The Leader News
BREAKING
Top Ad
Gossip

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්මා වගේ 'තගක්' දමයන්තිටත් දායිද?

T

The Leader Desk

April 13, 2021 • 4:37 AM

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්මා වගේ 'තගක්' දමයන්තිටත් දායිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රේල් 5 වැනිදා ඉඳලා පාම්තෙල් සහ, ඒ ආශ්‍රිත නිෂ්පාදන පහක්, ලංකාවට ගෙන්වන එක, තාවකාලිකව තහනම් කරන්න, ආණ්ඩුව තීරණය කළා.
  •   ආනයනය අපනයනය පාලක, දමයන්ති මහත්මිය තමයි, මෙම උපදෙස් නියෝගයක් විදියට ප්‍රකාශයට පත් කලේ .  1511.90.10 සුසංගත කේතාංකය සහිත පාම් ස්ටියරින් කියලා එකකුත් ගෙන්වීමට තහනම් කරනවා කියලා ඒ නියෝගයේ තියනවා.
  •   මෙන්න, පැය 24 ක් යන්න කලින් ජනාධිපති මාධ්‍ය ඒකකය කියනවා පාම් ස්ටියරින් කියන තෙල් වර්ගය ගෙන්වීම තහනම් කළේ නැහැ කියලා.
  •    බිස්කට්,  ඇතැම් පාන් වර්ග සහ බේකරි නිෂ්පාදනයේදී , සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද භාවිත කෙරෙන බවත්, 1511.90.10 සුසංගත කේතාංකය සහිත ප්‍රභේදය, එවැන්නක් බවත්, ඒ නිවේදනයෙන් කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඒ විතරක් නොවෙයි, ලංකාවේ ප්‍රධාන වැවිලි සමාගම් 4 ක, ප්‍රධාන වගාව සහ ආදායම් මාර්ගය ලැබෙන පාම් වගාව, වාර්ශිකව 10% බැගින් ගලවලා විසි කරන්න කියලත්, නියෝග කලා.
 
ආනයනය අපනයනය පාලක, දමයන්ති මහත්මිය තමයි, මෙම උපදෙස් නියෝගයක් විදියට ප්‍රකාශයට පත් කලේ . 
1511.90.10 සුසංගත කේතාංකය සහිත පාම් ස්ටියරින් කියලා එකකුත් ගෙන්වීමට තහනම් කරනවා කියලා ඒ නියෝගයේ තියනවා.
 
මෙන්න, පැය 24 ක් යන්න කලින් ජනාධිපති මාධ්‍ය ඒකකය කියනවා පාම් ස්ටියරින් කියන තෙල් වර්ගය ගෙන්වීම තහනම් කළේ නැහැ කියලා.
 
 බිස්කට්,  ඇතැම් පාන් වර්ග සහ බේකරි නිෂ්පාදනයේදී , සම්මත ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද භාවිත කෙරෙන බවත්, 1511.90.10 සුසංගත කේතාංකය සහිත ප්‍රභේදය, එවැන්නක් බවත්, ඒ නිවේදනයෙන් කියනවා.
 
මේ කියන පාම් ස්ටියරින්, අදාළ අතුරු ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කරන්න ඕන නිසා, මෙම ප්‍රභේදය ආනයනයට කිසිදු බාධාවක් නැහැයි කියලයි, ඒ නිවේදනයේ තියන්නේ.
 
, බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය මාජරින්, බේකරි මේද, බිස්කට් පැට්ස් (Biscuits Fats ), චොක්ලට් මේද, අයිස්ක්‍රීම් මේද, මේවා ඔක්කොම හදන්න ස්ටියරිං කියන තෙල් වර්ගය ඕන නිසා ඒවා තහනම් කළේ නැහැ කියලයි, ජනාධිපති මාධ්‍ය අංශය කියන්නේ.
 
  ජනාධිපතිතුමාගේ නියෝගයේ නොතිබුණ දෙයක්, තහනම් කරලා නියෝග නිකුත් කළා කියලා,  දැන් ඉතින් සිද්ධිකා නෝනට ගෙදර යන්න කියනවා වගේ, දමයන්ති නෝනටත් ගෙදර යන්න කියල, ඇතුලේම කට්ටිය 'තගක්'  දායිද  දන්නෙත් නෑ , 
 
 
බලාගෙන යනකොට දැන්  අපේ ජනාධිපතිතුමා හිතනවාටත් වඩා වේගයෙන් අපේ නිලධාරීන් හිතලා වැඩ කරනවා වගේ.
 
කොහොම වුණත් මේවා ඔක්කොම අපබ්‍රංස.  මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ. තියන ප්‍රශ්න යටගහන්න ගෙනාපු ප්‍රශ්නයක් ද කියලත් සමහරු අහනවා. 
 

 
 
ජෙප්පොන්ගේ ඒ කතා කොහොම වුනත්,  පාම් ඔයිල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන් තහනම් කරන්න, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තීරණය කළේ, ආනයනික පාම් ඔයිල් පරිභෝජනය, මහජන සෞඛ්‍යයට හානිකර නිසා කියලයි  ජනාධිපති මාධ්‍ය අංශය කියන්නේ ,
 
පාම් ඔයිල් භාවිතයෙන් සැකසූ ආහාර වර්ග පරිභෝජනය, ප්‍රධාන පෙළේ රෝග කාරකයක් බවට වෛද්‍ය හා ආහාර විශේෂඥයන් විසින්, විටින් විට පෙන්වා දී තිබූ බවත්, ඒ නිවේදනයේ සඳහන් වෙනවා.
 
ඔය පාම්තෙල් මිනිස් ශරීරයට හොඳම නැහැ කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති  පාදෙනියත් කියලා තිබුණ මතක ද? 
 
වත්මන් රජය බලයට පත්වුනාට පස්සේ, කලින් බරපතල විවේචනයට ලක්ව තිබූ එතනෝල් ආනයනය මුළුමනින් නතර කරත්, සායනික අවශ්‍යතා  සඳහා එතනෝල් ආනයනයට ඉඩ දී ඇති බවත්, පාම් ස්ටියරින් ගෙන්වීමට දී ඇති  අවසරයත් ඒ වගේ  කියලයි ජනාධිපති මාධ්‍ය අංශය කියන්නේ.
 
කටුපොල් වගාව නිසා, ජල මූලාශ්‍ර සිඳීයාම සහ පස නිසරු වීම, වැනි දිගුකාලීන අහිතකර පාරිසරික ප්‍රතිවිපාක ඇති කරන බව, කලෙක සිට පර්යේෂණවලින් තහවුරු කර තිබෙන නිසා,  කටුපොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට, වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව, මීට මාස 06කට පමණ පෙර, ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබුනා.
 
 දැනට තිබෙන කටුපොල් වගාව, අදියරෙන් අදියර ගලවා ඉවත් කරලා එකී ඉඩම්වල රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගා කිරීමට සැලසුම් කර තියනවා කියලයි ජනාධිපති මාධ්‍ය අංශය කියන්නේ.
 
Palm
මැලේසියාව, ඉන්දුනීසියාව දියුණු වුණේ ඔය පාම් ගස් වවලා
 
 
 හැබැයි ඉතින් මැලේසියාව, ඉන්දුනීසියාව දියුණු වුණේ ඔය පාම් ගස් වවලා. අපි ඒවා ගැනත් හිතන්න ඕන. 
 
1960 ගණන්වල අප්‍රිකාවෙන් පාම් ඇට හොරෙන් ගෙන්වලයි ඔය රටවල ප්ලාන්ටේෂන් හැදුවේ. 
 
මැලේසියාවේ ඒ කාලේ තිබුනේ රබර් වතූ!! ඒත්  දැන් මැලේසියාවේ වර්ෂයකට පාම්තෙල් මෙට්‍රික් ටොන් මිලියන 93 කුත්, ඉන්දුනීසියාවේ මෙට්‍රික් ටොන් මිලියන 212 කුත් වගේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. 
 
අප්‍රිකාවේත් දැන් ගොඩාක් රටවල  පාම් වගාව කරනවා. ඒ වගේම මිලියන ගණනක් පාම් තෙල්, ආනයනය කරනවා.  යුරෝපයෙත්  පාම්තෙල්, පාවිච්චි කරනවා.  
 
ඉන්දියාවත් අවුරුද්දකට බොර පාම් තෙල් ටොන් මිලියන 5 ක් විතර ආනයනය කරනවා. 
 
ඒ වගේම ඉන්දියාවේ  පාම් තෙල් පිරිපහදු කරන කර්මාන්තශාලාත්  500 ක් විතර තියෙනවා. 
 
හැබැයි  අපේ රටේ පොල්තෙල් මෝල්වල වගේ නිකං අඹරලා විකුණන්නේ නැහැ.
 
පාම්තෙල් පිරිපහදු කරලා 5% ක් වගේ ඒවාගේ තියෙන පාම් ෆැටී ඇසිඩ් ( Palm Fatty Acid) කියන ශරීරයට  අහිතකර කොටස අයින් කරනවා.
 
ඒවායින් තමයි ඔය ගොඩාක් රටවල, 'කොටියා සබන්' වගේ, අඩු ගාණට විකුනන සබන් හදන්නේ. 
 
ඊට පස්සේ ඔය පිරිසිඳු කරපු තෙල් පිල්ටරයක් තුලින් දැඩි තෙරපීමකට ලක් කරනවා. ඒකට කියන්නේ Frac   කරනවා කියලයි. 
 
ස්ටියරිං කියන කොටස අයින් කරන්නේ ඔය අවස්ථාවේදී .
 
හොඳ පාම්තෙල් වලින් සියට 72 ක් විතර තෙල් ගන්න පුළුවන් . සියයට 28 ක් ස්ටියරිං.
 
ඒ කියන්නේ By Product එකක් තමයි ඔය ස්ටියරිං. 
 
ස්ටියරිං කියන්නේ කැටි ගැහුන  ද්‍රව්‍යයක් (Stearin Fat ) කියන්නත් පුළුවන්. මේවා දියකරන්න හරි අමාරුයී.  උනු කරන්න සෙන්සියස් අංශක  48-50 ක විතර උෂ්ණත්වයක්  ඕන.
 
ස්ටියරින් වලින් කරන්න ගොඩාක් දේවල් නැහැ. කවුරුත් ගන්නේත් නැහැ. 
 
මාජරින් සහ බේකරි මේද හදන කොට පාම්තෙල් වලට 5% -10% විතර මිශ්‍ර කරනවා. 
 
ඉතිරි ඒවා සබන් නිෂ්පාදනයට තමයි ගන්නේ.
 
Soap Noodles ගැන අහල තියනවද ?
 
ඔය සබන් හදන්න ගන්න මිශ්‍රණයට තමයි ස්ටියරිං ගොඩක් ගන්නේ. ඒකට  20% ක් විතර ගන්නවා.
 
හැදුවට පස්සෙ ඒවාට කියන්නෙ Soap noodles කියලයි.
 
 
මේ විදියට මාජරින් හදන්න පාම් තෙල් 90% ක් විතර ඕනෑනම්, ස්ටියරින් 10% ක් නම් යන්නෙ, ඇයි පාම්තෙල් ගේන එක නතර කරලා ස්ටියරින් ගේන්න ඉඩ දුන්නේ ?  
 
ආ ඒකටත් උත්තරයක් තියනවා. 
 
ලංකාවේ Plantaion වලින් අවුරුද්දකට Crude පාම් ඔයිල් ටොන් 40,000 ක් විතර හදනව . 
 
අපි ඒවගෙන් පිරිපහදු කරපු පාම් තෙල් ගන්නවා .
 
අපේ රටට අවුරුද්දකට මාජරින් සහ බේකරි මේද අවශ්‍ය වෙන්නේ ටොන් 40,000 විතර. 
 
ඉතින් අර අපි මුලින් කියපු ලංකාවේ වතුවලින් එන පාම් තෙල් ටොන් 40,000 නුත් ස්ටියරින් ටොන් 11200 ක් විතර එනවා.
 
 එතකොට  දැන් ඔය තියන පාම් ගස් ටික ගලවලා  දැම්මම කොහොමද දේශීයව මාජරින් හදන්නේ.
 
අනේ මන්දා. ..   මේවා ගැන වියතුන් හිතන්න  ඕන.. ජනාධිපතිතුමාටත්  කියල දෙන්න ඕන. 
 
 කොහෙද? , අපට නම් පෙන්නේ ජනාධිපති මාධ්‍ය අංශයට පොල් තෙලුයි පාම්තෙලුයි මාරු වෙලාද කොහෙද..., නැත්නම් දෙයියන්ගේ තෙල් කැවිලද කියලත් හිතාගන්න බෑ !
 

 

 


 

THE LEADER TV

 

අපි නොදන්න ස්ටියරිං - සිද්ධිකාට දැම්ම වගේ 'තගක්' දමයන්තිටත් දායිද ?

 

 

හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...