The Leader News
BREAKING
Top Ad
Gossip

පී.බී. ට නෙලපු බන්දුලට අගමැති කියපු කතාව !

T

The Leader Desk

December 10, 2021 • 6:37 AM

පී.බී. ට නෙලපු බන්දුලට අගමැති කියපු කතාව !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය දා කැබිනට් මණ්ඩල රැස්වීම පටන් ගැනීමට පෙරාතුව ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකා වලට අත්සන් යොදමින් ඉන්න අතරතුර එතැනට ආපු චමල්
  • අවුරුදු 20ක් තිස්සෙ රටේ පත් වෙන හැම ආණ්ඩුවකටම සම්බන්ධ වෙවී මේ ජනාධිපති ලේකම්වරයා කරන වැඩ නිසා රටටත් ආණ්ඩුවටත් බැනුම් ඇසීමට සිදු වී තිබෙනවා කියමින් තමයි චමල් ඇමතිතුමා පී.බී.ට දොස් කියල තිබුනේ.
  • ''විවිධ බාහිර පාර්ශ්ව විසින් මෙන්ම නිලධාරීන් විසින් ඔවුන්ගේ කතිපයාධිකාරය භාවිතා කරමින් දේශපාලකයන්ට විවිධ අදහස් ඉදිරිපත් කරමින් රජයේ යහපත් වෑයම කඩාකප්පල් කරමින් පවතින බවක් පේනවා.
  • නමුත් මෙරට අපනයන සංවර්ධනය සඳහා වසර ගණනාවක් තුළ විවිධ ව්‍යෘපෘති දියත් කිරීමේ ක්‍රමවේද ඇති කිරීමට මෙම නිලධාරීන් ඉඩ දී නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමතිතුමා පී.බී ජයසුන්දර ජනාධිපති ලේකම්ට දොස් කිව්වා කියන කතාව දැන් හැමෝම දන්න දෙයක්.

අවුරුදු 20ක් තිස්සෙ රටේ පත් වෙන හැම ආණ්ඩුවකටම සම්බන්ධ වෙවී මේ ජනාධිපති ලේකම්වරයා කරන වැඩ නිසා රටටත් ආණ්ඩුවටත් බැනුම් ඇසීමට සිදු වී තිබෙනවා කියමින් තමයි චමල් ඇමතිතුමා පී.බී.ට දොස් කියල තිබුනේ.

මේ අතරතුරේ වෙළෙඳ අමාත්‍යාංශ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට බඳුන් වුණ අයවැය විවාදයේ දී ඇමති බන්දුල නොකියා කියපු කතාවක් ගැන දේශපාලන ක්ෂේත්‍රයේ හැමෝන්ගෙම වගේ අවධානය යොමු වෙලා.

බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කිව්වේ මෙහෙම.

''විවිධ බාහිර පාර්ශ්ව විසින් මෙන්ම නිලධාරීන් විසින් ඔවුන්ගේ කතිපයාධිකාරය භාවිතා කරමින් දේශපාලකයන්ට විවිධ අදහස් ඉදිරිපත් කරමින් රජයේ යහපත් වෑයම කඩාකප්පල් කරමින් පවතින බවක් පේනවා. එය එසේ විය යුතු නැහැ.

උදාහරණයක් වශයෙන් ගතහොත් මෙරට අපනයන විෂය භාර වී තිබෙන්නේ මටයි. නමුත් මෙරට අපනයන සංවර්ධනය සඳහා වසර ගණනාවක් තුළ විවිධ ව්‍යෘපෘති දියත් කිරීමේ ක්‍රමවේද ඇති කිරීමට මෙම නිලධාරීන් ඉඩ දී නැහැ. වසර 28කට පසුව මා විසින් අපනයන සංවර්ධන අමාත්‍ය සභාව අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. නමුත් නැවත රැස්වීම සඳහා නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ.

මෙරට අපනයන සංවර්ධනය හරියට කළා නම් ඩොලර් හිඟයක් කිසිසේත් ඇතිවන්නේ නැහැ. ඩොලර් සම්බන්ධ ගැටළුව විසඳිය හැකි මෙම රැස්වීම කැඳවන්නට ඉඩ නොදී කටයුතු කරන්නේ සෑම නායකයකුම වට කරගනු ලබන සමහර නිලධාරීන් විසින්. යහපාලන ආණ්ඩුවට මෙම නිලධාරීන් කිව්වේ මොකක්ද? මහින්ද රාජපක්ෂ රජයේ ණය ගෙවාගන්නට බැරි වීම තුළ රට හදන්න බෑ. නමුත් යහපාලන රජය කාලයේ ලෝක බොරතෙල් මිළ අඩු වීම පවා යහපාලන රජයෙන් සැඟවීමට මෙවැනි නිලධාරීන් කටයුතු කළා.

 

පැහැදිලිවම පෙනී යන්නේ මේ රටේ සමස්ත දේශපාලන නායකත්වය සහ පාර්ලිමේන්තුව හැසිරවිමට මුදල් අමාත්‍යාංශයෙත් මහබැංකුවෙත් ඉන්න පිරිසක් කටයුතු කරමින් පවතින බවයි. මේ විදියට රටක් ගොඩනඟන්නේ කොහොමද? බන්දුල ඇමතිතුමා අහනවා.

 

පසුගිය කාලයේ ලංකා සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ අලාභ ගැන හිටපු අමාත්‍යවරයා දන්නවාද දන්නේ නැහැ. මේ වැනි මහා පරිමාණ අලාභයක් වන තුරුම අධ්‍යක්ෂ මණ්ඩලය බලාගෙන හිටියද? මුදල් අමාත්‍යාංශයේ පවා නියෝජිතයෙකු මෙහි සිටියදී මෙවැනි අලාභ වුණා නම් තවදුරටත් ඒ නිලධාරීන් මේ තනතුරු වල ඉන්න එක තේරුමක් තිබෙනවාද?

හොරුන් අල්ලන්නට එන කෙනා හොරා බවට පත් කර මේ නිලධාරීන් කටයුතු කරනවා. වැරැද්දක් කරපු මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම්, පොලිස්පතිටත් දෙවැනි වතාවටත් යොමු කළ පැමිණිලි විභාග නොවන්නේ නම්, මේ උත්තරීතර සභාවේ යහපත් තීන්දු තීරණ ගැන පක්ෂ විපක්ෂ බෙදී හැප්පෙන සංස්කෘතිය වෙනස් නොකරන්නේ නම්  මේ රට ගොඩනගන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඇති වෙනවා.

මේ නිසා ඇත්ත මත පදනම් වෙලා මේ උත්තරීතර සභාව තුළදි කටයුතු කර මේ රට ගොඩනැඟීමට දායක විය යුතුයි කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා"

 

 

බන්දුල ඇමතිතුමා පාර්ලිමේන්තුවේ දී මේ විදියට කරපු කතාව අගමැතිතුමා පාර්ලිමේන්තුවේ අගමැති නිල කාමරයේ ඉඳගෙන හොඳට අහගෙන ඉඳලා.  ඇමතිතුමාගේ කතාව ඉවරවෙච්ච ගමන් අගමැති තුමාගේ කාර්යාලෙන් පාර්ලිමේන්තුවේ හිටපු ඇමති බන්දුලගේ ලේකම්ට දුරකථන ඇමතුමක්, බන්දුල ඇමතිතුමාට අගමැතිතුමාගේ නිල කාමරයට එන්න කියල දැනුම් දීමක්.  ඒ අනුව පාර්ලිමේන්තු සභා ගර්භයෙන් එළියට ආපු ඇමති බන්දුල අගමැතිතුමා කෙලින්ම ගිහින් තියන්නේ අගමැතිතුමාව හම්බ වෙන්න.  

 

''බන්දුල ඇමතිතුමා නියම කතාවක්නෙ අද කළේ.. '' කියමින් අගමැතිතුමා බන්දුලගේ පිටට තට්ටුවක් දාලා.

"අගමැතිතුමනි, රටේ තියෙන හැම ප්‍රශ්නෙටම වගකියන්න ඕනෙ නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඒ නිලධාරීන් හැම ආණ්ඩුවකටම සම්බන්ධ වෙලා පසුගිය ආණ්ඩු වල වැරදි අඩුපාඩු කියමින් සෑම ආණ්ඩුවක්ම නොමඟ යවනවා. යහපාලන ආණ්ඩුවටත් වුණේ මේකමයි. දැන් අපේ ආණ්ඩුවටත් වෙමින් තිබෙන්නේ ඒකමයි. ඒ නිසා මෙවැනි දේ ගැන අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ග ගත යුතු වනවා." බන්දුල ඇමතිතුමා, අගමැතිතුමාට කියල.. 

 
 
THE  LEADER  TV
 
 
 
 

ජනාධිපතිගෙන් බන්දුලට කණේ පාරක්!   

 

 

ජනමතය බල්ලට තීන්දු අපේ කැමැත්තට! | මොණරවිලගේ ලියමන 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පී.බී. ට නෙලපු බන්දුලට අගමැති කියපු කතාව ! | The Leader