෙසටද මේ වන විටත් අදාළ නිලධාරින්ට උපදෙස් දී අවසන්.
 
මෙම ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිදගේ නමට ලබා ගෙන ඇති අදාල ඉඩම, රජයට අයත් අක්කර 02ක ඉඩමක්. 
 
අඩු ආදායම්ලාභි යැයි පවසා අදාල ඉඩම මෙම කාන්තාවගේ ඥාතියෙකුගේ නමට දීමනා පත්‍රයකින් පවරා ගෙන පසුව ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිද මිලට ගෙන ඇති බවයි වැඩිදුරටත් හෙලි වී ඇත්තේ. 
 
අඩු ආදායම්ලාභි යැයි පෙන්විම සඳහා කූඨ ලේඛනද සකසා ඇති බව වාර්තා වෙනවා.
 
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවන විට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සහ මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉඩම් අදාල සාකච්ඡාවෙන් ඉවත්ව ගොස් ඇති බවයි පළාත්බද වාර්තාකරුවන් පවසන්නේ.
 
මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ පවසන්නේ,  අදාළ ඉඩම්වල ඔප්පු අවලංගු කර ඒවා මධ්‍යම පළාතේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දිමට කටයුතු කළ යුතු බවයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. 
 
ඔහුගේ දරුවෙකු මහනුවර ප්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කිරිමට අදාළ ක්‍රිකට් ක්‍රිඩකවරයා කටයුතු කර ඇති බවටද තොරතුරු ලැබී ඇති බව 'නෙත් නිවුස්' උදෑසන 06යි 25 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අනාවරණ කෙරින.
 
(මුලාශ්‍රය - නෙත් නිව්ස්)
 
 


 

 

 

කුරුවිට තරුණිය: ඝාතකයාගේ මරණය ඝාතනයක්! -ධම්ම සියල්ල හෙළිකරයි

 

මහින්ද, ගෝඨා, බැසිල් - පවුලේ අවුල ගැන දීප්ති කතා කරයි.

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුපිරි ක්‍රිකට් තරුවගේ බිරිඳ සීගිරියේ ඉඩම් හොරෙන් ලියාගෙන ? | The Leader