The Leader News
BREAKING
Top Ad
Gossip

අගමැති මහින්ද, සුසිල්ට 'සොරි' කියයි - ලන්සා ගෙන් බුරියානි පාටියක් !

T

The Leader Desk

January 5, 2022 • 7:06 AM

අගමැති මහින්ද, සුසිල්ට 'සොරි' කියයි - ලන්සා ගෙන් බුරියානි පාටියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයාට ඊයේ (04) දුරකථන ඇමතුමක් ලබාදී ඇති අගමැති මහින්ද රාජපක්ෂ, සිද්ධිය
  • '' යයි පවසා ඇති අගමැතිවරයා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග තමන්ට 2005 දී ජනාධිපති අපේක්ෂකත්වය නොදීමට තීරණය කර තිබියදී අපේක්ෂකත්වය ලබා ගැනීමට සන්ධානයේ මහ ලේකම් ලෙස දුන් සහය අමතක නැතැයි ද පවසා ඇතැයි වාර්තාවේ.
  • '' යයි සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා එහිදී අගමැතිවරයාට පැවසු බවද ඉහත ආරංචිමාර්ග තවදුරටත් කියා සිටියි.
  • වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ඊයේ කටයුතු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් තමන්ගේ කනස්සල්ල පළකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

'' ඔබතුමාව ඇමතිකමෙන් අයින් කරලා කියල මම දැනගත්තේ දැන් . ශිරන්ති කිව්වේ. '' යයි පවසා ඇති අගමැතිවරයා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග තමන්ට 2005 දී ජනාධිපති අපේක්ෂකත්වය නොදීමට තීරණය කර තිබියදී අපේක්ෂකත්වය ලබා ගැනීමට සන්ධානයේ මහ ලේකම් ලෙස දුන් සහය අමතක නැතැයි ද පවසා ඇතැයි වාර්තාවේ.

'' මට කවදාවත් ඔබතුමා එක්ක ගැටළුවක් තිබුනේ නැහැ. මාව අස්කළ එකට ඔබතුමා සම්බන්ධ නැහැ කියල මම හොඳටම දන්නවා. '' යයි සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා එහිදී අගමැතිවරයාට පැවසු බවද ඉහත ආරංචිමාර්ග තවදුරටත් කියා සිටියි.

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ඊයේ කටයුතු කළේය.


නිමල් ලන්සා ගේ බුරියානි සංග්‍රහය !



මේ අතර ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසන්නේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා විසින් ඊයේ (04) රාත්‍රී සුසිල් ප්‍රේම ජයන්ත මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉන්දියන් බුරියානි  සංග්‍රහයක් පැවැත්වූ බවයි. ඒ, කොළඹ රාමාඩා හෝටලය තුලදී ය.

ඒ සම්බන්ධයෙන් 'ද ලීඩර්' කල විමසීමේදී නිමල් ලන්සා ඇමතිවරයා පැවසුයේ, තමා ලක්ෂ්මන් යාපා අබේවර්ධන හිටපු අමාත්‍යවරයා හා නලින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සමග රාත්‍රී භෝජනය ගැනීම සඳහා රාමාඩා හෝටලය ගිය අවස්ථාවේදී සුසිල් ප්‍රේමජයන්ත හිටපු ඇමතිවරයා ද රාත්‍රී භෝජනය සඳහා එම හෝටලයට පැමිණ සිටි බවයි.

සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වූ බවට පැතිරයන කටකතාවල ඇත්තක් නැතත් සුසිල් ප්‍රේමජයන්ත තමාගේ හිතමිතුරකු බව ද ඔහු පැවසිය. 



රාජපක්ෂලා ලන්සව අස්කරන්නෙ නෑ- හේතුව මෙන්න!
 

හූවෙන් රජ පවුලක් ගෙදර යවන පළමු රට ලංකාවයි! | මොණරවිලගේ ලියමන
 

 
ඇත්තටම සර් මහින්ද හිඟන්නෙක්ද ?| ගොසිප් එක
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...