The Leader News
BREAKING
Top Ad
Gossip

බැසිල්, බන්ධුලගේ එකත් උස්සලා !

T

The Leader Desk

January 19, 2022 • 10:18 AM

බැසිල්, බන්ධුලගේ එකත් උස්සලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන චීන රජයේ නියෝජිතයින් සමග එක්ව සැලසුම් කළ ව්‍යාපෘතියකට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ලකුණු දාගත් සිද්දියක්
  • ඉදිරියේදී බරපතල සහල් හිඟයක් ඇතිවෙතැයි අනුමාන කරන අතර එහිදී චීනයෙන් ආනයනය කරන සහල් 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් හරහා බෙදා හැර දේශපාලනික වශයෙන් ලකුණු දා ගැනීම මුදල් අමාත්‍යවරයාගේ අරමුණ වී ඇතැයි පැවසේ.
  • කෙසේවුවද මුදල් අමාත්‍යවරයාගේ යෝජනාවට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ විරෝධයක මතුව නැතත්, සිද්ධිය දන්නා ඇමතිවරුන් කිහිප දෙනෙකුම කැබිනට් රැස්වීමෙන් පසු ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.
  • එහිදී හිනාවකින් ප්‍රතිචාර දක්වමින් ඔහු එම ස්ථානයෙන් පිටවයන අවස්ථාවේ, අමාත්‍යවරයා අසලට පැමිණි ඇමතිවරයකු  ''බන්දුල ඇමතිතුමා චීන ආචාර්ය පට්ටමත් පෙන්නලා චීන්නු එක්ක ගොඩ දාගත්තු ප්‍රොජෙට් එක බැසිල් ලොක්කා ඉස්සුවා නේ ?
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

අප්‍රේල් සිංහල- හින්දු උත්සව සමය වෙනුවෙන් චීනයෙන් ආනයනය කිරීමට නියමිත සහල් තොග 'සතොස' හරහා බෙදා හැරීමට විෂය බාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන සැලසුම්කර තිබුනද, එම සහල් තොග ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදාහැරීමට ඊයේ (18) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යෝජනා කර ඇත.

ඉදිරියේදී බරපතල සහල් හිඟයක් ඇතිවෙතැයි අනුමාන කරන අතර එහිදී චීනයෙන් ආනයනය කරන සහල් 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් හරහා බෙදා හැර දේශපාලනික වශයෙන් ලකුණු දා ගැනීම මුදල් අමාත්‍යවරයාගේ අරමුණ වී ඇතැයි පැවසේ.

කෙසේවුවද මුදල් අමාත්‍යවරයාගේ යෝජනාවට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ විරෝධයක මතුව නැතත්, සිද්ධිය දන්නා ඇමතිවරුන් කිහිප දෙනෙකුම කැබිනට් රැස්වීමෙන් පසු ඔහුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇත.

එහිදී හිනාවකින් ප්‍රතිචාර දක්වමින් ඔහු එම ස්ථානයෙන් පිටවයන අවස්ථාවේ, අමාත්‍යවරයා අසලට පැමිණි ඇමතිවරයකු  ''බන්දුල ඇමතිතුමා චීන ආචාර්ය පට්ටමත් පෙන්නලා චීන්නු එක්ක ගොඩ දාගත්තු ප්‍රොජෙට් එක බැසිල් ලොක්කා ඉස්සුවා නේ ? '' යයි පැවසු අවස්ථාවේදී අසලසිටි ඇමතිවරුන්ද සිනාසෙමින් එය  අනුමත කරන ලදැයි වාර්තාවේ.  


චීනයෙන් ලංකාවට මාස පහක් බත් නොමිලේ


අමාත්‍ය බන්දුල ගුණවර්ධන කළ ඉල්ලීමක් අනුව,  චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ.

කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඊයේ ප්‍රකාශ කර තිබිණ.

චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර හැත්තෑවක් සම්පූර්ණ වන මෙම මොහොතේ මෙම සහල් තොගය නොමිලේ ලබා දෙන ලෙස බන්දුල ගුණවර්ධන එරට රජයෙන් ඉල්ලා තිබිණ.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් මිලියන 2.4ක් වන අතර චීනයෙන් මෙසේ නොමිලේ ලබා දෙන ප්‍රමාණය මාස පහක් සදහා ප්‍රමාණවත් බව මුදල් ඇමතිවරයා සඳහන් කර තිබේ. 
 
 

Leader Whats app


 
ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip
 
 
ராஜபக்ச தரப்பை கிலிகொள்ளவைத்த கருத்துக் கணிப்பு |
 

2022 දී හොරුන්ට කෙළවෙයි, මහපුටු හෙළවෙයි .!| මොණරවිලගේ ලියමන
 

විමල්ලා ගෝඨා අත්හරී | Gossip
 

 
සර් ගෑස් මාෆියාව පිටිපස්සේ ඉන්නේ සර්ද?

 
225ටම ඇමතිකම්! | වියත්කතා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...