The Leader News
BREAKING
Top Ad
Gossip

බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ශ්‍රීලංකන් මුල්පුටුවට!

T

The Leader Desk

January 20, 2022 • 4:18 AM

බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ශ්‍රීලංකන් මුල්පුටුවට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රීලංකන් ගුවන්සේවයට පසුගියදා 73 හැවිරිදි රිචඩ් නුටෝල් (Richard Nuttall) නම් විදේශ ජාතිකයකු නව විධායක නිලධාරියා ලෙස
  • බොහෝ විට එය රිචඩ්ට ශ්‍රීලංකන් හිතවතුන්ගෙන් ලැබුණ නත්තල් තෑග්ග වන්නට ඇත.
  • නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කළ රිචඩ් තබා ඇති ඉහළම සේවා වාර්තාව වන්නේ 2011 වසරේ බහරේන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්ව, 2013 මාර්තු මස, ඔහුගේ නායකත්වය යටතේ බහරේන් එයාර් වසා දැමීම හෙවත් වලපල්ලට යැවීමයි.
  • නමුත් වලපල්ලට යමින් තිබෙන ශ්‍රීලංකන් ගුවන්සේවයේ ප්‍රධානියා ලෙස ගල්ෆ් කලාපයේ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබූ බහරේන් ගුවන්සේවය තම නායකත්වය යටතේ වසා දමන තැනට රැගෙන ගිය රිචඩ් කැඳවාගෙන ඒම කූඹි පස්සක මොළයක් තිබෙන පුද්ගලයකු හෝ කරන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

පත්කොට තිබෙනවා. ඔහුගේ වැටුප සියලු පහසුකම්ද සහිතව රුපියල් ලක්ෂ 90ක් බවයි වාර්තා වන්නේ.


හාස්‍ය ජනක සිදුවීම වන්නේ ඔහු බඳවාගෙන ඇත්තේ 2021 නොවැම්බර් 01 වනදා Chief Commercial Officer (CCO) ධූරයට වුවද කිසිදු සේවා ඇගයීමකින් තියා, සේවය කිරීමට පුටුවේ හරි හැටි වාඩි වන්නත් ප්‍රථම යලිත් ජනවාරි 01 වනදා සිට ප්‍රධාන විධායක නිලධාරී ධූරයට (Chief Executive Officer - CEO) පත්කොට තිබීමයි.

බොහෝ විට එය රිචඩ්ට ශ්‍රීලංකන් හිතවතුන්ගෙන් ලැබුණ නත්තල් තෑග්ග වන්නට ඇත.

නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කළ රිචඩ් තබා ඇති ඉහළම සේවා වාර්තාව වන්නේ 2011 වසරේ බහරේන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්ව, 2013 මාර්තු මස, ඔහුගේ නායකත්වය යටතේ බහරේන් එයාර් වසා දැමීම හෙවත් වලපල්ලට යැවීමයි.


Defunct Bahrain Air’s CEO speaks up


විදේශ ජාතිකයින්ට වැටුප් ගෙවිය යුත්තේ ඩොලර් වලිනි. දක්ෂ නිලධාරියකු නම් ඩොලර් තියා යූරෝ, පවුම් ලොරි පිටින් දුන්නද අපිට ගැටළුවක් නොමැත. නමුත් වලපල්ලට යමින් තිබෙන ශ්‍රීලංකන් ගුවන්සේවයේ ප්‍රධානියා ලෙස ගල්ෆ් කලාපයේ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙමින් තිබූ බහරේන් ගුවන්සේවය තම නායකත්වය යටතේ වසා දමන තැනට රැගෙන ගිය රිචඩ් කැඳවාගෙන ඒම කූඹි පස්සක මොළයක් තිබෙන පුද්ගලයකු හෝ කරන්නේ නැත.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා පනතට අනුව නම් විදේශිකයකු ශ්‍රී ලංකාවේ ජාතික ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කිරීම ඉඳුරාම පටහැනිය.

පනත් වල වගන්ති කෙසේ වුවත් ජනතා මුදලින් මාසිකව ලක්ෂ 90ක් (වාර්ෂිකව ලක්ෂ 1,080ක්) නිකරුනේ කාබාසිනියා කරමින් මෙවැනි වයස්ගත, අකාර්යක්ෂම පුද්ගලයින් අධික ණය බරක් යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මුල් පුටුවට පත් කළ පිරිස් ගැන වහාම පරීක්ෂණයක් කළ යුතුය.


ශ්‍රීලංකන්ට මෙවැනි මුදල් කාබාසිනියා කරන පත්කිරීම් වල ප්‍රෞඩ ඉතිහාසයක් ඇත. ඉන් මෑතකම නිදසුන වන්නේ මින් පෙර 2019 දී යහපාලන රජය විසින් Chief Commercial Officer (CCO) ධූරයට පත් කළ ජොෂුවා බුස්ටෝස්ය (Joshua Bustos) ය. ඇමරිකානු සෙබලෙකු ලෙස කටයුතු කර තිබූ නම් ඇෆ්ගන් ගුවන්සේවය බංකොලොත් කිරීමට ඩොලර් මිලියන 11 වංචාවට හවුල් වූ පුද්ගලයාය. දැන් ජෝෂුවා ආගිය අතක් නොමැති අතර ඉන් ශ්‍රීලංකන් ගුවන්සේවයට ලැබුණු තුට්ටුවක ලාභයක්ද නැත. ජෝෂුවා බහිරවයා වෙනුවෙන් පූජා කළ ඩොලර් වලට වගකියන්න කෙනෙක්ද නැත.  



Parliament heats up over SriLankan Airlines CCO appointment


මෙවැනි තනතුරු වලට ශ්‍රී ලංකාවේ සුදුසුකම් සහිත පුද්ගලයින් කෙතරම් සිටියද ඔවුන්ට නිසි තැන ලබානොදීම ගැටළුවකි. රටේ අත්‍යාවශ්‍ය සේවා පවා ඩොලර් නැති කමින් පීඩා විඳිද්දී තඹයක හෝ වටිනාකමක් නොමැති අකාර්යක්ෂම පුද්ගලයකු වෙනුවෙන් ඩොලර් රට පැටවීම කිසිසේත් අනුමත කළ නොහැකිය.  

 

 

 

Leader Whats app


 
 
 
கருத்துக் கணிப்புகளினால் கலவரம்! சிவப்புச் சட்டைக் காரருக்கும் குறி!!
 

සර් මොකක් හරි ගේමක් ගහලා නිමල් සිරිපාල ශ්‍රීලනිප නායකයා කරගන්න බැරිද?
 

මෙලහට වැඩේ ඉවරයි මෙන්න මුං නැත්තං !| මොණරවිලගේ ලියමන
 
 

ආණ්ඩුව දැන්මම ජවිපාවුන්ට බයවෙලා! | Gossip

 
 

 

 


 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බහරේන් ගුවන්සේවය වලපල්ලට යැවූ නිලධාරියා ශ්‍රීලංකන් මුල්පුටුවට! | The Leader