The Leader News
BREAKING
Top Ad
Gossip

'මේවා බැසිල්ගේ බොළඳ වැඩ' - අගමැති කියලා !

T

The Leader Desk

August 24, 2021 • 4:55 AM

'මේවා බැසිල්ගේ බොළඳ වැඩ' - අගමැති කියලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • '' මේ සේරම බැසිල්ගේ බොළඳ වැඩ..'' ඊයේ (23) පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමත්‍යවරයකුට
  •   කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූ කැබිනට් පත්‍රීකා සාකච්ජා කර අගමැතිවරයා රැස්වීම අවසන් කිරීමට සුදානම් වූ අවස්ථාවේ දී අදහස් දක්වා ඇති රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා, ''කරුමයයි , උරුමයයි දෙකම මේ ආණ්ඩුවේ තියනවා.
  •   අනතුරුව අදහස් දක්වා ඇති එස්.එම්.
  • චන්ද්‍රසේකර අමාත්‍යවරයා ද රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා කළ ප්‍රකාශය නැවත වරක් පවසමින්, අදාල ඇමතිවරුන් තිදෙනාට අවවාද කරන්නැයි අගමැතිවරයාගෙන් යළිත් වරක් ඉල්ලා ඇතැයි පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):
පවසා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා සහභාගී නොවූ අතර අගමැතිගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවතියේ සුම් තාක්ෂනය ඔස්සේය.
 
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූ කැබිනට් පත්‍රීකා සාකච්ජා කර අගමැතිවරයා රැස්වීම අවසන් කිරීමට සුදානම් වූ අවස්ථාවේ දී අදහස් දක්වා ඇති රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා, ''කරුමයයි , උරුමයයි දෙකම මේ ආණ්ඩුවේ තියනවා.  සමහරු උරුමය විතරක් බාර අරගෙන කරුමය අපේ පිට පටවනවා. '' යයි දෝස්මුරයක් කර ඇතැයි ඉහත ආරංචිමාර්ග තවදුරටත් පවසයි. 
 
පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී නිහඬව සිටි සමහර ඇමතිවරු කැබිනට් තීන්දුවට පිටුපාමින් රටම සති 3කට ලෝක්ඩවුන් කරන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යවමින් එම ලිපිය මාධ්‍ය වෙත නිකුත්කර ඇතැයි චෝදනා කර ඇති රෝහිත ඇමතිවරයා, ඒ සම්බන්ධයෙන් අවවාද කරන්නැයි අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද පැවසේ.
 
අනතුරුව අදහස් දක්වා ඇති එස්.එම්. චන්ද්‍රසේකර අමාත්‍යවරයා ද රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා කළ ප්‍රකාශය නැවත වරක් පවසමින්, අදාල ඇමතිවරුන් තිදෙනාට අවවාද කරන්නැයි අගමැතිවරයාගෙන් යළිත් වරක් ඉල්ලා ඇතැයි පැවසේ.
 
මේ අවස්ථාවේදී විමල් වීරවංශ හෝ වාසුදේව නානායක්කාර හෝ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් අනෙකුත් අමාත්‍යවරුන් විනාඩි කිහිපයක් නිහඬව බලාසිටි බවද වාර්තාවේ .
 
එසේ විනාඩි කිහිපයක් පැවති නිහඬතාවය බිඳිමින්, '' හා හා .. අපි එහෙම කරමු...දැන් නවත්තමු ..'' යයි කියමින් අගමැතිවරයා කැබිනට් මණ්ඩල රැස්වීම අවසන් කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
 
මේ සම්බන්ධයෙන් 'ද ලීඩර්' වෙත අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ, කැබිනට් පත්‍රීකා ගැන තීන්දු තීරණ ගැනීමෙන් පසු විමල් විරවංශ අමාත්‍යවරයා සුම් රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇතිබව පසුව කළ සොයා බැලීමක දී අනාවරණය වූ බවයි.
 
කෙසේවුවද ඊයේ දිනයේ පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් හා අමාත්‍ය ගාමිණී ලොකුගේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා, රට සති 3කට වසා දමන ලෙසට ආණ්ඩුව ඇතුළේ සිටින පක්ෂ 10ක් අස්සන් තැබූ ලිපියක් මාධ්‍යයට නිකුත් කිරීම සම්බන්ධයෙන් විමල් විරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබිය.
 
ඔවුන් දෙදෙනා මෙන්ම ඊයේ කැබිනට් රැස්වීමේදී විමල් පාර්ශවයට එරෙහිව අදහස් දැක්වූ රෝහිත අබේගුණවර්ධන මෙන්ම එස්.එම්. චන්ද්‍රසේන ද දැඩි බැසිල් වාදීන් ලෙස ප්‍රකටය.
 
''මේවා බැසිල්ගේ බොළඳ වැඩ..'' යයි අගමැතිවරයා කැබිනට් රැස්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුට පවසා  ඇතයි කියන්නේ ඒ අනුවය.
 
 

THE LEADER TV 
 
විමල් - ගම්මන්පිල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක : සියල්ල හෙළි වේ.
 

 
ලොක්(කා) ඩවුන් : මහින්ද විමල්ලාට කියපු කතාව ! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...