The Leader News
BREAKING
Top Ad
Gossip

විමල් - බැසිල් ගැටුමේ 'බලු කතා'!

T

The Leader Desk

April 11, 2021 • 6:31 AM

විමල් - බැසිල් ගැටුමේ 'බලු කතා'!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  •  “ඕනෑම පක්ෂයකට තවත් පක්ෂ සමග සාකච්ඡා කරන්න පුළුවන්.
  • බල්ලා තමයි නැට්ට වනන්නේ.” යයි රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා පවසයි.
  •   ඔහු එබව සඳහන් කළේ, ශ්‍රීලනිප මුලස්ථානයේ පසුගියදා පැවති 'විමල් කණ්ඩායමේ' රැස්වීම සම්බන්ධයෙන් ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් සිදුකර තිබු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
  • ගෝටාබය මහත්තයා පත් කරන්නත් ආණ්ඩුවට තුනෙන් දෙක ගන්නත් උදව් කළේ මේ පක්ෂ.
අකුරු ප්‍රමාණය (Font Size):
 “ඕනෑම පක්ෂයකට තවත් පක්ෂ සමග සාකච්ඡා කරන්න පුළුවන්. හොරෙන් හොරෙන් වෙස්මුහුණු බැන්දට නටන්න වෙන්නෙ එළියෙ. අපි හැම වෙලාවෙම එළියෙ ඉන්නේ. පොදුජන පෙරමුණ මොන පක්ෂයකටවත් බය වෙන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් නැට්ට විසින් බල්ලා වනන්නේ නැහැ. බල්ලා තමයි නැට්ට වනන්නේ.” යයි රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා පවසයි.
 
ඔහු එබව සඳහන් කළේ, ශ්‍රීලනිප මුලස්ථානයේ පසුගියදා පැවති 'විමල් කණ්ඩායමේ' රැස්වීම සම්බන්ධයෙන් ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර විසින් සිදුකර තිබු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
 
'ආණ්ඩුවට සහාය ලබා දෙන ඇතැම් පක්ෂවලට අධිපති මතවාදයට යටවෙන්න සිදුවී ඇති බව'' ශ්‍රීලනිප මහ ලේකම්වරයා පවසා තිබිණ. 
 
ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමටත් ඉන් අනතුරුව ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් ලබා දීමටත් සහාය ලබා දුන් පක්ෂවලට අඩු සැලකිලි ලබාදෙමින් සිටින බවද දයාසිරි ජයසේකර පවසයි.
 
“ආණ්ඩුවට සහාය ලබා දෙන පක්ෂ හයවෙනි වතාවටයි මේ රැස් වුනේ. අපි මුල්ම රැස්වීම තිබ්බේ විමල් වීරවංස ඇමති තුමාගේ නිවසේ. ගෝටාබය මහත්තයා පත් කරන්නත් ආණ්ඩුවට තුනෙන් දෙක ගන්නත් උදව් කළේ මේ පක්ෂ. දැන් අපිට අඩු සැලකිලි. මේ ප්‍රශ්නය විසඳෙන තුරු මම මේක හැම තැනම කියනවා” ජයසේකර වැඩිදුරටත් කියා සිටියේය.
 
මේ වනවිට ආණ්ඩුවේ පක්ෂ අතර මත භේදයක් ඇති වී තිබෙන අතර හවුල්කාර පක්ෂ එකොළහක් පසුගියදා ශ්‍රීලනිප මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.
  
කෙසේවුවද ඇමති රෝහිත අබේගුණවර්ධන ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර ඇමතිවරයා පැවසුයේ, එම පක්ෂ සාකච්ඡා කළේ පළාත් සභා පනත තම පක්ෂවලට බලපාන ආකාරය පිළිබඳව පමණක් බවයි.
 
දේශපාලන පිටිය යළිත් වතාවක් උණුසුම් !
 
පසුගිය කාලයේ නිවී තිබුණු දේශපාලනය යළිත් වතාවක් රත් වෙමින් තිබෙන ආකාරයක් මේ වන විට සිදුවන සිදුවීම් හරහා දැකගන්නට තිබේ. 
 
පළාත් සභා මැතිවරණය පවත්වන බවට පසුගිය සති කිහිපය පුරාම ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් මතුවෙමින් පැවතීම මෙම උණුසුමට හේතුවී තිබේ.
 
 
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව මීට සති දෙකකට ඉහතදී කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කළේය. නමුත් ඊට ආණ්ඩුවේ 'ජාතිකවාදීන්' ගෙන්  දැඩි ප්‍රහාරයක් එල්ලවෙමින් තිබේ.
  
මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ,  ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තවත් කල් මරමින් සිටින බවයි.
 
 මේ වන විට ආණ්ඩුව සම්බන්ධයෙන් ගම් මට්ටමේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නොතිබීමත්, පළාත් සභා මැතිවරණයට එරෙහිව ආණ්ඩුවට සහාය දැක්වූ ප්‍රධාන පෙළේ ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් දැඩි විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබීමත් ඒ සඳහා බලපා ඇති බවක්ද එම පුවත්පත් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

 

 


 

THE LEADER TV

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

 

 මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විමල් - බැසිල් ගැටුමේ 'බලු කතා'! | The Leader