The Leader News
BREAKING
Top Ad
Gossip

'අපේ ගමේ-අපේ ක‍ඩේන්' අපේ ජනාධිපතිව අස්කරලා!

T

The Leader Desk

March 13, 2021 • 2:32 PM

'අපේ ගමේ-අපේ ක‍ඩේන්' අපේ ජනාධිපතිව අස්කරලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා මාර්ග අමාත්‍යංශය විසින් අලුතින් ආරම්භ කරන ලද "අපේ ගමේ-අපේ ක‍ඩේ"
  • එය නම්කර ඇත්තේ "අපේ ගමේ-අපේ ක‍ඩේ" ලෙසයි.
  •    මෙරට සමස්ත ග්‍රාම නිලධාරි කොට්ඨාස ගණන 14,022කි.
  • එම කොට්ඨාසවලින් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා මෙම නිවාස හා වෙළෙඳසැල ලබා දීමට යෝජිතය.    එක් නිවසක් සහ වෙළෙඳසලකට වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 40කට ආසන්නය.
අකුරු ප්‍රමාණය (Font Size):
සංවර්ධන ව්‍යාපෘතියට අදාලව පළකර ඇති පුවත්පත් දැන්වීමේ ජනාධිපතිගේ ජායාරුපය පළකර නොතිබීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.
 
එම දැන්වීමේ අගමැති මහින්ද රාජපක්ෂ, 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ගේ ජායාරුප පලවී ඇතත් ජනාධිපතිගේ නමක් හෝ සඳහන්ව නොමැත. 
 
ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය අංශයේ ප්‍රධානියකු සිදුකළ  සොයා බැලීමකදී වාර්තා වී ඇත්තේ ජනාධිපතිගේ ජායාරුපය ඉවත්කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ උපදෙස්මත බවයි.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනබව ප්‍රකාශවීමත් සමග ආණ්ඩුවේ උදවිය පවා මේවනවිට ඔහුව ගණන් නොගන්නා තත්වයට පත්ව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. 
 
553d2a53 4eeb 4f28 984e cfed5493886a
 
දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම එක් මාර්ගයක් සංවර්ධනයේ දී නිවසක් හා ඊට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමේ වැඩසටහන මාර්තු  08 දා ආරම්භ කෙරිණ.
 
ඒ, කොළඹ, කළුතර හා අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමිනි.
 
දිවයින පුරා කිලෝමීටර ලක්‍ෂයක මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වේ. එය නම්කර ඇත්තේ "අපේ ගමේ-අපේ ක‍ඩේ" ලෙසයි.
 
දිවයිනේ ග්‍රාම නිලධාරි කොට්ඨාස සියල්ලේම අඩු ආදායම්ලාභීන්ගේ ආර්තිකය නංවාලීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
 
 මෙරට සමස්ත ග්‍රාම නිලධාරි කොට්ඨාස ගණන 14,022කි. එම කොට්ඨාසවලින් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා මෙම නිවාස හා වෙළෙඳසැල ලබා දීමට යෝජිතය. 
 
එක් නිවසක් සහ වෙළෙඳසලකට වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 40කට ආසන්නය. හෝමාගම, මීගොඩදෙණිය ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නව නිවසට හා වෙළෙඳසලට මුල්ගල තැබීම මාර්තු 08දා සිදු කෙරිණ. 
 
ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාගේ ප්‍රධානත්වයෙනි. 

 

 WhatsApp Image 2021 03 13 at 9.09.48 PM

 

 


 

 

 
 
 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

චන්ද්‍රිකාට-මහින්දට ඇති - ගෝඨට-සජිත්ට නැති එකක් ගැන චින්තන කියයි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අපේ ගමේ-අපේ ක‍ඩේන්' අපේ ජනාධිපතිව අස්කරලා! | The Leader