The Leader News
BREAKING
Top Ad
Gossip

'රහස් ලීක් වෙලා' ! - විදුලිබලේ ඉහල නිලධාරිනියක් දොට්ට ?

T

The Leader Desk

October 3, 2021 • 5:47 AM

'රහස් ලීක් වෙලා'  ! - විදුලිබලේ ඉහල නිලධාරිනියක් දොට්ට ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩොලර් මිලියන 250ක මිලකට අවුරුදු 15ක කාලයක් සඳහා කෙරවළපිටියේ යුගදනවි සමාගමේ කොටස්වලින් 40%ක් නිව් ෆෝට්‍රස් එනර්ජි නම් ඇමරිකා
  • ජයසුන්දරගේ 'හයිය' අතටගෙන තමන්ව කිසිඳු ලෙසකින් මායිම් නොකරන  මෙම නිලධාරිනිය වහාම අමාත්‍යංශයෙන් ඉවත්කරන්නැයි විෂයබාර අමාත්‍යවරයා ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.
  •   එසේම මෙම ගනුදෙනුවට අදාල තොරතුරු විපක්ෂයට ලබාදී ඇත්තේ,  ජනාධිපති කාර්යාලයේ ඉහල නිලධාරියකු විසින් දැයි මුදල් අමාත්‍යවරයා තුළ සැකයක් ද මතුව ඇතැයි ද පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):
එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමකට පැවරීමට අදාල ඇතැම් තොරතුරු විපක්ෂයේ ප්‍රබලයකුට ලබාදී ඇතැයි චෝදනා කරමින් විදුලිබල අමාත්‍යංශයේ ඉහල  නිලධාරිනියකට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් ඇරඹීමේ සුදානමක් පවතින බව මුදල් අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
 
කෙරවළපිටියේ යුගදනවි සමාගමේ කොටස් ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ද නොමග යවා ඇත්තේ ද එම නිලධාරිනිය විසින් බවට මුදල් අමාත්‍යංශයෙන් චෝදනා එල්ල වී ඇතැයි පැවසේ. 
 
මෙම තත්වය තුල මෙම නිලධාරිනිය යහපාලන ආණ්ඩු සමයේ සේවය කල අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 
ජනාධිපති ලේකම් ආචාර්ය පී .බී. ජයසුන්දරගේ 'හයිය' අතටගෙන තමන්ව කිසිඳු ලෙසකින් මායිම් නොකරන  මෙම නිලධාරිනිය වහාම අමාත්‍යංශයෙන් ඉවත්කරන්නැයි විෂයබාර අමාත්‍යවරයා ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.
 
එසේම මෙම ගනුදෙනුවට අදාල තොරතුරු විපක්ෂයට ලබාදී ඇත්තේ,  ජනාධිපති කාර්යාලයේ ඉහල නිලධාරියකු විසින් දැයි මුදල් අමාත්‍යවරයා තුළ සැකයක් ද මතුව ඇතැයි ද පැවසේ. කලක් නාගරික සංවර්ධන අධිකාරියේ ඉහල තනතුරක් දරු මෙම නිලධාරියා ජනාධිපතිවරයා විසින් පසුගියදා විදුලි බල ව්‍යාපෘති සම්බන්ධ උපදේශකයකු ලෙස පත්කර තිබිණ. 
 
 
 

 
THE LEADER TV 
 
අං පාරේ දෙයියංගේ ජාතික ආරක්‍ෂාව ? 
 
 
රොකට් චිචීගේ පුසී හොයමු!
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...