The Leader News
BREAKING
Top Ad
Gossip

ෆොන්සේකා මැයි රැළිය වේදිකාවේදී හරින්ගේ සරම කඩන්න ගිහින් !

T

The Leader Desk

May 1, 2022 • 4:38 PM

ෆොන්සේකා මැයි රැළිය වේදිකාවේදී හරින්ගේ සරම කඩන්න ගිහින් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමගි ජන බලවේගය විසින් අද (01) කොළඹ නිදහස් චතුරශ්‍රයේ සංවිධානය කර තිබු මැයි දින රැළියේදී
  • සජබ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි දෙදෙනා අතර ගැටුමට මුල්ව ඇත්තේ, රැළියේ කථික ලයිස්තුවේ අනුපිලිවෙල සම්බන්ධයෙන් මතුවූ අර්බුදයකි.
  • '' හරින් ප්‍රනාන්දු විමසා ඇත.
  • ''නැ මට පෙන්නනවා කො '' කියමින් කථික ලැයිස්තුව උදුරා ගෙන ඇති ෆොන්සේකා, ''කව්ද අයිසේ මේ ලැයිස්තුව හැදුවේ..මම මේ පක්සේ දෙවනියා.
අකුරු ප්‍රමාණය (Font Size):

හරින් ප්‍රනාන්දු සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.

එහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පරුෂ වචනයෙන් බැනවදිමින් හරින් ප්‍රනාන්දුගේ සරම කඩා දැමීමට ද උත්සහ කර තිබේ.

සජබ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි දෙදෙනා අතර ගැටුමට මුල්ව ඇත්තේ, රැළියේ කථික ලයිස්තුවේ අනුපිලිවෙල සම්බන්ධයෙන් මතුවූ අර්බුදයකි.

මහනුවර සිට කොළඹ දක්වා සිදුකල පා ගමනේ මෙන්ම මෙම මැයි දින රැලියේද ප්‍රධාන සංවිධායකයකු වූ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තම අසුන අසලට කැඳවා ඇති ෆොන්සේකා මන්ත්‍රීවරයා, ''ඔය කොලේ දෙනවා මෙහාට...'' යයි කියමින් හරින් ප්‍රනාන්දු අත තිබු කොලය අදින්නට උත්සහකර ඇත.

''ඇයි මොකටද ? '' හරින් ප්‍රනාන්දු විමසා ඇත.

''නැ මට පෙන්නනවා කො '' කියමින් කථික ලැයිස්තුව උදුරා ගෙන ඇති ෆොන්සේකා, ''කව්ද අයිසේ මේ ලැයිස්තුව හැදුවේ..මම මේ පක්සේ දෙවනියා. ප්‍රෝටකෝල් විදියට නායකයා කතා කරන්න ඉස්සෙල්ල කතාකරන්න ඕන මම..'' යයි සඳහන් කර ඇත.  

එම ලැස්තුවට අනුව සරත් ෆොන්සේකා ගෙන් පසු හරින් ප්‍රනාන්දුගේ නමත්, ඉන් අනතුරුව සජිත් ප්‍රේමදාස ගේ නමත් සඳහන්ව තිබී ඇත.

''කව්ද මේ ලැයිස්තුව හැදුවේ..'' ෆොන්සේකා යළිත් දැඩි අවේගයෙන් යුතුව හරින් ප්‍රනාන්දුගෙන් විමසා සිටි අවස්ථාවේදී, හරින් ප්‍රනාන්දු විසින් සජිත් ප්‍රේමදාස දෙසට ඇඟිල්ල දිගුකර තිබේ.

'' සජිත් ට ඉස්සෙල්ල තමුසේ මගේ නම දන්නවා ..නැත්තන් මම අද කතා කරන්නේ නැ '' ෆොන්සේකා මන්ත්‍රීවරයා හරින් මන්ත්‍රීවරයාට විධානය කර ඇත.

'' තමුසේ කව්ද ඕයි  මට ඕඩස් දෙන්න . කැ _ පොන්නයා මට තමුසේ එච්චර ලොක්කෙක් නෙමෙයි ..'' යයි හරින් මන්ත්‍රීවරයාද දැඩි ආවේගයකින් යුතුව  ප්‍රකාශකර ඇති අතර බල්ලා, බුරුවා ආදී ලෙසින් සත්තුන්ගේ නම් කියමින් දෙදෙනා බහින්බස් වූ අවස්ථාවේදී මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා වහාම එතනට පැමිණ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එතනින් ඉවතට ගෙන යාමට කටයුතු කර ඇත.

 හරින් මන්ත්‍රීවරයාගේ සරම කඩා දැමීමට ෆොන්සේකා මන්ත්‍රීවරයා උත්සහ කර ඇත්තේ එම අවස්ථාවේදීය.

අනතුරුව සජබ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීම මත හරින් ප්‍රනාන්දු ජනතාව උපරිමයෙන් සිටින අවස්ථාවේ වේලාසනින් ම ජන රැළිය අමතා ඇති අතර ෆොන්සේකා ජනරැලිය ඇමතීමෙන් පසු ආචාර්ය හර්ෂ ද සිල්වාට රැලිය ඇමතීමට ආරාධනා කර තිබිණ.  

සජිත් ප්‍රේමදාස රැලිය ඇමතුයේ හර්ෂ ද සිල්වා ගෙන් පසුවය. ෆොන්සේකා මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ද සංවිධායකයින් වෙත දෝෂාරෝපණය කර තිබිණ.

 

ගැටුමෙන් පසු රැලිය ඇමතු හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, '' අපි නාකි චණ්ඩින්ට බය නෑ ..'' යයි ෆොන්සේකා මන්ත්‍රීවරයා දෙස බලමින් පැවසු අතර ෆොන්සේකා මන්ත්‍රීවරයා ඊට ප්‍රතිචාර දක්වමින් සිය කතාවේදී කියා සිටියේ, CID යාමට බියෙන් බොරු ලෙඩ අරගෙන රෝහල්ගතවන මැති ඇමතිවරුන්ට තමා ආරක්ෂක ඇමති වූ පසු කිසිඳු බුරුලක් නොලැබෙන බවකි.

 


තමා ජනාධිපති වූ විට සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් කරන බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පසුගිය 28 දා ගල්ගමුවේදී  ප්‍රකාශකළේය. ''.. චූදිතයින් අධිකරණය අභියසට රැගෙන ගොස් දඬුවම් පැමිණවීමේ වගකීම්සහගත බලය, තිස් වසරක යුද්ධය නිමා කළ සරත් ෆොන්සේකා මහතාට පවරන බව'' ද විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

අද දිනයේ මැයි රැළි වේදිකාවේදී හරින් ප්‍රනාන්දු හා සරත් ෆොන්සේකා අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සජබ මන්ත්‍රීවරයකු පැවසුයේ, එය ගම්පහ දිස්ත්‍රීක්කයේ මනාප ප්‍රශ්නයක් බවයි.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගම්පහ දිස්ත්‍රීක්කයේ සංවිධායකවරයකු පත්කල දවසේ සිටම ගම්පහ දිස්ත්‍රීක් මන්ත්‍රී සරත් ෆොන්සේකා අමනාපයෙන් සිටින බව කියා සිටි එම මන්ත්‍රීවරයා, කැලණියේ පාගමන අවසන් වන අවස්ථාවට පවා ෆොන්සේකා සහභාගී නොවූ බව වැඩිදුරටත් කියා සිටියේය. 

 

 


ෆොන්සේකා, හරින්ට බැනපු කතාව බොරු !



මෙම ගැටුම සම්බන්ධයෙන් කළ විමසීමකදී සරත් ෆොන්සේකාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසුයේ ෆොන්සේකා මන්ත්‍රීවරයා හරින් ප්‍රනාන්දුට බැන වැදුන බවට සමාජ මාධ්‍යවල පලවී ඇති වාර්තා අසත්‍ය බවයි. කථික ලැයිස්තුව ඉල්ලා සිටි අවස්ථාවේදී බැනවදි ඇත්තේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා බවත් එම ප්‍රකාශකය සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මෙම ගැටුම සම්බන්ධයෙන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයට දොස් පවරා ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...