The Leader News
BREAKING
Top Ad
Gossip

පොහොට්ටු මීටිමෙන් අගමැති මිසිං!

T

The Leader Desk

December 7, 2021 • 6:37 AM

පොහොට්ටු මීටිමෙන් අගමැති මිසිං!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වෙනිදා අරලිය ගහ මැඳුරේදී පැවති 'පොහොට්ටු' පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් සිමා වූ විශේෂ
  • සවස 6ට පමණ අරලිය ගහ මන්දිරයේදී ආරම්භ වූ සාකච්ජාව මධ්‍යම රාත්‍රිය දක්වාම පැවැත්වී ඇති අතර අගමැතිවරයා විසින් පැමිණ සිටි සියලුම දෙනාට ඉස්තරම් ම මධුවිත මග රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීමට කටයුතු කර තිබිණ.
  • ඒ අනුව 'පොහොට්ටු' පක්ෂයේ මැති ඇමතිවරුන් රැස්වීමෙන් අනතුරුව අගමැතිවරයා සමග වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සුහඳ කතාබහ නිරතවීමේ අදහසින් එම රැස්වීමට සහභාගී වී ඇතත් අගමැතිවරයා දක්නට නොවුයෙන් සියලු දෙනා ඒ පිළිබඳව විමසිලිමත්ව ඇත.
  • මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද අගමැති ආරක්ෂකයින් ගෙන් ඒ පිළිබඳව විමසීමක් කර ඇතත් අගමැතිවරයා අරලියගහ මන්දිරයෙන් පිටවගිය බව පමණක් දැනගන්නට ලැබී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

රැස්වීම අතරතුරේ අගමැතිවරයා හිටිහැටියේ අතුරුදන්වීමේ පුවතක් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඉන්දීය සංචාරය නිමා කරමින් යලි දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයා, එම රැස්වීමට ආරාධනා කර තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණකි.

සවස 6ට පමණ අරලිය ගහ මන්දිරයේදී ආරම්භ වූ සාකච්ජාව මධ්‍යම රාත්‍රිය දක්වාම පැවැත්වී ඇති අතර අගමැතිවරයා විසින් පැමිණ සිටි සියලුම දෙනාට ඉස්තරම් ම මධුවිත මග රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනැමීමට කටයුතු කර තිබිණ.

ඒ අනුව 'පොහොට්ටු' පක්ෂයේ මැති ඇමතිවරුන් රැස්වීමෙන් අනතුරුව අගමැතිවරයා සමග වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සුහඳ කතාබහ නිරතවීමේ අදහසින් එම රැස්වීමට සහභාගී වී ඇතත් අගමැතිවරයා දක්නට නොවුයෙන් සියලු දෙනා ඒ පිළිබඳව විමසිලිමත්ව ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද අගමැති ආරක්ෂකයින් ගෙන් ඒ පිළිබඳව විමසීමක් කර ඇතත් අගමැතිවරයා අරලියගහ මන්දිරයෙන් පිටවගිය බව පමණක් දැනගන්නට ලැබී තිබේ.

සියලුදෙනා කලබලයට පත්ව සොයා බැලීමේදී වාර්තාවී ඇත්තේ අගමැතිවරයා සිය මස්සිනා ගේ උපන්දින සාදයක පවුලේ සාමාජිකයින් සමග සහභාගී වී සිටින බවයි. ශිරන්ති රාජපක්ෂගේ සොයුරු නිශාන්ත වික්‍රමසිංහ ගේ එම උපන්දින සාදය කොළඹ හිල්ටන් හෝටලයේ පැවති බව වාර්තාවේ.

තම එම උත්සවයේ සිටින බව කිසිවකුට නොපවසන ලෙස අගමැතිවරයා ඔහුගේ ආරක්ෂක බලධාරීන්ට උපදෙස් තිබු බවද පැවසේ.



සබැඳි පුවත් :


පොහොට්ටුව තනිවම රැස්වෙයි:  බැසිල් 'රිවස්'!


THE  LEADER  TV
 


ප්‍රවේශම්වන්න, ගහපු විදිහ හොයන්න බැරිවෙන්න ගහපු අය පිටියට? | මොණරවිලගේ ලියමන
 


මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොහොට්ටු මීටිමෙන් අගමැති මිසිං! | The Leader