The Leader News
BREAKING
Top Ad
Gossip

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් අන්ඩ් ට්‍රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

T

The Leader Desk

December 27, 2021 • 7:52 AM

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් අන්ඩ් ට්‍රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගමැති මහින්ද රාජපක්ෂගේ තිරුපති වන්දනා සංචාරය සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයක් මතු ඇති අතර එහි අලුත්ම
  • පහුගිය 23 වැනිදා අගමැතිවරයා වන්දනාවේ ගියේ උගන්ඩාවෙන් ගෙන්වන ලද පුද්ගලික ජෙට් යානයකින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
  • ඔහු විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් සඳහන් කලේ, රටේ මිනිසුන්ට වාහන වෙනුවට පයින් යෑම සඳහා යෝජනා කරද්දී, තුන්වේල වෙනුවට දේවෙලක් කන්න යෝජනා කරද්දී පුද්ගලික සංචාරයක් සඳහා අගමැතිවරයා මෙපමණ මුදලක් ඩොලර්වලින් වියදම් කරන්නේ කෙසේද යන්නය.
  • මිට සමානම ජෙට් එකක් පහුගිය 16 දා රත්මලාන ගුවන්තොටුපලට ආවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මාතෘකාව  වී ඇත්තේ, එම සංචාරයට යොදාගත් නිල පැහැති පෞද්ගලික ජෙට් යානය කාගේද කියන කාරණය පිළිබඳවයි.

පහුගිය 23 වැනිදා අගමැතිවරයා වන්දනාවේ ගියේ උගන්ඩාවෙන් ගෙන්වන ලද පුද්ගලික ජෙට් යානයකින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් සඳහන් කලේ, රටේ මිනිසුන්ට වාහන වෙනුවට පයින් යෑම සඳහා යෝජනා කරද්දී, තුන්වේල වෙනුවට දේවෙලක් කන්න යෝජනා කරද්දී පුද්ගලික සංචාරයක් සඳහා අගමැතිවරයා මෙපමණ මුදලක් ඩොලර්වලින් වියදම් කරන්නේ කෙසේද යන්නය.

 

''අගමැතිවරයාගේ දේව භක්තිය හෝ වන්දනාව පිළිබඳ තමන්ට ප්‍රශ්නයක් නොමැති නමුත් රට මේසා බරපතල අවුලකට ගොස් ඇති අවස්ථාවක තමන්ගේ පුද්ගලික ධනයෙන් වියදම් කරන්නට රුපියල්වලින් පඩි ගන්නා අගමැතිවරයා ඩොලර් උපයා ගත්තේ කෙසේදැයි පැහැදිලි කළ යුතු බව'' පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

 

පුබුදු ජයගොඩ මෙසේ ද පැවසිය.

''මේක අගමැතිවරයාගේ පුද්ගලික සංචාරයක් නම්  එම ගමන සිදුකළේ සාමාන්‍ය ගුවන්සේවයක ගුවන් යානයකින් නම් ඒක වෙන කතාවක්. නමුත් අගමැතිවරයා තිරුපති ගියේ පුද්ගලික ජෙට් යානයකින්. මේ රූපවාහිනී නාලිකාවල  දකිනකොට පෙන්වන්නෙ එය නිල් පාට ජෙට් එකක්. ඒක පුද්ගලික ගුවන් යානයක් විදිහට අගමැතිවරයාව තිරුපති වෙත අරගෙන ගියෙ.

මිට සමානම ජෙට් එකක් පහුගිය 16 දා රත්මලාන ගුවන්තොටුපලට ආවා. ගුවන්තොටුපල නිල ෆේස් බුක් පිටුවෙ දානවා 16 උගන්ඩාවෙ ඉඳලා තමයි මේ ගුවන් යානය එන්නේ කියලා. නිල ෆේස් බුක් ගිණුමේ සඳහන් කරන්නෙ පුද්ගලික ගුවන් යානයක් ආවා. මේවා නිතර නිතර දක්නට ලැබෙන එක හොඳ දෙයක් කියලා. දකින අයට හිතෙන්නේ දැන් ඩොලර් අර්බුදයට යහපතක් වෙනවා වගේ  අදහසක්. අපට හිතෙන්නේ උගන්ඩාවෙ ඉඳන් ජෙට් අරගෙන පිරිසක් ලංකාවට ආවා වගේ හැඟීමක්. දැන් රටට ඩොලර් එනවා ඇති වගේ හැඟීමක්.

ඒත් ඊට සතියකට පස්සේ අගමැතිතුමා මේ ජාතියම ජෙට් එකකින් තිරුපති යනවා. මේක පුද්ගලික ජෙට් එකක් කිව්වට මේක කාගෙද?  හිමිකාරිත්වය කාගෙද?


මේ පුද්ගලික ජෙට් එක කාගේද ?




අගමැතිවරයා දෙවියො ඇදහීම ප්‍රශ්නයක් නොවෙයි. ඔහු සාමාන්‍ය ගුවන් ගමනක් නොගිහින් ඉතාම මිල අධික පුද්ගලික ගුවන් යානයක් භාවිත කළේ ඇයි?. අහසේ අවකාශයට ඒ තරම් මුදලක් විදයදම් කළේ ඇයි.  ඒ මුදල ඔහු වැය කරන්නෙ ඔහුගෙ පුද්ගලික මුදලින් ද?.  පුද්ගලික මුදලින් වැය කරන්න ඔහු  ඩොලර් උපයාගෙන තියනව ද?.

සමහර අපනයන ආනයන ව්‍යාපාරවල යෙදිලා ඉන්න අය පුද්ගලික ජෙට් යානා පාවිච්චි කරනවා. ඔවුන් වැය කරන්නෙ ඔවුන් උපයා ගත්තු ඩොලර්.  අගමැතිවරයාට පඩි ගෙවන්නෙ ඩොලර් වලින් නොවෙයි. රුපියල්වලින්. එහෙනම් අගමැතිවරයා පාවිච්චි කරන්නෙ මොන ඩොලර් ද?.

 


IMG 20211227 125136

සියලු වියදම් පෞද්ගලික වියදමින් - අගමැති මාධ්‍ය ලේකම්


අග්‍රාමාත්‍යවරයාගේ තිරුපති සංචාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇති අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පවසන්නේ,  මෙම පෞද්ගලික සංචාරය සඳහා අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය මුදල් භාවිතයට ගෙන නොමැති අතර සියලු වියදම් පෞද්ගලිකව දරා තිබෙන බවයි.

ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 24දා උදෑසන තිරුපති දේවාලයට ගොස් එහි ආගමික වතාවත්වල නිරත වූ බවත්, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූ බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස වෙනුවෙන් තිරුපති දේවාලයේ විශේෂ ආශිර්වාද පූජාවක් පැවති බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් කියා සිටියි.

මාධ් ය නිවේදන අංක 623 page 0001

 
 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 

බුද්ධි අංශ ඔත්තුවක් නිසා තිරුපතිට විශේෂ ආක්‍ෂාවක් ! |මොණරවිලගේ ලියමන

 

 

අයියෝ සීයාට ගොඩාක් අමාරුද? | මොණරවිලගේ ලියමන

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...