The Leader News
BREAKING
Top Ad
Gossip

පොලිස් ඇමති කනස්සල්ලෙන් : ජනාධිපතිගෙන් නියෝගයක් !

T

The Leader Desk

August 5, 2021 • 7:39 AM

පොලිස් ඇමති කනස්සල්ලෙන් : ජනාධිපතිගෙන් නියෝගයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිසිය බාර කැබිනට් අමාත්‍ය සරත් වීරසේකර, වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ඉතා
  • 'වියත්මග' සංවිධානයේ ආරම්භය ලෙස එදින සැලකේ.
  •     පසුගිය පාලන සමයේ එම අමාත්‍ය ධුරය දරු ජෝන් අමරතුංග, සාගල රත්නායක මෙවර පාර්ලිමේන්තුව අහිමිවූ බවත් රන්ජිත් මද්දුම බණ්ඩාර ඡන්දයට ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පත්වූ බවත් ඔහු පැහැදිලි කළේය.
  •   ජනතා අප්‍රසාදය කෙසේවෙතත්, සරත් වීරසේකර අමාත්‍යවරයාට එරෙහිව මේවනවිට ජාත්‍යන්තර වශයෙන් ද බරපතල චෝදනා එල්ලවෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
 
ජනාධිපතිවරයා විසින් පසුගියදා තමා යටතේ තිබු ආයතන දෙකක් කිසිඳු පුර්ව දැනුම්දීමකින් තොරව පවරාගනු ලැබීමත්, ජනාධිපතිවරයා විසින් පොලිසියට අදාල රාජකාරි පොලිස්පති හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු හරහා ක්‍රියාත්මක කිරීමත් සරත් වීරසේකර ඇමතිවරයාගේ කනස්සලට හේතු වී ඇතැයි පැවසේ.
 
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (04) පැවති විරෝධතාවයට සම්බන්ධ ගුරුවර ගුරුවරියන්  හතලිස් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංඟුවට ගෙන ඇත්තේ පොලිස්පතිට ඉහලින් ආ නියෝගයක් මත බවත් ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිඳු දෙයක් දැනුවත් නැති බවත් එම අමාත්‍යංශයේ ඉහල නිලධාරියකු පැවසිය. 
 
ඒ සම්බන්ධයෙන් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමට නියමිත හෙයින්, නොදන්නා කාරණයක් ගැන පිළිතුරුදීමට ඇති අපහසුතාවය මත ඇමතිවරයා අද දිනයේ පාර්ලිමේන්තු නොයාමට තීන්දුකර තිබුන ද සවස 2.00 වන විට පාර්ලිමේන්තුව වෙත යන්නැයි ජනාධිපතිවරයා ගෙන් අද දහවල් නියෝගයක් ලැබී ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 VIyathmaga 
වියත්මග ආරම්භක සාමාජිකයින් (නාලක ගොඩහේවා ගේ FB පිටුවෙන්)
 
 
සරත් වීරසේකර යනු ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කරලියට කැඳවා ගෙන ආ 'වියත්මග' සංවිධානයේ ආරම්භක සාමාජිකකි. 
 
වියත්මග සංවිධානයේ නායකත්වය හා සභාපතිත්වයට ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කිරීම සිදුවුයේ 2016 පෙබරවාරි 4 නිදහස් දිනය දාය. 'වියත්මග' සංවිධානයේ ආරම්භය ලෙස එදින සැලකේ.
 
මහින්ද රාජපක්ෂ ද සහභාගී වී සිටි එම අවස්ථාව සනිටුහන් කරමින් 'වියත්මග' ආරම්භක සාමාජිකයින් කිහිප දෙනෙකු ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී ගනු සමුහ ජායරුපයක් ආචාර්ය නාලක ගොඩහේවා විසින් ඔහුගේ FB පිටුවේ පළකර ඇත්තේ, ''වියත්මග ආරම්භක සාමාජිකයන් 12 දෙනා සමග කියාය.
 
ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කිරීම සඳහා මෙන්ම ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා වියත්මග සංවිධානය මතවාදීමය වශයෙන් විශාල කාර්ය භාරයක් ඉටුකලද එම සංවිධානයේ කිසිවකුට හෝ මහ මැතිවරණයෙන් පසු පත්කළ කැබිනට් මණ්ඩලයේ අසුනක් හිමිනොවිය.
 
 
බැසිල්ගේ කැපිල්ලක් ද?
 
 
පසුගිය මහ මැතිවරණයෙදී  පොහොට්ටුවෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කල සරත් වීරසේකර, ජනප්‍රිය දේශපාලනඥයෙකු වන විමල් විරවංශ දෙවැනි තැනට පත්කරමින් මනාප ඡන්ද 3,28,000 කට වැඩි ප්‍රමාණයක් ලබාගත අතර එම මනාප ඡන්ද සංඛ්‍යාව දෙවැනි වුයේ මහින්ද රාජපක්ෂට පමණි.
 
කෙසේවුවද ජනාධිපතිවරයා විසින් ඔහුට පොලිසිය බාර අමාත්‍යධුර ලබාදුන්නේ පසුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේ දිය. 
 
 
මේ සම්බන්ධයෙන් අපවෙත අදහස් දැක්වූ සරත් වීරසේකර අමාත්‍යවරයාගේ සමීප හිතවතකු පැවසුයේ, සරත් විරසේකරට පොලිසිය බාරදීම ම ඔහුගේ ජනප්‍රියත්වය බිඳ දැමීමට සිදුකල කුමන්ත්‍රණයක් ලෙස සැලකිය හැකිබවයි. 
 
 
මිට ඉහත දී බොහෝ අවස්ථාවල දී පොලිසිය බාර අමාත්‍ය ධුරය ලබා දී ඇත්තේ, ඡන්දයක් දිනා පාර්ලිමේන්තුවට ආ නොහැකි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුට බව පැවසු ඇමති හිතවතා තවදුරටත් කියා සිටියේ, පොලිය බාර ඇමතිධුරය යනු කිසිවිටෙක හොඳක් ඇසීමට නොලැබෙන ඇමතිකමක් බවයි.  
 
පසුගිය පාලන සමයේ එම අමාත්‍ය ධුරය දරු ජෝන් අමරතුංග, සාගල රත්නායක මෙවර පාර්ලිමේන්තුව අහිමිවූ බවත් රන්ජිත් මද්දුම බණ්ඩාර ඡන්දයට ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පත්වූ බවත් ඔහු පැහැදිලි කළේය.
 
ජනතා අප්‍රසාදය කෙසේවෙතත්, සරත් වීරසේකර අමාත්‍යවරයාට එරෙහිව මේවනවිට ජාත්‍යන්තර වශයෙන් ද බරපතල චෝදනා එල්ලවෙමින් තිබේ. ඒ පොලිසියට යටතේ සිටි සැකකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙනි. ඇමතිවරයාගේ දියනිකයක් මේවනවිට ජිවත් වන්නේ විදෙස් හිය. ඇය මේවනවිට දිවයිනට පැමිණ සිටියි.
 

 
 
THE LEADER TV 
 
ඩෙල්ටා' මරු කටේ, සීමා ඉවත් කලේ ඇයි?
 
 
කොතලාවල' යටගහන්න අගමැති දුන්න ගේම ! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිස් ඇමති කනස්සල්ලෙන් : ජනාධිපතිගෙන් නියෝගයක් ! | The Leader