The Leader News
BREAKING
Top Ad
Gossip

පොහොට්ටුවේ පිසාචයින් ලේක්හවුසිය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක!

T

The Leader Desk

November 10, 2022 • 6:31 AM

පොහොට්ටුවේ පිසාචයින් ලේක්හවුසිය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මසකට රුපියල් මිලියන 50 ක පමණ පාඩුවක් ලබමින් සිටි ලේක්හවුස් ආයතනය පසුගිය සැප්තැම්බර් මාසයේ සිට යලි යන්තම් ලාභ ලැබීමට පටන් ගෙන ඇත.
  • හා ජේවීපී වෘත්තීය සමිති සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් බෝනස් ඉල්ලා පාරට බසින ලෙස සේවකයින් උසි ගැන්වීමට කටයුතු කර ඇතැයි හෙළි වේ.
  • මොවුන් සමග සිටි 'අත් දිග බණ්ඩා' නැමැත්තා බීමතින් මේ සියලු කරුණු ලේක්හවුසිය තුල වැමෑරීම නිසා මෙකී කුමන්ත්‍රණය ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.
  • මෙහි සැලැස්ම වී ඇත්තේ පාඩු ලබන කිසිදු රාජ්‍ය ආයතනයක බෝනස් නොගෙවිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තීන්දුවක් ගෙන ඇති අවස්ථාවක ඔහුට එරෙහිව මෙම කැරැල්ල ලේක්හවුසිය තුලින් අරඹා එම රැල්ල සෙසු රාජ්‍ය ආයතනයන්ට ව්‍යාප්ත කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ සමගම ලේක්හවුස් පොහොට්ටුවේ වෘත්තීය සමිතියේ සභාපති හා ලේකම් කුමන්ත්‍රණය දියත් කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.


පසුගිය දිනෙක මේ පිරිස මළ ගෙදරක යන මුවාවෙන් පොහොට්ටු කාර්යාලය වසා දමා මාතර ප්‍රදේශයට ගොස් තිබේ.


එහි සිට දුරකථන මාර්ග ඔස්සේ සජබ , යූ.එන්.පී. හා ජේවීපී වෘත්තීය සමිති සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් බෝනස් ඉල්ලා පාරට බසින ලෙස සේවකයින් උසි ගැන්වීමට කටයුතු කර ඇතැයි හෙළි වේ.


මොවුන් සමග සිටි 'අත් දිග බණ්ඩා' නැමැත්තා බීමතින් මේ සියලු කරුණු ලේක්හවුසිය තුල වැමෑරීම නිසා මෙකී කුමන්ත්‍රණය ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.


මෙහි සැලැස්ම වී ඇත්තේ පාඩු ලබන කිසිදු රාජ්‍ය ආයතනයක බෝනස් නොගෙවිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තීන්දුවක් ගෙන ඇති අවස්ථාවක ඔහුට එරෙහිව මෙම කැරැල්ල ලේක්හවුසිය තුලින් අරඹා එම රැල්ල සෙසු රාජ්‍ය ආයතනයන්ට ව්‍යාප්ත කිරීමයි.


එහෙත් ඔලුව ඔසවමින් තිබෙන ලේක්හවුස් ආයතනයට එරෙහිව තමන්  කුමන්ත්‍රණය නොකරන බවට බහුතරයක් සේවකයින් ප්‍රකාශ කිරීම නිසා මෙම විරෝධතාව ලත් තැනම ලොප් වී තිබේ.


මෙම කුමන්ත්‍රණයට හවුල් එක් පොහොට්ටු වෘත්තීය සමිති නායකයෙක් ලේක්හවුස් ආයතනය සතු පැරණි බස් රථයක් තම බිරිද ගේ පාර්ශ්වයේ ඥාතියකුට විකුණා දැමීම ගැනද දැනට පරීක්ෂණ ඇරැඹී ඇති අතර එම පරීක්ෂණ යටපත් කිරීම ද මෙම ව්‍යාපෘතියේ එක අරමුණක් බව ලේක්හවුස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...