The Leader News
BREAKING
Top Ad
Gossip

පොලිස් ඇමතිගේ ගෝලයෙක් උතුරේ රත්තරන් ගොඩ අරන් !

T

The Leader Desk

November 29, 2021 • 11:14 AM

පොලිස් ඇමතිගේ ගෝලයෙක් උතුරේ රත්තරන් ගොඩ අරන් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් ඇමතිගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පොලොව යට වලලා තිබු රත්තරන් තොගයක් පසුගියදා හොර
  • එම ආරංචිමාර්ග වලට අනුව, පසුගියදා පොලිස් අමාත්‍යංශය වෙත පැමිණ ඇති පුසාරිවරයෙක් එල්.ටි.ටි.ඊ.
  • සංවිධානය ක්‍රියාකාරිව පැවති සමයේ සඟවා ඇති රත්තරන් තොගයක් ගැන අමාත්‍යංශ බලධාරීන් දැනුවත්කර ඇත.
  • ඒ අනුව ඒ ගැන සොයා බැලීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගන්නැයි බලධාරියා විසින් අදාල නිලධාරියකුට උපදෙස් දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

රහසේම ගොඩදාගෙන ඇතැයි රාවයක් පැතිරයමින් තිබේ.

එම ආරංචිමාර්ග වලට අනුව, පසුගියදා පොලිස් අමාත්‍යංශය වෙත පැමිණ ඇති පුසාරිවරයෙක් එල්.ටි.ටි.ඊ. සංවිධානය ක්‍රියාකාරිව පැවති සමයේ සඟවා ඇති රත්තරන් තොගයක් ගැන අමාත්‍යංශ බලධාරීන් දැනුවත්කර ඇත. ඒ අනුව ඒ ගැන සොයා බැලීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගන්නැයි බලධාරියා විසින් අදාල නිලධාරියකුට උපදෙස් දී ඇත.

එම කතාබහට සවන් දෙමින් සිටි ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු වහාම ක්‍රියාත්මක වී කඩවත ප්‍රදේශයේ ආයතනයකින් පොලව ගර්භයේ ඇති දෑ හඳුනා ගැනීමට යොදා ගන්නා ස්කෑන් යන්ත්‍රයක් හා එහි සේවකයින් කිහිප දෙනෙකු සමග පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයට ගොස් ඇති බවත්, එහි පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී අදාල කටයුත්ත සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇති බවත් කියැවේ.

අදාල අමාත්‍යංශ නිලධාරියා මෙම මෙහෙයුමට හිටපු පොලිස්පතිවරයකුගේ සොයුරකුද, උතුරේ ඇමැතිවරයකුගේ හිතවතකුද සහභාගී කරවාගෙන ඇති බවද පැවසේ.  හිටපු පොලිස්පතිවරයාගේ සොයුරා පුදුකුඩුඉරිප්පු පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිගේ සමිතතම මිතුරෙකි.

පොලොව පිරිස්සන ස්කෑන් සේවකයින් නවාතැන් ගෙන ඇත්තේ පුදුකුඩුඉරිප්පු පොලිසිය අසල පිහිටි 'රජ' හෝටලයකය. ඒ නොවැම්බර් 07 වෙනිදාය.

මේ පිළිබඳව සැක කර ඇති පොලිස් ස්ථානාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පොලිස් ඇමතිගේ සමීපතම ඥාතියකු වන ASP වරයකුට දැනුම් දී ඇති බවත් ඒ අවස්ථාවේදී වහාම සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි ASP දැනුම්දී ඇති බවත් පැවසේ.

ඒ අනුව වැඩේ අතහැර දැමු බව පවසමින් ස්කෑන් යන්ත්‍ර ක්‍රියාකරුවන්ට වහාම ප්‍රදේශයෙන් ඉවත්කිරීමට ඇමති ලේකම් කටයුතු කර තිබු බව වාර්තාවේ.

 කෙසේවුවද ඒවනවිටත් ස්කන් යන්ත්‍රවලින් රත්තන් තිබෙන ස්ථානය සොයාගෙන තිබී ඇතැයි පැවසේ.

අදාල රත්තරන් ගොඩගෙන ඇත්තේ කඩවතීන් පැමිණි සේවකයින් ප්‍රදේශයෙන් පිටත්කර යැවීමෙන් පසු වෙනත් කණ්ඩායමක් විසිනි.  ඒ නොවැම්බර් 10 දාය.

වාර්තාවන අන්දමට රත්තරන් කිලෝ 13ක් ගොඩට ගෙන ඇති අතර ඒවා බෙදා ගත් අකාරය නම් මෙතෙක් හරිහැටි වාර්තා වී නොමැත.

මේ සම්බන්ධයෙන් ඉහල නිලධාරියකු පොලිස් ඇමතිවරයා දැනුවත් කර ඇතත් ඔහුගේ නිහැඬියාව සැකයට කරුණක් බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. සිද්ධියට අදාල සැකකාර නිලධාරියා අද දිනද සේවයට වාර්තා කර සුපුරුදු පරිදි රාජකාරි කටයුතු වල දී සිටියි.


උතුරේ විශේෂ රාජකාරි බාර ලේකම් !


අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සැකකාර නිලධාරියාට උතුරු නැගෙනහිර පොලිස් ස්ථානාධිපතිවරුන් සමග සමීප ගනුදෙනුවක් ඇත්තේ පොලිස් ඇමතිවරයා විසින් ඊට අදාල මුලික වගකිමක්  ඔහු වෙත පවරා තිබීම නිසා බව අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

පසුගියදා පොලිසියේ 232 දෙදෙනෙකුට සහකාර පොලිස් අධිකාරී ලෙස උසස්වීම් හිමිවූ අතර එම තත්ත්වය තුල ප්‍රදේශ ගණනාවක පොලිස් ස්ථානාධිපති පුරප්පාඩු ඇතිවිය. එසේ පුරප්පාඩු පිරවීමේදී අදාල පොලිස් බලප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ බලධාරියට ඊට සුදුස්සකු නම් කිරීමේ බලය ජනාධිපතිවරයා විසින් පවරා තිබු අතර ඒ අනුව දකුණේ පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සිදුවිය.

එහිදී උතුරු නැගෙනහිර පොලිස් ස්ථානවලට සුදුසු පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ වගකීම පවරා තිබී ඇත්තේ, පුදුකුඩුඉරිප්පු රත්තරන් සිද්ධියට සම්බන්ධ යයි සලකෙරෙන අමාත්‍ය කාර්යමණ්ඩල නිලධාරී වෙතය.



පිළිතුරුදීමේ අයිතිය :


theleader.lkහි පලවී ඇති වාර්තාවකින් යම් පාර්ශවකයට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු දීමට ඇති අයිතිය අප පිළිගන්නා තර ඊට නිසි ප්‍රචාරයක් ලබාදීමටද සහතික වෙමු.

සංස්කාරක:
විද්‍යුත් ලිපිනය leadernews.lk@gmail.com


THE  LEADER  TV



අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

 

සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන

 



සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිස් ඇමතිගේ ගෝලයෙක් උතුරේ රත්තරන් ගොඩ අරන් ! | The Leader