The Leader News
BREAKING
Top Ad
Gossip

සජිත්ට ආණ්ඩුව බාර ගන්නැයි ජනපතිගෙන් ආරාධනයක් !

T

The Leader Desk

May 7, 2022 • 12:04 PM

 සජිත්ට ආණ්ඩුව බාර ගන්නැයි ජනපතිගෙන් ආරාධනයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගමැති මහින්ද රාජපක්ෂ එළැඹෙන සඳුදා, ඒ කියන්නේ මැයි (09) , ඉල්ලා අස්වීමෙන් පසු, ආණ්ඩුව බාර ගන්න කියලා , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ආරාධනා කිරීමට , ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්
  • විපක්ෂ නායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහොත්, අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරීම ලු, ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වෙලා තියන්නේ..
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති මන්දිරයේ ඊයේ  (06) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමක් තිබුනා.
  •  රට තුළ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදයත්, ජනතාවගෙන් එල්ල වී ඇති දැඩි විරෝධයත් හමුවේ, රටේ ආර්ථිකය පවත්වා ගෙන යාම, බරපතළ ගැටලුවක් වෙලා තියනවා කියලා, එතනදි  ජනාධිපතිතුමා කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):

සිටින බව, ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරනවා.

විපක්ෂ නායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහොත්, අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරීම ලු, ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වෙලා තියන්නේ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති මන්දිරයේ ඊයේ  (06) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමක් තිබුනා.

 රට තුළ ඇතිව තිබෙන ආර්ථික හා දේශපාලන අර්බුදයත්, ජනතාවගෙන් එල්ල වී ඇති දැඩි විරෝධයත් හමුවේ, රටේ ආර්ථිකය පවත්වා ගෙන යාම, බරපතළ ගැටලුවක් වෙලා තියනවා කියලා, එතනදි  ජනාධිපතිතුමා කියලා.

අර්බුදකාරි තත්වය හමුවේ, සංචාරකයන් නොඑන බවත්, කර්මාන්ත ශාලා පවා වැසීමෙන්, බරපතළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙන බවත්, ජනාධිපතිතුමා කිව්වා කියලා ආරංචි යි.

ඔය කතා ටික කිව්වට පස්සෙලු,  අලුත් කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට ඉල්ලා අස්වෙන්න කියලා  ජනාධිපතිවරයා ඉල්ලීම කරේ.

කොහොම නමුත් අගමැති මහින්ද රාජපක්ෂ ඒ ඉල්ලීමට දැඩි විරෝධයක් පළකරලා.


''හැම ආණ්ඩුවකටම විරෝධතාවලට මුනදෙන්න වෙනවා. ඒවාට බයේ පැනලා යන්න බෑ.. නායකයෙක් වුනාම ඒවාට මුනදෙන්න ඕන .. ඔබතුමාට තියෙන බලය ප්‍රමාණවත් නෑ  කියලා කියපුවාම , අපි 20 ව්‍යවස්ථා සංශෝධනේ ගෙනත් , උපරිම විධායක බලතල ලබා දුන්නා. අගමැති විදියට මම පහුගිය කාලේ, කිසිම වැඩකට අතගහන්න අවේ නෑ .. සියලු තීන්දු තීරණ ගත්තේ ඔබතුමා. ඒ නිසා ඔය විරෝධතාවලට බයේ අපි  පැනලා යනඑක වැරදියි..''

ඔන්න ඔහොම  එක දිගට කියාගෙන,  අගමැති මහින්ද සැර සද්දයක් දැම්මා කියලා තමයි ආරංචි ය.

මහින්ද එහෙම ලොකු කතාවක් කියාගෙන යද්දී, ඇමතිවරු කීප දෙනෙක්ම ජනාධිපති ගෝඨා ගේ සපෝට් එකට කරුණු දක්වලා.

'' මේ වෙලාවේ අපි සේරම අයින් වෙන්න ඕන. එතකොට ජනාධිපති  තුමාට පුළුවන් හරි හමන් තීන්දුවක් ගන්න. ''

 එහෙම කියල තියන්නේ, ප්‍රසන්න රණතුංග , නාලක ගොඩහේවා, රමේෂ් පතිරණ , චන්න ජයසුමන වගේ ඇමතිවරු කීපදෙනෙක්..

ඒ වෙලාවේදී අගමැති මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියල තියන්නේ, අර්බුදයට විසඳුම තමා ඉල්ලා අස්වීම නම්, අගමැති  ධුරයෙන් අස්වෙලා විපක්ෂයට යන්න සුදානම් කියලා.

කොහොම හරි අන්තිමේදී ලබන සඳුදා වෙනකොට, ඉල්ලා අස්වීමේ ලියුම එවන්න, අගමැති මහින්ද එකඟවෙලා.

ව්‍යවස්ථාවට අනුව අගමති ඉල්ලා අස්වුණා ගමන්, කැබිනට් මණ්ඩලේ ඉබේම අහෝසි වෙනවා.

කොහොම වුනත් අගමැතිතුමා ගත්තු මේ තීරණේ, අගමැතිතුමාගේ නිලධාරී සෙට් එකට, හිතාගන්නවත් බැරි ලු.. . අගමැතිතුමා ඊයේ කැබිනට් එනතුරුම ඉඳලා තියන්නේ, මලාට අගමැතිකම දලානම්, යන්නෙම නෑ  කියන තැනක  ..

ඒ නිසා , කැබිනට් එකේ වෙච්ච දේවල් අගමැතිතුමාගෙන් අහන්නත් කලින්, අගමැති මිඩියා එකෙන් කියල තිබුනේ '' අගමැතිතුමාට අස්වෙන්න කියල ජනාධිපති තුමා කියල නැහැ කියලා. '' ඒකත්, සමහර  නාලිකාවල  බ්‍රේකින් නිව්ස් විදියට ගියා.

කොහොමින් කොහොම හරි , දැන් ජනාධිපතිතුමා සජිත්‍ට කරන ආරාධනය අනුව සජිත් ආණ්ඩුව භාරගනීද ?

 දේශපාලන ෆීල්ඩ් එකේ, ඊයේ රෑ ඉඳල කතාවෙන්නේ ඒ ගැන.. කොහොමටත් විපක්ෂ නායකතුමා මේ   වෙනකොටත් ප්‍රසිද්ධියේ ම කියල තියෙන්නේ , ගෝඨාභය ජනාධිපති කමේ ඉන්නකන් අන්තර්වාර ආණ්ඩුවක තනතුරු ගන්නේ නෑ  කියලා.

ඒ නිසා  සජිත් නම් , ඔය මරාලේ බාරගනී කියල කීයටවත් හිතන්න අමාරුයි..

ඒ කියන්නේ ජනාධිපතිතුමාට දෙකෙන් එකක් තීන්දු කරන්න වෙනවා.. එක්කෝ පොහොට්ටුවේ කට්ටියත් දාගෙන ස්වාධීන සෙට් එකත් එකතුකරගෙන අලුත් අගමැති කෙනෙක් යටතේ  ආණ්ඩුවක් පත්කර ගන්න වෙනවා. නැත්නම්  පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන තැනට, වැඩේ අවුල්කරන්න වෙනවා. මොකද ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට බලයක් නෑ  ..

ඔය දෙකම බැරිනං, ජනාධිපතිට තවත් විකල්ප දෙකක් තියනවා. එකක් තමයි අරගලකරුවන් කියනදේ අහලා ජනාධිපති කමෙන් අස්වෙලා දරු පවුලත් එක්ක ඉන්න බලාගෙන ඇමරිකාවට යනඑක. නැත්නම්  ශාවේන්ද්‍රවත් අල්ලාගෙන හමුදා ආණ්ඩුවක් හදන එක.

හුඟක් දේශපාලන විශ්ලේෂකයෝ කියන්නේ, හමුදා ආණ්ඩුවකට යනඑක, ගෝඨා  කැමතිම විසඳුම වෙන්න පුළුවන් කියලා .

ඔය කතා මොනවා වුණත්, අගමැතිතුමා ඔය දෙනවයි කියන ඉල්ලා අස්වීමේ ලියුම දෙන්න, තව පැය 48කට වැඩිය තියනවා. ඔය කාලෙට ඔය ගත්තයි  කියන තීන්දු තීරණ, තව කීපාරක් රිවස් වෙයිද ?

ඊයේ 6 වතාවක් හොරු ගෝ ගමට  කැරලි මර්දනය දලා  ගැස්සුවා. පොඩි දරුවන් පවා ඒ ප්‍රහාරයට ගොදුරු වුණා .  කොටින්ම කිව්වොත් , මිනිස්සුන්ට කන්න තිබුන කෑම ටිකට, බොන්න තිබුණ වතුර ටික, විශේෂයෙන් ඉලක්ක කරලා පහරදීලා තිබුනා .

ඒ මදිවට දවල්, ගෝල්ෆේස් වල ගෝඨා ගෝ ගම ගැන අධිකරණ තීන්දුවක් ගන්න උත්සාහ කළා. නීතිඥ සංගමයේ මැදිහත්වීම සහ අතිරේක මහේස්ත්‍රාත් ඒ නඩුවෙන් ඉල්ලා අස්වීම නිසා , වැඩේ කල් ගිහින් තියෙන්නේ .

ඒ විතරක් නෙවෙයි , ඊයේ රෑ හිටි හැටියේ හදිසි නීතියත් පනවපු එක. ඒකත් එන පොට හොඳ නෑ කියන්න , හොඳ සිග්නල් එකක්. කොහොමටත් , 'ගෝඨා ගෝ ගමටත් ' වැඩක් දිගෙනම ජනාධිපතිතුමා අලුත් ආණ්ඩුවකට අතගහයි වගේ තමයි පේන්න තියෙන්නේ .

මොකද ඔයාල ඒ ගැන  හිතන්නේ. ඒගැන ඔයාලගේ අදහසුත් කමෙන්ට් විදියට පලකරන්න. මොනවා කලත්, වෙනදාට වඩා මේ දවස් වල  මිටරෙන් ඉන්න.


 

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...