The Leader News
BREAKING
Top Ad
Gossip

ආණ්ඩුකාර කූට්ටම අනන්න යයි - ලක්ෂ්මන් යාපා දකුණට

T

The Leader Desk

July 29, 2021 • 5:24 AM

ආණ්ඩුකාර කූට්ටම අනන්න යයි -  ලක්ෂ්මන් යාපා දකුණට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුකාරවරුන් කීප දෙනෙකුගේ සේවා හෝ පළාත් වෙනස් වීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
  •       THE LEADER TV    පුත්තලමේ 'සනා' සතොසට ගෙනා අරක්කු ලොරියක් පන්නයි!      පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ටොක්කක් අනී !       
අකුරු ප්‍රමාණය (Font Size):
 
මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ සාකච්චාවක් සිදුව ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති 'ලංකා සී නිව්ස්' ද වාර්තා කර ඇත. 
 
ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන විලී ගමගේ දකුණේ ආණ්ඩුකාර ධුරයෙන් වයඹ ආණ්ඩුකාර ධුරයට නම් කිරීමට නියමිත බව පැවසේ.
 
එහිදී පුරප්පාඩු වන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට බැසිල් රාජපක්ෂගේ තවත් හිතවතකු වන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත්කිරීමට මේවනවිට යෝජනා වී ඇත. ඔහු පසුගිය මහ මැතිවරණයේ දී පොහොට්ටු පක්ෂයෙන් තරඟ කර පරාජයට පත්විය. 
 
එසේ පරාජිත අපේක්ෂකයන්ට රජයේ නිලතල ලබා නොදීමට ජනාධිපතිවරයා මිට පෙර තීන්දු කර තිබුන ද ඉදිරියේ දී එළඹීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් අද්දැකීම් ඇති පළපුරුදු දේශපාලන චරිත කිහිපයකට ආණ්ඩුකාර ධුර ලබාදීමට රාජපක්ෂ පවුල තීන්දුකර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.
 

 

 

THE LEADER TV 
 
පුත්තලමේ 'සනා' සතොසට ගෙනා අරක්කු ලොරියක් පන්නයි! 
 
 
පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ටොක්කක් අනී ! 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...