The Leader News
BREAKING
Top Ad
Gossip

'ඡන්දයක් බලාගෙන වැඩ කරන්නේ නැහැ' - ජනපති හැඟීම්බර වේ! - විපක්ෂනායකටත් කතා කරයි !!

T

The Leader Desk

October 6, 2021 • 12:17 PM

'ඡන්දයක් බලාගෙන වැඩ කරන්නේ නැහැ' - ජනපති හැඟීම්බර වේ! -  විපක්ෂනායකටත් කතා කරයි !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන වසර තුන ඇතුලත දී හරි දෙයක් කර ගෙදර ගියත් කමක් නැතැයි ජනාධිපතිවරයා අද (06) පෙරවරුවේ තමන්ගේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් හමුවේ
  • ජයසුන්දර හා ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු ද එම අවස්ථාවට සහභාගී වී ඇත.
  •     ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී රජය ගෙන යන වැඩපිළිවෙළ සහ ඉදිරි ඉලක්ක ගැන විශේෂ අවධානයෙන් අදහස් දක්වා ඇතැයි පැවසේ.
  •      '' මීළග අවුරුදු තුන ඇතුලේ දැඩි තීන්දු තීරණ ගෙන මම හරි දේ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
අතිශයින් හැඟීම්බරව පවසා ඇතැයි ඉතා විස්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
 
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පළමු වරට එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වී,  අනතුරුව සිය පවුලේ ඥාතීන් හමුව යලි දිවයිනට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති කාර්යාලයේ දී ඉහළ නිලධාරීන් සමග අද අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වා තිබේ.
 
සිය කාර්ය මණ්ඩල ප්‍රධානින් දෙදෙනා වන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර හා ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු ද එම අවස්ථාවට සහභාගී වී ඇත.  
 
ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී රජය ගෙන යන වැඩපිළිවෙළ සහ ඉදිරි ඉලක්ක ගැන විශේෂ අවධානයෙන් අදහස් දක්වා ඇතැයි පැවසේ.
 
  
'' මීළග අවුරුදු තුන ඇතුලේ දැඩි තීන්දු තීරණ ගෙන මම හරි දේ කරනවා. කිසිඳු පැකිලීමකින් තොරව. ජනතාව, විවිධ සංවිධාන, මහා සංඝරත්නය බලාපොරොත්තු වුණ කාර්යභාරය දශමයකින්වත් අඩු කිරීමට මම සූදානම් නෑ. මෙතෙක් රජයන් වලින් වුණු අතපසුවීම් වගේම වැරදි නිවැරදි කරන්නත් මම කටයුතු කරනවා. ඡන්දයක් බලාගෙන වැඩ කරන්නේ නැහැ කියන එක මම ජනතාවටත් කියලා තියෙනවා. ඔබ හැමෝමත් දන්නවා” යයි ජනාධිපතිවරයා මෙහිදී පැවසු බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.
 
 
විපක්ෂ නායකට ආරාධනයක් : 
 
 
මෙම සාකච්ඡාව අතරතුර ජනාධිපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දුරකථනයෙන් කතා කල බවද එම නිලධාරියා සඳහන් කළේය. 
 
 “විපක්ෂ නායකතුමා කාබනික පොහොර සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ඔබ විරුද්ධ බව දකින්න තියෙනවා. ඒ ගැන කරන කතාවලින්,  ඔබතුමාගේ ක්‍රියාකාරකම් වලින් ඒ ගැන සමාජයට ඉස්මතු වෙනවා”  යයි ජනාධිපතිවරයා එහිදී විපක්ෂ නායකවරයාට පවසා ඇත. 
 
 “ජනාධිපතිතුමනි, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ එහි නිලධාරීන්ගේ පැත්තෙන් විශාල චෝදනා පත්‍රයක් ඇවිල්ලා තියෙනවා කාබනික වැඩපිළිවෙළ සම්බන්ධයෙන්. ඒ නිසයි අපි අපේ මතය ජනතාව අතරට ගෙනියන්නේ” යයි එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා කියා සිටිබව ජනාධිපති කාර්යාලයේ නිලධාරියා තවදුරටත් පැවසිය. 
 
''ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට කතා කරා. කතා කරලා ඇහුවා “කාබනික පොහොර වැඩේ සම්බන්ධව රිපෝට් එකක් තියෙනවද? එහෙම මොනහාරි ලියවිල්ලක් කුමන ආකාරයකින් හරි ප්‍රසිද්ධ වෙලා තියෙනවා කියලා”
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ජනාධිපතිතුමාව දැනුවත් කළා එහෙම කිසිදු ලියවිල්ලක් නැහැ කියලා.'' එම නිලධාරියා පැවසිය. 
 
නැවතත් ජනාධිපතිවරයා විපක්ෂ නායක වරයාට කතා කළ බවත් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට තමා හමුවන ලෙසවිපක්ෂ නායකවරයාට ආරාධනය කර සිටි බවත් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසුයේ, ජනාධිපතිවරයා ඔහුගේ ඉහලම නිලධාරීන් හමුවේ අද දිනයේ සිදුකර ඇති ප්‍රකාශවලින් ඔහු මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත්වීමේ අදහසකින් සිටින බවට ඉඟි පලවී තිබෙන බවයි. 
 

 

 

 
THE LEADER TV 
 
මම ඕවට නෑ' - චිචී දස අතේ දිවුරයි ! 
 
 
ගුරු සටන ගැන "ස"ට කේළමක් 
 
 
විමල්ට හොඳ වැඩේ 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...