The Leader News
BREAKING
Top Ad
Gossip

රට ගිය ජනාධිපති හැරුන තැපෑලෙන් මෙරටට ! - බැසිල් ගෙදර යයි ද ?

T

The Leader Desk

December 14, 2021 • 12:28 PM

රට ගිය ජනාධිපති හැරුන තැපෑලෙන් මෙරටට ! - බැසිල් ගෙදර යයි ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා දිවයිනෙන් බැහැරව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (14) යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ආණ්ඩුවේ
  • දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබුනේ දෙසැම්බර් 16 වෙනිදා පැවසේ.
  •   එහෙත් ආණ්ඩුව තුල මතුව ඇතැයි කියන බරපතල අර්බුදකාරී තත්ත්වයක් තුල ජනාධිපතිවරයා වහාම යලි දිවයිනට පැමිණීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
  • ඒ අතර ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාකර ඇත්තේ ජනාධිපතිවරයාගේ සමීපතම ආශ්‍රීතයකුට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් ජනාධිපතිවරයා සිය සංචාර කාලසටහන වෙනස් කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබුනේ දෙසැම්බර් 16 වෙනිදා පැවසේ.  

එහෙත් ආණ්ඩුව තුල මතුව ඇතැයි කියන බරපතල අර්බුදකාරී තත්ත්වයක් තුල ජනාධිපතිවරයා වහාම යලි දිවයිනට පැමිණීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ඒ අතර ඇතැම් සමාජ මාධ්‍ය වාර්තාකර ඇත්තේ ජනාධිපතිවරයාගේ සමීපතම ආශ්‍රීතයකුට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් ජනාධිපතිවරයා සිය සංචාර කාලසටහන වෙනස් කර ඇති බවයි.

එහෙත් ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසුයේ ජනාධිපතිවරයා කලින් යොදාගත් දින වකවානු වල යලි දිවයිනට පැමිණීමට නියමිත බවයි. පැතිර යන කටකතා අසත්‍ය බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


බැසිල් ගෙදර යන කතාවක් !


එසේම තහවුරු නොකළ ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද රාත්‍රී සිය ගම්බිම් බලා පිටත්ව යාමට නියමිත බවයි. කෙසේවුවද ඒ සම්බන්ධයෙන් නෙලුම් මාවත කාර්යාලයේ ප්‍රධානියකු ගෙන් කළ  විමසීමක දී ඔහු පැවසුයේ බැසිල් රජාපක්ෂ අමාත්‍යවරයා අද රාත්‍රී ඇමරිකාව බලා පිටත්වීමට යන බවට පැතිරයන කටකතා වල සත්‍යතාවයක් නොමැති බවයි.

ජනාධිපතිවරයා විසින් සිය විදෙස් සංචාරයට පෙර පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම මෙන්ම ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඉවත් කිරීමේ මෙහෙයුම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුල බරපතල මතගැටුම් හටගෙන තිබේ.


පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම ගැටලු සහගතයි'

 

අනුර ප්‍රියදර්ශන යාපා

 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා පවසන්නේ, සාමකාමී වාතාවරණයක් පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම ගැටළු සහගත බවයි.

පාර්ලිමේන්තුවක සැසිවාර මෙයට පෙර අවසන් කරනු ලැබුවේ අසාමාන්‍ය තත්වයක් ඇතිවූ අවස්ථාවන්හිදී බවද හෙතෙම සඳහන් කරයි.

යාපා මහතා මෙසේ පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සම්බන්ධයෙන් lankadeepa.lk' කළ විමසුමකදීය.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන්වීමත් සමග එහි සියලු කමිටුද අහෝසි වන හෙයින් ඒවා අලුතින් පිහිටුවීමට සිදුවන බවත් එම කමිටු හරහා කරගෙන ආ වැඩපිළිවෙළේ රිද්මයට ඒවා අලුතින් පිහිටුවීමේදී පැහැදිලිවම බාධා මතුවන බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

ඕනෑම රටක විධායක බලය ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලව ක්‍රියාත්මක විය යුතු බවද අනුර ප්‍රියදර්ශන යාපා අවධාරණය කර සිටියි.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව බලය තිබුණද එය ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැනවින් සිතා බලමින් බව පවසන මන්ත්‍රීවරයා,  අතීතයේ ජනතාව මෙන් නොව විසි එක් වෙනි ශත වර්ෂයේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සිතන පතන ආකාරය  මෙන්ම කියවීම සාපේක්ෂව වෙනස් බවද සඳහන් කරයි.

අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා නව වැනි පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.


සබැඳි පුවත් :

චරිත හේරත් කෝප් කමිටුවෙන් දොට්ට ! -පාර්ලිමේන්තුව කල් තබා ගැසට් පත්‍රයක්

BOI ලොක්කන්ට ගෙදර යන්න වුන හේතුව !

 

Leader Whats app

 

 
 
 
 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

  

පොලිස් සරා ගැන අවසන් තීරණය !| මොණරවිලගේ ලියමන
 



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...