The Leader News
BREAKING
Top Ad
Gossip

කැබිනට් රහස් : බැසිල් නහයෙන් අඬලා !

T

The Leader Desk

October 8, 2021 • 11:23 AM

කැබිනට් රහස් : බැසිල් නහයෙන් අඬලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂ කැබිනට් සාකච්ඡාව ඊයේ (07) පටන් ගත්තේ සවස 5.30ට. මේ කැබිනට් සාකච්ඡාව පැය එකමාරක කාලයකට සැලසුම් කරලා තිබුනත්, පැය 4කට
  • ඒ ජයග්‍රහණය ඇතුලේ තිබුණේ මේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තු.
  •   නව සාමාන්‍යකරණයට හුරු වෙමින් අපි සියලු අභියෝග මැඩ පවත්වාගෙන ඉස්සරහට යන්න ඕන.    පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති.
  • ඇමතිවරු හැටියට ඔය අයගෙනුත් අඩුපාඩු සිදු වෙන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
වැඩි කාලයක් පැවැත්වුනා. ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ කතාවක් කළා කියල තමයි ආරංචි වෙන්නේ. 
 
“ජනාධිපතිවරණයෙන් අපි විශාල ජයග්‍රහණයක් ලැබුවා. ඒ ජයග්‍රහණය ඇතුලේ තිබුණේ මේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තු. නමුත් කොවිඩ් වංසගතය නිසා අපි ඉලක්ක කරගත් ඒ බලාපොරොත්තු ඉදිරියට සම්පූර්ණ වශයෙන් ගෙනියන්න බැරි වුණා. සුළු වශයෙන් අපිට අරමුණු කරා ළගා වෙන්න පුළුවන් වුණේ. සමස්ත රජයක් කළ යුතු වැඩ කොටසක් සුළු පිරිසක් එක්ක තමයි කොවිඩ් නිසා ඉටු කරන්න සිද්ධ වුණේ. නමුත් දැන් තත්ත්වය වෙනස්.
 
නව සාමාන්‍යකරණයට හුරු වෙමින් අපි සියලු අභියෝග මැඩ පවත්වාගෙන ඉස්සරහට යන්න ඕන. 
 
පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමතිවරු හැටියට ඔය අයගෙනුත් අඩුපාඩු සිදු වෙන්න ඇති. අපි ඒ පිළිබඳව ස්වයං විවේචනයක් සහිතව ඉස්සරහට යමු. යම් යම් අනවබෝධයන් තුළින් වුණු අඩුපාඩු මඟහැර ගත යුතුයි. එකතු වෙලා වැඩ කරමු දැන්. එක අධිෂ්ඨානයකින් එක ශක්තියකින් අපිට වැඩ කරන්න පුළුවන්. පසුගිය කාලය දෙස බලලා අඩුපාඩු හදාගෙන ඉදිරියට යෑම ඉතා වැදගත්. 
 
ඉදිරි අවුරුදු 3 ජනතාව දුන්න ජනවරම දෙස වගේම ජනතාවට අපි දුන් බලාපොරොත්තු ඉතා නිවැරදිව ඉලක්ක සහගතව පෙරට ගන්න ඕන”. ජනාධිපතිතුමා එක දිගට කියාගෙන ගිහින්. 
 
ජනාධිපතිතුමාගේ මේ දේශනය සියලු දෙනා දැඩි උනන්දුවකින් අහගෙන ඉඳලා. ඇමති මණ්ඩලයම සංවේදී වෙලා. 
 
ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා කතාව පටන් අරන්.
 
 
“ජනාධිපතිතුමනි, ඇමතිවරුනි, අපෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඒ නිසා හිත් රිදවීම් වෙන්න ඇති. ජනාධිපතිතුමා කිව්වා වගේ අපි ඒ සියල්ල අමතක කරලා එක කණ්ඩායමක් හැටියට ඉස්සරහට යන්න අපිට පුළුවන්. පොදුජන පෙරමුණ මේ ආණ්ඩුව හදන්න ප්‍රමුඛ කාර්යයක් කළා. නමුත් ඒ සියල්ල එක අරමුණක් වෙනුවෙන් බව අපි හැමෝම දන්නවා. 
 
දේදුන්නක් වුණත් ලස්සන වෙන්නේ පාට පාට එක් වුණාම. ඒ නිසා අපි හැමෝම එකාවන්ව ඉස්සරහට ගිහින් ආණ්ඩුව ගැන ජනාධිපතිතුමා ගැන යම් හෝ කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් බලාපොරොත්තු අතහැර ගෙන තිබුණානම් එය අපි නිවැරදි කරමු”.
 
 
ඊටපස්සේ කතාකරලා තියන්නේ විමල් වීරවංශ ඇමතිතුමා.  
 
“ඔව් ජනාධිපතිතුමනි, අපෙනුත් වැරදි අඩුපාඩු වෙන්න ඇති. කොවිඩ් වසංගතය සහ පැවති තත්ත්වයන් එක්ක හැමෝම හිටියේ කලබල වෙලා. අපි ඒවා නිවැරදි කරගමු. සාමූහිකව මේ ගමන ගියොත් අපේ කකුලෙන් අදින්න කකුල් මාට්ටු දාන්න කිසි කෙනෙකුට හැකි වෙන්නේ නෑ. අපි එක්ව ජයගමු. මේක අපි හැමෝම හදපු ආණ්ඩුව. ඒ නිසා අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ ආණ්ඩුව රැකගන්න. ඒ වගේම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න”.
 
ඊට පස්සේ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා වගේම  මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමාත් කියලා තියන්නේ , අද කැබිනට් සාකච්ඡාව ඉතා හොඳ තැනකට ආපු බව.  සම්පූර්ණ ජවයෙන් ඉදිරි අවුරුදු තුන වැඩ කරලා ආණ්ඩුවත් ජනතාවත් ආරක්ෂා කරන වැඩපිළිවෙළකට යමු කියලා ඒ දෙන්නත් කියල.
 
අධිෂ්ඨානශීලිව රටත් ජනතාවක් දිනන ගමන ආරම්භ කරමු කියලා සියලු දෙනා ඒකමතික අදහසකට ඇවිත් සතුටින් විසිර ගිහින් . 
 
මේ කතාව මෙඝා ටෙලියක අපිසොඩ් එකක් නම් නෙමෙයි. ඊයේ කැබිනට් එකේ සිදුවුනැයි කියන කතාබහක්.  
 

THE LEADER TV 
 
ලොකුගේ වාසු කැබිනට්ටුවේ ඇරගනී! 
 
 
කුරුණෑගලටත් අබ සරණයි 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...