The Leader News
BREAKING
Top Ad
Gossip

කැබිනට් කුට්ටම අනන්න බැසිල් එයි !

T

The Leader Desk

December 30, 2021 • 3:48 PM

කැබිනට් කුට්ටම අනන්න බැසිල් එයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නත්තල් නිවාඩුව ගතකිරීමට ඇමරිකාවට ගොස් පවුලේ සාමාජිකයින් සමග විනෝදයෙන් කල්ගත කළ මුදල් අමාත්‍යවරයා
  • එම ආරංචිමාර්ග වලට අනුව මුදල් අමාත්‍යවරයා යලි මෙරටට පැමිණීම සඳහා අද (30) ඇමරිකානු වේලාවෙන් පස්වරු 3.00ට පමණ එරටින් පිටත්වීමට නියමිතය.
  • ජනාධිපතිවරයා විසින් ජනවාරි 18 දා පාර්ලිමේන්තුව යලි විවෘත කිරීමට පෙර කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බවත් බොහෝවිට ජනවාරි 14 දා එය සිදුවනු ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
  • මෙවර කැබිනට් සංශෝධනයේදී උදය ගම්මන්පිලගේ අමාත්‍ය ධුරයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දිවයිනට පැමිණි වහාම කැබිනට් මණ්ඩල සංශෝධනයට අදාල කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග වලට අනුව මුදල් අමාත්‍යවරයා යලි මෙරටට පැමිණීම සඳහා අද (30) ඇමරිකානු වේලාවෙන් පස්වරු 3.00ට පමණ එරටින් පිටත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ජනවාරි 18 දා පාර්ලිමේන්තුව යලි විවෘත කිරීමට පෙර කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බවත් බොහෝවිට ජනවාරි 14 දා එය සිදුවනු ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මෙවර කැබිනට් සංශෝධනයේදී උදය ගම්මන්පිලගේ අමාත්‍ය ධුරයේ වෙනසක් අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි පැවසේ.



මෙවර අයවැයෙන් අමාත්‍යංශවලට මුදල් වෙන් කිරීමේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ අමාත්‍යංශයට කුඩම්මාගේ සැලකිලි දක්වා එම අමාත්‍ය ධුරය නමට පමණක් සිමා කර ඇතැයි අගමැතිවරයාගෙන් මුදල් අමාත්‍යවරයාට එල්ලවී ඇති චෝදනා හමුවේ, නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට තරුණ කටයුතු හා ක්‍රීඩා කටයුතු වලට අතිරේකව ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය ධුරයද එක්කරනු ඇතැයි පැවසේ. ඔහු දැනට ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.



2024 ජනාධිපතිවරණයේ අපේක්‍ෂකත්ව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ සමග සිතල යුද්දයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙවර අයවැයේදී අමාත්‍යංශ සඳහා මුදල් වෙන් කිරීමේදී නාමල් රාජපක්ෂගේ අමාත්‍යංශයට මිට ඉහත වසරේ දී වෙන් කර තිබු මුදලින් සියයට 60කටත් වැඩි ප්‍රමාණයක් කප්පාදු කර ඇතයි රාජපක්ෂ පවුලෙන්  මැසිවිලි නැගෙමින් පවතී.

 

 

 

Leader Whats app

 
 
 
 
ඇත්තටම The Leader 
 
 
 

රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන 

 

රාජපක්ෂ ප්‍රයිවෙට් ටුවර් ඇන්ඩ්ට්‍ රැවල්ස් ප්‍රයිවෙට් ජෙට් !

සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...