The Leader News
BREAKING
Top Ad
Gossip

අගමැති මහින්දගේ ‘කුන්තය’ කිල්ලට අහුවෙලා ?

T

The Leader Desk

March 10, 2021 • 5:48 PM

අගමැති මහින්දගේ ‘කුන්තය’ කිල්ලට අහුවෙලා ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගමැති මහින්ද රාජපක්ෂ ඔහුගේ දකුණු අතේ රඳවාගෙන සිටින ‘කුන්තය’ කාන්තාවක් අතට පත්විම නිසා කිල්ලට හසුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග පවසයි.
  •   උත්සවය පවත්වමින් තිබිය දී හිටි හැටියේම අගමැතිගේ අතින් ‘කුන්තය’ බිමවැටි තිබේ.    අගමැතිවරයා කලබලයෙන් එය ඇහිඳ ගැනීමට උත්සහකළ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් එය ඇහිඳ අගමැතිවරයාගේ ලබාදී ඇත.
  •   මන්ත්‍රීවරිය ඉතාමත් ගරුසරු ඇතිව එම උපකරණය ලබාදී ඇතත් අගමැතිවරයාගේ මුහුණ එතරම් හොඳ ගතියක් නොවුබව පැවසේ.
  •   උත්සවයෙන් අනතුරුව අගමැතිවරයාගේ සමීපතම නිලධාරියකු පැවසුයේ,  එම ‘කුන්තය’ ගැහැණු අතකින් ඇල්ලු නිසා කිල්ලට හසුව බල බිඳී ඇති බැවින් යලිත් ජිවම් කිරීමට අගමැතිවරයාට සිදුව ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
අප වෙත වාර්තාවන අන්දමට සිද්දිය මෙසේය. 
 
පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරියන්ගේ වෙබ් අඩවියක් අන්තර්ජාලයට මුදාහැරීමේ උත්සවයක් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂය.
 
උත්සවය පවත්වමින් තිබිය දී හිටි හැටියේම අගමැතිගේ අතින් ‘කුන්තය’ බිමවැටි තිබේ. 
 
අගමැතිවරයා කලබලයෙන් එය ඇහිඳ ගැනීමට උත්සහකළ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් එය ඇහිඳ අගමැතිවරයාගේ ලබාදී ඇත.
 
මන්ත්‍රීවරිය ඉතාමත් ගරුසරු ඇතිව එම උපකරණය ලබාදී ඇතත් අගමැතිවරයාගේ මුහුණ එතරම් හොඳ ගතියක් නොවුබව පැවසේ.
 
උත්සවයෙන් අනතුරුව අගමැතිවරයාගේ සමීපතම නිලධාරියකු පැවසුයේ,  එම ‘කුන්තය’ ගැහැණු අතකින් ඇල්ලු නිසා කිල්ලට හසුව බල බිඳී ඇති බැවින් යලිත් ජිවම් කිරීමට අගමැතිවරයාට සිදුව ඇති බවයි.
 
අගමැති මහින්ද රාජපක්ෂගේ දකුණත නිරන්තරයෙන් රැඳී ඇති 'කුන්තය' ජාත්‍යන්තර මාධ්‍යවල පවා සාකච්ඡාවට ලක්ව ඇත.
 
  117492956 7a1acb36 399a 4b4e ac5f 3c12e0f60219
 
 
 
මොකක්ද මේ කුන්තය ?
 
හින්දු දර්ශනයේ එන මුරුගන් දෙවියන්ගේ දිව්‍යමය ආයුධය ලෙස කුන්තය හැඳින්වේ. ගිණිදැල්ලක හැඩයකින් යුත් කුන්තය ද්‍රවිඩ පෞරාණික සටන් ශාස්ත්‍රයේ භාවිතා වූ ආයුධයක් ලෙසද සැලකේ.
 
එසේම මෙම හැඩයෙන් යුත් ආයුධයක් කතරගම මහසෙන් නම් හෙළ රණ ශූරයාද භාවිතා කළ බවත් එය මේ වන විට භාවිත නොවන මට්ටමට පත්ව ඇති බවත් හෙළ අංගක්කරුවන්ගේ මතය වී තිබේ.
 

 

 


 

 

බැදුම්කරෙ හොරු සිංගප්පූරුවේ වුණාට සීනි බදු වංචාවේ හොරු ඉන්නෙ ලංකාවේ - පාඩුව බිලියන 15.9යි

 

 

දෙල්ගොඩ දැරියගේ මරණය වගේම අපේ ජීවිත ජීවත් කරවන්නේ ද මිත්‍යාවෙන්!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...