The Leader News
BREAKING
Top Ad
Gossip

පොහොට්ටුව බෙදෙයි! : රනිල්ට කෑල්ලයි- බැසිල්ට කෑල්ලයි !!

T

The Leader Desk

April 13, 2023 • 11:55 AM

පොහොට්ටුව බෙදෙයි! : රනිල්ට කෑල්ලයි- බැසිල්ට කෑල්ලයි !!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන අවුරුද්ද සඳහා සැලසුම් වී ඇති ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග කරනු ඇති බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින්ම ලබා දුන් ප්‍රකාශ මාධ්‍යයේ පලවීමත් සමග පොදුජන පෙරමුණේ අභ්‍යන්තර බෙදීමක් ඇති තිබෙන බව 'ඩේලි මිරර්' වාර්තා කරයි.
  • කෙසේ වෙතත් පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගරවසම් පැවසුවේ, පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට සුදුසුම අපේක්ෂකයා එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බවය.
  • අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් රජයේ විවිධ වගකීම් දරන මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂපාතීව සිටින බවත්, තවත් පිරිසක් බැසිල් රාජපක්ෂ වෙත පක්ෂපාතීව සිටින බවත්ය.
  •  බැසිල් රාජපක්ෂට හිතවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වූ රන්ජිත් බණ්ඩාර පැවසුවේ මෙම උත්සව සමයෙන් අනතුරුව පක්ෂයට නව  නායකත්වයක් එක්වනු ඇති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):



තතු දත් ආරංචි මාර්ගවලට අනුව ජනාධිපතිවරයා ඊලඟ ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට සූදානම් බව ඉඟි කර තිබේ.

එම ඉඟි පලවීමෙන් අනතුරුව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති, පොදු ජන පෙරමුණු මන්ත්‍රී දිළුම් අමුණුගම ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණිය ද ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වූ විට ඔහුට අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණ ලෙස සහයෝගය දක්වන බවයි.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගරවසම් පැවසුවේ, පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට සුදුසුම අපේක්ෂකයා එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බවය.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් රජයේ විවිධ වගකීම් දරන මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂපාතීව සිටින බවත්, තවත් පිරිසක් බැසිල් රාජපක්ෂ වෙත පක්ෂපාතීව සිටින බවත්ය.

 බැසිල් රාජපක්ෂට හිතවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වූ රන්ජිත් බණ්ඩාර පැවසුවේ මෙම උත්සව සමයෙන් අනතුරුව පක්ෂයට නව  නායකත්වයක් එක්වනු ඇති බවය.


(lankasara.com)

.



JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...