The Leader News
BREAKING
Top Ad
Gossip

කැබිනට් සංශෝධනයක් ! -සෞඛ්‍ය ඇමැතිධුරයේ වෙනසක් !!

T

The Leader Desk

August 10, 2021 • 10:52 AM

කැබිනට් සංශෝධනයක් ! -සෞඛ්‍ය ඇමැතිධුරයේ වෙනසක් !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා විසින් ඊයේ (09) පෙරවරුවේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් කිරීමට නියමිතව තිබුනද හදිසි තත්ත්වයක් හේතුවෙන් එය අවලංගු
  •   සරත් වීරසේකරගේ අමාත්‍ය ධුරය වෙනස් කරන බවක් මිට ඉහත දී වාර්තවුවද ඊයේ සිදුකිරීමට නියමිතව තිබු ලයිස්තුවේ ඔහුගේ නම ඇතුලත්ව නොතිබුන බවද කියවේ.
  •   මෙම කැබිනට් සංශෝධනය කල්දමා ඇත්තේ කෝවිඩ් වසංගත තත්වය තුල පුද්ගල හමුවීම් සීමාකරන ලෙස ජනාධිපතිවරයාට ලැබී ඇති විශේෂඥ උපදෙස්මත බවද පැවසේ.
  •   ඊයේ කැබිනට් රැස්වීම ද සුම් තාක්ෂනය ඔස්සේ පැවැත්වීමට තීන්දුකර ඇත්තේ ඒ අනුවබව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
කිරීමට තීන්දු කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
එම කැබිනට් සංශෝධනයට අනුව මහාචාර්ය ජී. එල්. පීරිස් විදේශ අමාත්‍ය ධුරයටත්, දිනේෂ් ගුණවර්ධන උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයටත්,  ප්‍රසන්න රණතුංග අධ්‍යාපන අමාත්‍ය ධුරයටත්, පවිත්‍රා වන්නිආරච්චි විදුලිබල අමාත්‍ය ධුරයටත්,  වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍ය ධුරයටත්, කෙහෙළිය රඹුක්වැල්ල වැවිලි කාර්මාන්ත අමාත්‍ය ධුරයටත්, ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය අමාත්‍ය ධුරයටත් පත්කිරීමේ සුදානමක් තිබී ඇතැයි පැවසේ. සංචාරක අමාත්‍ය ධුර ගැන සඳහනක් නොමැත. 
 
උසස් අධ්‍යාපනය ද ඇතුළුව අධ්‍යාපන අමාත්‍ය ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ නම් යෝජනා වී තිබුනද අධ්‍යාපනය 'පොහොට්ටු' පක්ෂයට හිමිවිය යුතු බවට එම පක්ෂයේ ප්‍රබලයකු සිදුකල බලපෑමක් හේතුවෙන් දිනේෂ් ගුණවර්ධනය උසස් අධ්‍යාපනය පමණක් සිමා වී තිබු බවද පැවසේ.
 
සරත් වීරසේකරගේ අමාත්‍ය ධුරය වෙනස් කරන බවක් මිට ඉහත දී වාර්තවුවද ඊයේ සිදුකිරීමට නියමිතව තිබු ලයිස්තුවේ ඔහුගේ නම ඇතුලත්ව නොතිබුන බවද කියවේ.
 
මෙම කැබිනට් සංශෝධනය කල්දමා ඇත්තේ කෝවිඩ් වසංගත තත්වය තුල පුද්ගල හමුවීම් සීමාකරන ලෙස ජනාධිපතිවරයාට ලැබී ඇති විශේෂඥ උපදෙස්මත බවද පැවසේ.
 
ජනාධිපතිවරයා සහභාගිවන රැස්වීම හා වෙනත් ඕනෑම හමුවීමකට පෙර සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් එසේ හමුවීමට නියමිත පුද්ගලයින් කෝවිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට ලක්කරන බවත්, පෙරේදා සවස එසේ හමුවීමට නියමිතව සිටි නිලධාරීන් 5 දෙනෙකුට කෝවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් වීමත් සමග ජනාධිපතිවරයා පුද්ගලයින් හමුවීම සීමාකර ඇති බවත් වාර්තාවේ.
 
ඊයේ කැබිනට් රැස්වීම ද සුම් තාක්ෂනය ඔස්සේ පැවැත්වීමට තීන්දුකර ඇත්තේ ඒ අනුවබව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 

 
 
 

 THE LEADER TV 

 
නාමල්-නිමාලි ඔලිම්පික් හුටපටය! ඇත්ත කතාව තිත්ත රහට!
 
 
රිෂාඩ් ගේ චැනල් එක බැසිල් අරන් ? නිලේන්ද්‍රත් හවුල් !
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...